Syndicated from lankanewsweb,
නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තමාට දැන් කිසිදු බාධාවක් නොමැති බවත් පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයට අනුමැතිය ලැබී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව තමා දැන් මෙරට පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයෙකු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වත්මන් ආණ්ඩුව විසින් 19 වැනි සංශෝධනය හරහා සිය සොයුරු මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ හැකියාව අහිමි කිරීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ඔහු තමාගෙන් ඉල්ලා සිටි බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ. 19 වැනි සංශෝධනය සිය පවුල ඉලක්ක කර ගනිමින් සිදුකළ සංශෝධනයක් බව පෙන්වා දෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ මෙවැනි සංශෝධනයක් ලොව කිසිදු රටක සම්මත කරගෙන නොමැති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදාල නිල ලේඛනය ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ සමගම ගෝඨාභය 2005 වසරේදී මෙරට පුරවැසිභාවය නැවත ලබාගැනීමට අදාල ලේඛනයක්ද ප්‍රසිද්ධ කර තිබේ.
Presidential Candidate @GotabayaR Dual Citizenship Certificate obtained back in 2005, Certificate of Loss of US Citizenship in 2019.
64 people are talking about this
Comments
Post a Comment