යූඇන්පී කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නොව එ.ජා.පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරන්න -ජාතික හෙළ උරුමය කියයි
Syndicated from lankaenews,
පෙරමුණේ ප්‍රමුඛතාවය එජාපයට තිබෙන බවට විවාදයක් නැතත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ජනපති අපේක්ෂකයා කව්දැයි තෝරනවාට වඩා එ.ජා.පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපති අපේක්ෂකයා තේරීම වඩාත් ප්රජාතන්ත්රවාදී බවත් එය ඉක්මනින් කරන ලෙසත් ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් වරයා අද(21) නිවේදනයක් නිකුත් කර තිබේ. එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
2019 සැප්.21
එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණ මගින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිළිබඳව තවමත් තීරණය කිරීමට අපොහොසත් ව තිබීමත් එසේ ම ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිරී යාමත් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය යේ අවධානය යොමු වී ඇත.
අප මුල පටන් ම දැරූ ස්ථාවරය වූයේ එක්සත් ජාතික පෙරමුණෙහි අපේක්ෂකයා තෝරා ගැනීම මූලධර්ම දෙකක් මත සිදු විය යුතුය යන්නයි. එනම් පළමුව, එය ප්රජාතන්ත්රවාදය ඉහලින් ම සුරක්ෂිත වන පරිද්දෙන් සිදු කළ යුතුය. දෙවනුව, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලූම පක්ෂවල සහභාගීත්වයෙන් එය සිදු විය යුතුය. ඉතා පැහැදිලිව පෙනී යන පරිදි මේ මූලධර්මයන් දෙක ම ආරක්ෂා වන පරිදි අපේක්ෂකයා තෝරා ගැනීමට ඇති හොඳ ම ක්‍රමවේදය වන්නේ එම කටයුත්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම වෙත භාරදීම ය.
එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබා දුන් සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ කැමැත්ත විමසීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බැවින් නියෝජිත ප්රජාතන්ත්රවාදී මූලධර්මයන්ට අනුකූල ව හොඳ ම විකල්පය වන්නේ මහජන නියෝජිතයන්ට එම කටයුත්ත පැවරීම ය. එසේ ම අනෙක් අතට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ, එක්සත් ජාතික පෙරමුණට අයත් සියලූම දේශපාලන පක්ෂ නියෝජනය ද වේ. අපේක්ෂකයා තෝරා ගැනීමට ඇති හොඳ ම ක්‍රමවේදය වන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම යැයි අප ප්‍රකාශ කරන්නේ එබැවිනි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කිරීමේ සූදානමක් පවතින බවට රාවයක් පැතිරෙමින් තිබේ. ඉහත දැක්වූ මූලධර්ම දෙක අපගේ මූලික පදනම වන බැවින් එවැන්නකට එකඟ වීමට අපට නොහැකිය. පළමුව, එම කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂය විනා වෙනත් පක්ෂ නියෝජනය වන්නේ නැත. එක්සත් ජාතික පෙරමුණ තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතාව පිළිබඳව කිසිදු විවාදයක් නැතත්, ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම අනෙකුත් පක්ෂවල ද සහභාගීත්වයෙන් සිදු විය යුතුය යන්න අප මුල සිට ම දැරූ ස්ථාවරය විය.
දෙවනුව, මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලය කොතෙක් දුරට ප්රජාතන්ත්රවාදී ලෙස සකස් වී තිබේ ද යන්න ද සැක සහිත ය. ඒ අනුව අපගේ මතය වන්නේ අපේක්ෂකයා තේරීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නොව එක්සත් ජාතික පෙරමුණෙහි පාර්ලිමේන්තු කණ්ඩායමෙන් සිදු කිරීම වඩා ප්රජාතන්ත්රවාදී බවය.
ඒ අනුව කල් නොයවා පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කරන මෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු එක්සත් ජාතික පෙරමුණෙහි සියලූ නායකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
මාධ්‍ය ප්‍රකාශක/ නියෝජ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය
ජාතික හෙළ උරුමය
Comments
Post a Comment