මුර බල්ලෝ, සොඳුරු බල්ලෝ, කටකලියා බල්ලෝ සහ වනන බල්ලෝ..! තට්ටයන් පිනවන අතේ ගහන මිනීඔළු..! මංගල‌ගෙන් හිරු දෙරණට ‌මෙගා බ්ලාස්ට් වැඩක් (video)

Syndicated from lankaenews,



ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදීන් ලංකාවේ අන්තවාදී සුළු පිරිසක් සමග එක්ව සිදුකළ පාස්කු බෝම්බ ප්‍රහාරය සහ එහි සැබෑ  යතාර්ථය සඟවමින්  ඉන් පසුව අවස්ථාවාදීන් විසින් රට තුල අවුලවන ජාතිවාදයට සහ ආගම්වාදයට එරෙහිව මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා විසින් දැඩි තීන්දුවක් ගෙන තිබේ.
ඒ නම් පාස්කු බෝම්බය, සාක්කු පුරවා ගන්නා ජාවාරමක් මෙන්ම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් කර ගත් ‘දෙරණ’ සහ ‘හිරු’ නමැති ජඩමාධ්‍ය යුගලය සහ තවත්  මුද්‍රිත ජඩමාධ්‍ය කිහිපයකට  මුදල් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් දෙනු ලබන දැන්වීම් වාරණය කිරීමයි. 
බුදුන් වහන්සේ ‘සැප වාදියෙකු’ යැයිද ගංජා සුරුට්ටුවක් ගසා බුදුන් ලැබූ  ‘සැපය’ තමාද විඳින්නෙකු යැයි  ප්‍රසිද්ධියේ කියන, කොටස් වෙළඳ පොළේ දූෂන රාශියකට වගකිව යුතු  ‘සූස්ති දිලිත් ජයවීරට’ අයත් දෙරණ සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන කළු සල්ලි සුදුකර ගැනීම සඳහාම පවත්වාගෙන යන  සිල්වා පවුලේ ‘හිරු’  ජඩමාධ්‍ය යුගලය විසින් පාස්කු බෝම්බයෙන් පසු දිගින් දිගටම කරගෙන යමින් අන්තවාදීන්ට උඩ ගෙඩි දුන් මාධ්‍ය කෙරුවාව, සිද්ධියෙන් සති තුනකට පසු අන්තවාදීන්ගේ උම්මත්තක ප්‍රහාර වලට හේතුකාරණාවක් වූ බව නොරහසකි.

සිරිසේන දෙවන අනතුරත් ගණන් ගත්තේ නෑ... 

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර මේ අන්තවාදයට උඩ ගෙඩි දෙන නාහෙට නාහනා මාධ්‍ය වලට කිසියම් වාරණයක් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර හැරියේ ය. ලංකා ඊ නිව්ස් හෙළි කරන මේ සත්‍යය පිළිබඳ කැබිනට් මණ්ඩලය සාක්කි ය. නාහෙට නාහන විද්‍යුත් මාධ්‍ය තාවකාලික හෝ වාරණයකට ලක් කළ යුතු  නම් ඒ සඳහා බලය තිබෙන විදුලි සංදේශන නියාමන කොමිසම ඇතුලු  ආයතන සියල්ල තිබෙන්නේ ජනාධිපති සිරිසේන සතුව ය.  බෝම්බ ප්‍රහාරයක් සිදුවනවා යැයි ඉන්දියාවෙන්‍ 5 වතාවක්ම අනතුරු අඟවා තිබියදී ඒ සියල්ල බලු ගුදයේ ලා සිංගප්පූරුවේ සැප ගත් සිරිසේන පාස්කු බෝම්බයෙන් පසුව ඇතිවෙමින් පැවැති දෙවන අනතුර වන ජාතිවාදී උම්මත්තක නැගිටීම ද ගණන් නොගෙන සිටි බව පැහැදිලි ය.

අතේ ගසා ගෙන සිටින මිනීඔලු ගලවා පුx ගසා ගත යුතුය..

මෙකී ජාතිවාදී උම්මත්තක ප්‍රහාර ගැන ද හමුදා සහ පොලිස්  බුද්ධි අංශ වාර්තා කර තිබිණ. තට්ටය සහ උරහිසේ ගසා ගත් මිනී ඔළු වලින් වීරයෙකු වී සිටින එක්තරා ආරක්ෂක අංශ ප්‍රධානියෙකු  ‘’Doesn’t matter, we under controled every thing’’ කියමින් අමිත්තයා වැනි දෙකයි පනහේ ලුම්පන් පාදඩයන් කිහිප දෙනෙකුට ප්‍රදේශ කිහියක හෝ ජාතිවාදී ප්‍රහාරයක් සිදුකිරීමට අවස්ථාව සලසා දුන්නේ ය. ප්‍රභාකරන් වැනි ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදයක් පරාජය කිරීම ගැන අතීත කීර්තියක් තිබුනද වත්මන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් අමිත්තයාලා, නාමල් කුමාරයාලා, ඩෑන්ලා වැනි දෙකයි පනහේ පොන්නයන් සමග එන සියයකට අඩු පාදඩ මෝටර් බයිසිකල් ලුම්පනුන් පිරිසක් පාලනය කර ගැනීමට නොහැකි වීම ගැන ලැජ්ජා විය යුතුය. අතේ ගසා ගෙන සිටින මිනීඔලු ගලවා පුx ගසා ගත යුතුය. හිසේ දමාගෙන සිටින ‘බෙරේ’ ගලවා ටොයිලට් පේපර්ස් වලට ගත යුතුය. තමන්ගේම සෙබලුන් ලුම්පනුන් සමග එක් වී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අන්දම ගැන ස්ථානයද සමග සීසීටීවී සාක්කි ඉදිරිපත් කළ විට ඒ ගැන සෙවීමට මහජන සහාය පතනා පොන්න බ්‍රිගේඩියර්ලා යටට අඳීන්නේ ‘පැණි අමුඩ’ දැයි සොයා බැලිය යුතුය.  එවන් ආරක්ෂක ප්‍රධානීන් පොර ටෝක් දෙන්නේ තමාගේ ඩියුටිය ගැන නොව දේශපාලනඥයන්ට අයත් ඩියුටීන් වන පාර්ලිමේන්තුවේ සම්මත කරනා අණ පණත් ගැනය. මේවා කලිසමේ 'සිප්' එක පියවා ගන්නට අමතක වී නමුත් පෙම්වතියන් ඉදිරියට ගොස් පොර ටෝක් දෙන හීපාටුවන්ගේ 'චූ වැඩ' වැනිය.

ප්‍රථමයෙන් යා යුත්තේ චීනයටද ඉන්දියාවටද? 

ඉන්දියාවේ අනතුරු ඇඟවීම් 5 ක් මග හැරි සිරිසේන ජාතිවාදී උම්මත්තක ප්‍රහාරයේ දී චීනය බලා යෑම ද ප්‍රශ්නකාරී ය. ලංකාවේ ආසන්නතම බලවතා, ‘ලොකු අයියා’,  මෙන්ම ආරක්ෂකයා හෝ කපටි ආරක්ෂකයා ද වන මගහැර යා නොහැකි ඉන්දියාව ලංකාවේ සිදුවන අනතුර ගැන අප්‍රේල් 4 වෙනිදා සිට 21 වෙනිදා බෝම්බ පිපිරුමට පැය දෙකකට කලින් දක්වා  පස් වතාවක් අනතුරු අඟවා එය නොසලකා හැරීම සම්බන්ධයෙන් රටේ නායකයා ප්‍රථමයෙන් යා යුත්තේ කළ වරද පිළිගනිමින් ඉදිරි සහාය ගැනීමට හ‌ෝ ඉන්දියාවට මිස ඉන්දු-ඇමරිකා කලාපීය සතුරෙකු වන චීනයට නොවේ.

සූස්ති දිලිත්ට මිලියන 300 ක් දුන් එජාප නායකයා..

මේවා සිදුවෙද්දී දැඩි තීන්දු තීරණ ගැනීමට නොහැකි අගමැතිවරයාටද පාංශු කූලය දීමට කාලය පැමිණ තිබේ. හැට දෙලක්ෂයක් වූ ජනතාව 2015 ජනවාරි 8  දා හංසයාට ඡන්දය දුන්නේ සිරිසේනටම නොවේ. විසි වසරක් පමණ කාලයක් පුරා විපක්ෂයක ජනතා විශ්වාසය තැබූ රනිල් කී නිසා සහ රනිල් ගැන තැබූ විශ්වාසය නිසා දුන් ඡන්දයකි. එදා සහාය දුන් 48 ක් වූ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයන් සිරිසේන කෙනෙක් හඳුනාගෙන සිටියේ වත් නැත. එක්කෝ අගමැති ගමරාළයා සමග කරට අත දාගෙන ඉතිරි ගමන යා යුතුය, නැතිනම් ගමරළායගේ පුxට පයින් ගසා ජනතාව සමග ඉදිරියට යා යුතුය. ඒ කිසිවක් සිදුවන්නේ නැත. සිදුවන පාටකුත් නැත.  අගමැති රනිල්ට 2015 ජනවාරි 8 දා පමණක් නොව කුමන්ත්‍රණ දින 52 දී හෝ තමන්ට සහාය දුන් බලවේග ගැන කිසිදු තක්සේරුවක් තිබුනේ ද නැත; අද ද ඇත්තේ නැත; හෙට දිනයේ ඇතිවන්නේ ද නැත. අබ ඇටයක් හෝ එසේ තිබුනේ නම් මොහු තම පක්ෂයේ ප්‍රචාරක වගකීම  පෙර කී ‘සූස්ති දිලිත් ජයවීරට’ බාර දී ඔහුට රු. මිලියන 300 ක් ගෙවන්නේ නැත. එවන් කපටියන් දැන් බොරුවට එජාප සන්නිවේදන බලකායවල් පසුපස දුවයි.  
මෙවන් පසුබිමක මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස  රට ගිනි අවුලන ජඩමාධ්‍ය පාලනයට සුළුවෙන් හෝ පියවරක් ගනිමින් ඒවාට දෙන දැන්වීම් වාරණය කිරීම වැදගත් පියවරකි. 

රන්මිණිතැන්නට කොටි ආවායි කී හිරු වාරණය කළ හැටි..

මීට එහා දේවල් රාජපක්ෂ යුගයේ දී ගෙන තිබිණ. ඒ ගැනද යම් මතක් කිරීමක් කරන්නේ නම් එල්ටීටීඊය සමග යුද්දය කරද්දී වරක් හිරු ගුවන් විදුලි නාලිකාව (ඔවුන්ට එකල රූපවාහිනියක් තිබුනේ නැත) රන්මිණිතැන්නට කොටි ආවා යැයි බොරු ප්‍රවෘත්තියක් ප්‍රචාරය කෙළේය. රාජපක්ෂලා වහාම ක්‍රියාත්මක වන පරිදි හිරු නාලිකාවේ බලපත්‍රය අත්හිටුවීය. ලංකා ඊ නිව්ස් එකල ලංකාවේ ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූ බැවින් සිද්ධිය ගැන සෙවීමට අපගේ ශාන්ත නම් වාර්තා කරුවෙකු රන්මිණිතැන්නට යැවීය. ඔහු ලංකා ඊ නිව්ස් වෙත වාර්තා කෙළේ හිරු ගුවන් විදුලියේ වාර්තාව අමූලික බොරුවක් බවයි. රාජපක්ෂලාගේ දේශපාලනය ගැන අපට කෙතරම් විවේචනයක් තිබුණද හිරු වාර්තාව වැරදි බව අප එදා ජනතාවට වාර්තා කෙළේය. රාජපක්ෂලාගේ වාරණයට සාධාරණ හේතු තිබිණ.  එකී නාලිකාවේ අයිතිකාර පවුලට අයත් දේශපාලුවෙකු තම පක්ෂයට නම්මා ගනිමින් සිද්ධිය දේශපාලන වාසියකට ගෙන අවසන් කිරීම රාජපක්ෂලාට උරුම නරුමවාදය විය හැකි වුවද දේශපාලන න්‍යාය පත්‍රවලට අනුගතව සංවේදී අවස්ථාවක ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරන ජඩමාධ්‍ය කෙරුවාට එදා සිදුකළ හිරු වාරණය බලපෑමක් ඇතිකළේම ය. එවැනි වාරණයක ඇති වරදක් නැත. 

එංගලන්තය ජඩමාධ්‍යයක් සම්පූර්ණයෙන්ම වසා දැමූ හැටි...

ඉහත සිද්ධියට සමාන නොවුනද එංගලන්තයේ අපූරු මාධ්‍ය වාරණයක් කෙළේ ලංකා ඊ නිව්ස් එංගලන්තයේ ස්ථාපනය වීමෙන් ද පසුව ය. එංගලන්තයේ බලසම්පන්න ව්‍යාපාරික පවුලක් විසින් වසර 100 කට අධික කාලයක් පවත්වාගෙන ගිය අතිශය ජනප්‍රිය ටැබ්ලොයිඩ් පුවත්පතක් ‘සදාචාරය’ කඩ කිරීම හේතුවෙන් අධිකරණ තීන්දුවකින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද්දේ ඒ වන විටත් දිනකට ලක්ෂ 10 කට අධික පත්‍ර අලෙවියක් සිදුවෙමින් පවතිද්දී ය. ලොව කිසිවෙකු එය ‘මාධ්‍ය වාරණය’ යන ලේබලයට නතු කෙළේ නැත.

කට කලියා අවශ්‍ය මුරබල්ලා...

ජනමාධ්‍ය යනු සමාජයක මුර බල්ලා යැයි ප්‍රචලිත මතයක් තිබේ. අන්ධයන්ට මග පෙන්වන සොඳුරු බල්ලෝ ද සිටිති. කටකලියාවක් නොමැතිව පාරට දැමිය නොහැකි නපුරු බල්ලෝ ද සිටිති. මංගල සමරවීර දුර්වල හෝ කටකලියාවක් සොයා ගැනීම ගැන කෑලි කඩාගෙන කන නපුරු බල්ලන්ගෙන් ආරක්ෂා විය යුතු ජනතාව සතුටු විය යුතුය. දුටු දුටු එකාට වලිගය වනන මුර යැයි කියා ගන්නා බල්ලන් හඳුනා ගැනීමට ද ජනතාව ඊටත් වඩා  දියුණු විය යුතුය.
ලංකා ඊ නිව්ස් ලංකාවේ පාඨකයන්ට වාරණය කර තිබීමත් පසුගිය ආණ්ඩුවේ මාධ්‍ය ගහලයන්ට ‌මේ ආණ්ඩුව දඬුවම් ‌නොදීමත් ‌වත්මන් ජාතිවාදයට එරෙහි යුද්ධය සමග පටලවා ‌නොගත යුතුය.   

චන්ද්‍රප්‍රදීප්

හිරු සහ දෙරණට දැන්වීම් වාරණය කරමින් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කළ සමරවීර ඇමැතිගේ ප්‍රකාශය පහතින් 
---------------------------

Comments