දෙදෙනෙකුගේ වෙනස.! (Video) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැයි 02 දා අයිටීඑන් නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව
Syndicated from lankaenews,
සරත් ෆොන්සේකා මහතා 2019 මැයි 02 දා අයිටීඑන් නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින්
පුද්ගලයින් තමන් ඇසුරු කරන පුද්ගලයින්, අභිමතාර්ථ හා තම පුද්ගලික කාරණා අනුව එකම කාරණය දී වෙනස් වන ආකාරය ගැන හොඳම නිදසුන තිබෙන්නේ බෞද්ධ ජාතක කතා පොතේයි. එහි එන සත්තිගුබ්බ ජාතකයේ මහා සුළඟක් නිසා දෙපසකට වීසි වන ගිරා පෝතකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බවුන් වඩන තාපසයින් සිටින ආරාමයකටත්, අනෙකා සොරුන් සිටින සොර ගුහාවකටත් ගසාගෙන ගොස් වැටේ…
සරත් ෆොන්සේකා මහතා 2019 මැයි 02 දා අයිටීඑන් නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින්
පුද්ගලයින් තමන් ඇසුරු කරන පුද්ගලයින්, අභිමතාර්ථ හා තම පුද්ගලික කාරණා අනුව එකම කාරණය දී වෙනස් වන ආකාරය ගැන හොඳම නිදසුන තිබෙන්නේ බෞද්ධ ජාතක කතා පොතේයි. එහි එන සත්තිගුබ්බ ජාතකයේ මහා සුළඟක් නිසා දෙපසකට වීසි වන ගිරා පෝතකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බවුන් වඩන තාපසයින් සිටින ආරාමයකටත්, අනෙකා සොරුන් සිටින සොර ගුහාවකටත් ගසාගෙන ගොස් වැටේ…
රටේ රජු දඩයමේ ගොස් අතරමං වී අර සොරු සිටින ගුහාව අසළට පැමිණෙන විට රජුට ඇසෙන්නේ.. “මෙන්න හොරෙක්.. අල්ලපියව්.. කොටපියව්.. මරපියව්..” වැනි වචන කිහිපයකි. එසේ පවසන්නේ සොරු කැළ මැද ට වැටුනු ගිරා පෝතකයායි.
මරබියෙන් දුවන රජු ඊලඟට පැමිණෙන්නේ අර තාපසාරාමයටයි. ඒ අසලට පැමිණෙන රජුට අසන්නට ලැබෙන්නේ “එන්න.. වාඩිවෙන්න.. කෑම කන්න.. පලතුරු කන්න” වැනි මිහිරි වචනයි..
“එකට කෑවත් බොක්ක වෙනස්” යන සමාජයේ පවතින ප්‍රචලිත කියමන මට සිහිපත් වුයේ අන් කිසිවක් නිසා නොව පසුගිය දිනවල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් ඔද්දල් වූ ශ්‍රී ලාංකික සමාජය හමුවේ එකම ක්ෂේ ත්‍රය නියෝජනය කරන ප්‍රකට පුද්ගලයින් දෙදෙනෙක් විසින් කරන ලද ප්‍රකාශ දුටු විටය.
මේ දෙදෙනා නම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන යුධ හා ආරක්ෂණ කටයුතු පිළිබඳව අප රටේ බහුලම අත්දැකිම් සහිත නිලධාරියා වන ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතායි…
බෝම්බ පුපුරා පැය කිහිපයක් යන්නට මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “මං හිටිය නම් ඕක වෙන්න දෙන්නේ නෑ” යනුවෙනි. එතැනින් නොනැවතුනු ඔහු දිගටම මාධ්‍ය ඔස්සේ රජයේ ආරක්ෂාව පිළිබඳව දැඩි විවේචනයක් කළේය. ඉන්පසුව ඉන් එහා ගොස් මුස්ලිම් ජාතිය තුරන්කරලීමේ අරමුනින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ද පැවසුයේ පසුගිය ඉරිදා දිවයිනේ සියලුම පුවත්පතට පිටු දෙකක සම්මුඛ සාකච්ඡා ලබා දෙමිනි.
ඔහු ඉන් අපේක්ෂා කළේ අන් කිසිවක් නොව මෙම පුපුරා ගිය බෝම්බ නිසා පල්ලි හා සංචාරක හෝටල් වලින් ගලා ගිය රුධිර දහරාව මතින් තම දේශපාලනික අරමුනු මුදුන් පත් කර ගැනීමටය.
පසුගිය අඟහරුවාදා (30) අරලිය ගහ මන්දිරයේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විනි. එම ප්රවෘත්ති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය විසින් රාජිත සේනාරත්න මහතාටත්, ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාටත් ආරාධනය කළේය.
සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කරන විට ඔහු ආරාධනා කළ පුද්ගලයාට මෙසේ කීය..
“මට ඔය ප්රවෘත්ති සාකච්ඡාවට එන්න බැහැ.. හේතුව තමයි ඕකට මම ආවොත් මට කතා කරන්න වෙන්නේ දේශපාලනය ගැන. මේ අවස්ථාවේ මේ සිද්ධ වෙච්ච දේ සම්බන්ධව මට මගේම මතයක් තියෙනවා.. ඒ මතය දරන්නේ මම දේශපාලනඥයෙක් විදියට නොවෙයි. ආරක්ෂක නිලධාරියෙක් හැටියට. ඒ නිසා රාජිතට ඒ ගැන කතා කරන්න පුලුවන්.. නමුත් මට බැහැ... ඒ නිසා මම ඕකට එන එක හරි නැහැ කියළා මම හිතනවා..” ඔහු කීය.
සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුව අමතමින් ද කියා සිටියේ “මම අද කතා කරන්නේ දේශපාලනය ගැන නොවෙයි. මේ සිද්ධිය මතින් දේශපාලන වාසි ගන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ... මම අද කතා කරන්නේ මධ්‍යස්ථව මෙම කාරණය දෙස බලන පුරවැසියෙක් විදියටයි...”
ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරින් විසින් එම අංශ විසින් තමන්ට ලබා දෙන ශික්ෂණය ලේ හා ජාන අනුව වෙනස් වන්නේ හෝ වෙනස් කර ගන්නේ කෙසේද? යන්න මහජනතාව සිතා බැලිය යුතුය. සරත් ෆොන්සේකා මහතාට අනුව ගත් කළ මෙම සිදුවීම් පෙළ ඔහුට ජාතික ව්‍යසනයක් හා ඛේදවාචකයකි. නමුත් ගෝඨාභය මහතාට අනුව ගත් කළ ඔහුට ජනාධිපති සිහිනය සාක්ෂාත් කර ගැනීමට හේතුවන දේශපාලන ව්‍යාපෘතියකි. සරත් ෆොන්සේකා මහතා දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අංශවල කටයුතු කරමින් තමන් සතතාභ්‍යාසයෙන් ලද පරිචය, නිපුනත්වය ඔහු රටට ම ප්‍රදර්ශනය කළේ ඒ ආකාරයටය.
එමනිසා මේ අසීරු අවස්ථාවේ ඉන් දේශපාලන වාසි ගන්නට නොගොස් ඉතා බුද්ධිමත්ව මෙන්ම මනා පාලනයකින් කටයුතු කළ සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ශල්වරයාට සමස්ත ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බව මගේ හැඟීමයි…
Comments
Post a Comment