‘රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කළ රිෂාඩ් මියගියේ ෂැන්ග්‍රිලා බෝම්බ‌යෙන් නොවේ; ඒක දේපල කොල්ල කෑමට සිදුකළ සැලසුම් සහගත ඝාතනයක්’ -පවුලේ අය එක හඬින් කියති චන්ද්‍රප්‍රදීප්ගේ හෙළිදරව්වක්

Syndicated from lankaenews,



ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයට හසුව මිය ගියා යැයි ප්‍රකාශ කළ, රාජපක්ෂලාගේ කළු සල්ලි ආයෝජනය කර තිබෙන ‘එක්සෝටික් කාර්’ පුද්ගලික සමාගමේ අයිතිකාර ‘රිෂාඩ් හමීඩ්’ ගේ මරණය පිලිබඳ අප ලියූ පළමු ලිපිය මහත් ආන්දෝලනයකට හේතු විය. පසුබිම් සෝදිසි සටහනක් ලෙස ඉදිරිපත් කළ එම  ලිපියෙන් අප අනාවරණය කෙළේ නාමල් සහ යෝෂිතගේ කළු සල්ලි ආයෝජනය කළ ප්‍රධානතම  පුද්ගලයා රිෂාඩ් හමීඩ් බව සහ ඔහුගේ මරණයේ අභිරහසක් තිබෙන බවයි. මේ ලිපිය ඊට පසුව ලැබුණු තොරතුරු අනුව ලියන තවත් දිගු හෙළිදරව්වකි.  
රිෂාඩ් ගේ බිරිඳ වූ ‘ජිහාන් හමීඩ්’ තම ස්වාමි පුරුෂයාට වඩා වැඩි සබඳකමක් පැවැත්වුයේ රාජපක්ෂ පවුල සහ  රත්වත්ත පවුල සමගය. රිෂාඩ්ගේ අභිරහස් මරණය පිලිබඳ  ඊ නීවුස් ලිපිය පලවීමත් සමගම ජීහාන් කළේ ඒ පිලිබඳව සොයා බැලීම නොව ඊ නිවුස් ආයතනය වෙත දෙස් දෙවොල් තැබීමය. හරීන්, සුජීව වැනි ඇයගේ එ.ජා.ප. මිත්‍රයන්ට කථා කරමින් ඊ නිවුස් ආයතනයට  පස්පඩංගුවේ බැන වැදීම ය. ඊ නිවුස් ආයතනය වෙත නඩු දමනවා යැයි තර්ජනය කිරීමය. ජිහාන්ගේ සැකකටයුතු හැසිරීම රිෂාඩ්ගේ ඝාතනය   පිලිබඳව තවත් ලිපියක් ලිවීමට අප උනන්දු කළා පමනක් නොව නීතිය ක්‍රියාත්මක ආයතන ද  ඇය පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට හේතු විය. 

‘ජිහාන් හමීඩ්’ සහ ‘රිෂාඩ් හමීඩ්’ යනු කවුද?

ජිහාන් යනු ව්‍යපාරික පවුලකින් පැවත එන තැනැත්තියක නොවේ. ඇයගේ දෙමව්පියන් යයි ඇය කියන යුවල සිටින්නේ  ඩුබායි වලය. රිෂාඩ්ගේ පියා මහනුවර උඩතලවින්නේ අයෙකි. ඔහු අඩියෙන් අඩිය ඉහල නැග ව්‍යාපාරික ලෝකය ජයගත් ප්‍රකෝටිපතියෙකි. රිෂාඩ් අකුරු කළේ ත්‍රිත්ව විදුහලෙනි. රිෂාඩ්ට ජිහාන් හමු වූයේ නයිට් ක්ලබ් එකකදී ය. නයිට් ක්ලබ් ප්‍රේමය දළු ලා වැඩෙත්ම ඇයව විවාහ කරගන්නා ලෙස ජිහාන් රිෂාඩ්ට බල කළාය. කරුණු එසේ වූ හෙයින් සිය පෙම් පුවත පියාට දැනුම් දීමට රිෂාඩ්ට සිදුවිය. රිෂාඩ්ගේ කථාවට සවන් දුන් පියා ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. පියා මුලින්ම ඇසුවේ ඇයගේ පවුල් පසුබිම පිලිබඳව ය. රිෂාඩ්ගේ පිලිතුර වූයේ ජිහාන්ගේ පවුල් පසුබිම ගැන පෙර සූදානමින්  නිෂ්පාදනය කළ කථාවකි. ඒ සමගම ජිහාන් හමුවූයේ කෙසේදැයි හරස් පැනයක් යොමු විය. ඊට පෙර සූදානමක් නොවූ හෙයින් රිෂාඩ් අතින් සත්‍ය ප්‍රකාශ විය. තමාට ඇයව හමුවූයේ නයිට් ක්ලබ් එකකදී යැයි රිෂාඩ්ට කියැවිණ. රිෂාඩ්ගේ පියා නයිට් ක්ලබ් පෙම්වතියට එරෙහි වූවා පමනක් නොව ඒ මත්තේ මැරෙන්නට ගිය රිෂාඩ් පවුලෙන්ද නෙරපා දැමුවේය.
රිෂාඩ් කොළඹ පැමිණෙන්නේ පියාගේ දායාද අහිමි ව අතේ සතේ නැති පසුබිමකය. ඔහුට නාමල්ලා  යෝෂිතලා හමුවන්නේ එකලදී ය. රිෂාඩ් සතු ව්‍යාපාරික හැකියාව දන්නා නාමල්ලා යෝෂිතලා තමන්ගේ කළු සල්ලි ඔහු සමග ආයෝජනයට කැමැතිවන්නේ ය. ඒවා  ආයෝජනය කරමින් Bavarian Motors Ltd  සහ Exotic Cars Ltd යන ආයතන ආරම්භ කරන  රිෂාඩ්, මෝටර් රථ වෙළඳාමට පිවිසෙන්නේය.

තජුඩීන් ඝාතනය සහ ජිහාන්ගේ රෝල් එක

හැව්ලොක්ස් රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනයට ජිහාන්ගේ නම සම්බන්ධය. තජුඩීන්  ඝාතනය වන්නේ යහළුවෙකු හමුවීමෙන් පසු  නිවස බලා යන අතරතුරදීය. නමුත් තජුඩීන්  හදිසියේම ජිහාන්ගේ නිවසට  පැමිණ ඇති  බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. දුරකථන ඇමතුමක් දෙමින් තජුඩීන් එහි ගෙන්වා ඇත්තේ ජිහාන් ය. තජුඩීන් ඝාතනයට නම් කියැවෙන කැප්ටන් තිස්ස සහ සුරේක යන දෙදෙනා ඒ වන විට ජිහාන්ගේ ගෙදර මත් පැන් පානය කරමින් සිටියෝ ය. තජුඩීන්ගේ ඝාතකයා වූ ‘උක්කුවා’ සිටියේ වෙනත් ස්ථානයක ය. ‘උක්කුවා’ පැමිනියේ ද කැප්ටන් තිස්ස සහ සුරේක දෙදෙනා සමග වුවද ඔහු ජිහාන්ගේ නිවසට නො ආවේය. ජිහාන්ගේ නිවසින් පිටත් වූ තජුඩීන් හඹාගෙන ගොස් ඝාතනය කළේ ‘උක්කුවා’ ය. කැප්ටන් තිස්ස සහ සුරේක ගේ කාර්ය වූයේ තජුඩීන් මියගිය බව තහවුරු කිරීම ය. තජුඩීන් සහිත රථය ගිනි ගනිද්දී එහි පැමිණි මිනිසුන් එය නිවීමට උත්සාහ කරද්දී වාහනය පුපුරාවි කියා ඔවුන් ඉන් ඉවත් කරන්නේ තිස්ස සහ සුරේක ය. සුරේක යනු සොත්ති උපාලිගේ පුත්‍රයෙකු යැයි කියති.   කෙසේ වෙතත් තජුඩීන් ඝාතනය වූ පසු ශරියා නීති ප්‍රකාරව ඔහුගේ පවුලට ලක්ෂ 176 වන්දි ප්‍රදානයක් සිදු විය. එය සම්බන්ධීකරණය කළේ ජිහාන් ය.

''අක්කේ මට මේ ගෑනි එක්ක ඉන්ඩ තව ඉන්ඩ බෑ.. මෙයා හදන්නේ මාව මරන්ඩ''

ජිහාන් 2014 මැතිවරණයෙදී සිරිසේනට ද අතදිග හැර මුදල් වියදම් කළා ය. නයිට් ක්ලබ් ගොස් එන අතරතුරදී දහම් සිරිසේන තලවතුගොඩදී ඇලකට පෙරළුෑ  WP C 18-3182 දරණ බී.එම්.ඩබ් රථය ඔහුට දුන්නේ ද ජිහාන් ය. රිෂාඩ්ගේ ව්‍යාපාරයේ ලාභ බෙදීම සහ ව්‍යපාර ගිවිසුම් පිලිබඳව පසුගිය අවුරුදු දෙක තුන පුරා නාමල් සහ යෝෂිත සිටියේ අසතුටෙනි. රිෂාඩ් සමග ගැ‍ටුම් ඇති කරගත් අවස්ථා බොහෝය. රිෂාඩ්ගේ ව්‍යාපාර දියුණු වූයේ නාමල්ගේ කළු සල්ලි නිසාම නොව ඔහුගේ දක්ෂතාවයෙනි. රිෂාඩ්ට අවශ්‍ය වූයේ රාජපක්ෂලාගේ මුදල් බේරුම්කර ඔවුන්ගෙන් නිදහස් වීමය. චානුක රත්වත්තේ රිෂාඩ්ගේ ව්‍යාපාර අධීක්ෂණය කිරීම සඳහා පත්වීමක් ලබන්නේ මෙවන් පසුබිමක් තුලය. එකල චානුකගේ ‌සොයුරා ‌ලොහාන්ගේ දියණියක විවාහ වීමට සිටියේ යෝෂිත සමග ය. ජිහාන් ද  සිය සැමියාට වඩා තැන දුන්නේ චානුක රත්වත්තේට ය. ජිහාන්ගේ ගෙදර වැඩ කරන සේවිකාව කියන පරිදි ජිහාන් සහ රිෂාඩ් අතර  ආරවුල් සුලභ ය. ජිහාන් විසින් කිහිප අවස්ථාවක රිෂාඩ් මරණ බවට තර්ජනය කොට ඇත. මීට මාස 6 කට පමන පෙර කෙන්යාවේ නයිරෝබී නුවර වෙසෙන සිය අක්කාට කථා කළ රිෂාඩ්, ''අක්කේ මට මේ ගෑනි එක්ක තව ඉන්ඩ බෑ, මෙයා හදන්නේ මාව මරන්ඩ'' යයි පවසා ඇත.

දික්කසාදයෙන් ජිහාන් ලිස්සා ගිය හැටි

පසුගිය දෙසැම්බර්  මාසයේදී ජිහාන්ගෙන් වෙන් වීමට රිෂාඩ් සියල්ල සූදානම් කොට තිබුනි. ව්‍යාපාර ගිවිසුම් සහ දේපල බෙදීම පිලිබඳව මතු වූ ගැටලුවක් නිසා ජිහාන් හීන් සීරුවේ දික්කසාදය ට කර ඇරියා ය. රාජපක්ෂලාගේ පාර්ශවය නියෝජනය කරමින් ව්‍යාපාරයට ඇතුල් වූ චානුක රත්වත්තේ පිලිබඳව රිෂාඩ් තුල වූයේ බියකි.  චානුක හැසිරුනේ ජිහාන්ගේ නිල නොවන ස්වාමි පුරුෂයා ලෙසය. ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරය දින  රිෂාඩ්  ආවේ ජිම් එකට යයි ජිහාන් කියන කථාව අමූලික බොරුවකි. බෝම්බ ප්‍රහාරයට පෙර දින ජිහාන් රිෂාඩ් සමග රන්ඩුවක  පැටලුනා ය. නිවසේ මෙහෙකාරිය කියන්නේ ජිහාන් කිසිදු හේතුවක් නොමැතිව රිෂාඩ් සමග ගැ‍ටුණු බවයි. රිෂාඩ් ෂැන්ග්‍රිලා හෝටලය වෙත ආවේ ජිහාන්ගෙන් බේරීමටය. රිෂාඩ් හෝටලයට ආවේ 2019 අප්‍රියෙල් මස  20 දින රාත්‍රියේ ය. බෝම්බය පිපිරුනේ 21 දින උදෑසන ය.

ජිහාන්ගේ සැක කටයුතු හැසිරීම සහ චානුක සමග රෝහලට පැමිණීම

බෝම්බය පිපිරෙන විට රිෂාඩ්ගේ අක්කාගේ ඥාති සහෝදරයා සිටියේ ටෝකියෝ නුවරය. ඔහු දහවල් 12 ට පමන ජිහාන්ට කථා කළේ රිෂාඩ්ට ලබා ගත් ඇමතුම් වලට පිළිතුරු නැති කල ය. ජිහාන් කිසිදු චකිතයකින්  තොරව ඔහුට කීවේ රිෂාඩ්ට කරදරයක් නොමැති බවයි. රිෂාඩ්  පිලිබඳව ජිහාන්ගෙන් විමසා පලක්  නොවූ කල ෂැන්ග්‍රිලා බෝම්බයට හසූ වූ මෘත ශරීර පරීක්ෂා කිරීමට  රිෂාඩ් ගේ මස්සිනා කෙනෙකු රෝහල කරා යැව්වේය. පැය ගණනක් රෝහලේ වූ සියලු  මෘත ශරීර පරීක්ෂා කල ද රිෂාඩ්ගේ සිරුරක් සොයා ගැනීමට මස්සිනාට නොහැකි විය. නමුත් පස්වරු 2.00 ට පමන තවත් එක් සිරුරක් දැන් ගෙන ආ බව රෝහල් සේවකයෙකු  රිෂාඩ්ගේ මස්සිනාට පවසා ඇත. එම සිරුර රිෂාඩ්ගේ විය.  රිෂාඩ්ගේ මස්සිනා ජිහාන්ට කථා කලද ඇය එක පයින් රෝහල කරා පැමිනියේ නැත. ඇය රෝහල වෙත ආවේ පැය 2 කට පමන පසුය. ඒ ආවේද චානුක රත්වත්තේ සමගිනි. රෝහලට පැමිනිය ද ජිහාන්ට රිෂාඩ් ගැන වගේ වගක් නොතිබුනි. චානුක සමග වූ අල්ලාප සල්ලාපය මිස  රිෂාඩ්ගේ සිරුර පරීක්ෂා කිරීමට ඇයට අවශ්‍යතාවක් නොවූ බව මස්සිනාට හොඳින් නිරීක්ෂනය විය.

පුහුල් හොරා කරෙන් දැනීම

ඉස්ලාම් නීතිය අනුව සැමියාගේ මරණයෙන් පසු බිරිඳ ජිහාන්  නිවස තුල සිටිය යුතු කාලය දින 100 කි.  නමුත් 2019 අප්‍රියෙල් මස 28 දින ජිහාන් ෂැන්ග්‍රිලා හෝටලය වෙත  කඩාගෙන ගියා ය. ෂැන්ග්‍රිලා කළමනාකාරීත්වය හමුවේ හඬා වැළපුනු ජිහානී අමුතුම මාදිලියේ ඉල්ලීමක් කළාය. රිෂාඩ් භාවිතා කළ ඇඳ ඇතිරිලි ඇයට අවශ්‍ය බව කීවා ය . ඒ සඳහා කවර මිලක් වුව ද ගෙවා දමන බව ඇය කීවා ය. ජිහානී රිෂාඩ් පාවිච්චි කළ කොට්ට මෙට්ට සියල්ල මිල දී ගත්තා ය. ඒ සමගම ෂැන්ග්‍රිලා හෝටලයේ නවතා තිබූ රිෂාඩ්ගේ  මෝටර් රථය ද ‍රැගෙන  ඒමට ජිහාන් අමතක කළේ නැත. අප්‍රියෙල් මස 29 දින සිටම රිෂාඩ්ගේ ව්‍යාපාර කටයුතු යලි ආරම්භ විය . ඒ චානුක රත්වත්තේගේ අතිනි. 
නිවසේ මෙහෙකාරිය රිෂාඩ් වෙත  දැඩි  ආදරයක් ගෞරවයක් දැක්වූ තැනැත්තියක්  වුවද ඔවුන්ගේ රියැදුරා එහි කනපිට ය. චානුක හෝ ජිහානි කියන ඕනෑම වැඩක් කිරීමට රියැදුරා සූදානම්ය. අද මොවුන් ගමන් බිමන් යන්නේ ඒ රියැදුරා සමගය. නිවසේ මෙහෙකාරිය මේ වන විට ජීවිත තර්ජනයකට මුහුණ දී සිටින්නීය. මන්ද යත් බොහෝ රහස් ඇය දන්නා බැවිනි. ඇය දැනට ඉන්නේ සැඟවීගෙන ය. චානුක රත්වත්තෙලා යනු උඩතලවින්න ඝාතනයෙන් දිවි බේරා ගත් එකම ඇසින් දුටු සාක්කි කාරයා 'ෂිෆාන්' මරා නොදමා කෝටි ගණනක මුදලට බිලි බා ගත් අයය. අද 'ෂිෆාන්' කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඒ අනුව ඉහත කී මෙහෙකාරිය ද එක්කෝ රහසිගත ඝාතනයකට ලක්විය හැකිය. නැතිනම් ඇයද අනාගත කෝටිපතිනියක් විය හැකිය. 

රිෂාඩ් මියගියේ ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් නොවේ

රෝහලට පැමිණි රිෂාඩ්ගේ මස්සිනා කියා සිටින කථා ඉතා බරපතල ය. ඔහු කියන්නේ  රිෂාඩ් මිය ගියේ බෝම්බ ප්‍රහාරයෙන් නොව එය සැලසුම් සහගත මිනීමැරුමක් බවයි. රිෂාඩ්ගේ අක්කා පවසන්නේද මීට සමාන කථාවකි. රිෂාඩ්ගේ දුරකථනයට ලැබුනු ඇමතුම්  ඔස්සේ පරීක්ෂණ කරන්නේ නම් මෙහි සුලමුල අනාවරණය වන බව ඔවුහු කියා සිටිති. තමන්  සතුව පවතින සාක්ෂි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කළ ද ඉන් කිසිදු ඵලක් නොවනු ඇතැයි ඔව්හු සැක කරති. මක්නිසාදයත් එය හුදෙක් තජුඩීන්ගේ මෙන් සංදර්ශනයක්  වනවා මිස රිෂාඩ්ට අත්වන සෙතක් නොමැති වනු ඇතැයි යන සැකයයි. කෙන්යාවේ සිටින රිෂාඩ්ගේ සහෝදරිය මේ පිලිබඳව කථාකරන්නේ අතිශය ශෝකාකූල ස්වරයෙනි. ඔවුන්ට මුදල් අවශ්‍ය බව කෙලින් කලින් කීවේ නම් ඕනෑම මිලක් ගෙවා සහෝදරයා බේරාගන්නා බව ඇය කියන්නීය. ඊ නිවුස් විමසුම් ඇස මෙතනින් අවසන් නැත . ජිහාන් - චානුක සමග පෙරලන සෑම පි‍ටුවක් පුරා අපි අවධානයෙන් සිටින්නෙමු.

-චන්ද්‍රප්‍රදීප්-

Comments