Syndicated from lankaenews,
ලංකාවේ හද්දා පිටිසර මරණාධාර සමිතියකට වුවද ව්‍යවස්ථාවක් ඇත, 'කෝඩ් ඔෆ් කන්ඩක්ට්' එකක් ඇත. සියල්ලන් ඊට අවනතව වැඩ කරති. ඔවුන් වැඩ කරන්නේ පූර්ණ විනිවිද භාවයකින් යුතුවය . යම් සාමාජිකයෙකු අතින් වරදක් සිදු වුවහොත් ඒ පිලිබඳ විභාගයක් පවත්වයි. ගත් ක්රියාමාර්ගයන්හි යුක්ති යුක්ත භාවය පිලිබඳව අනෙක් සාමාජිකයන් දැනුවත් කරයි. එහි තත්ත්ව විස්තරයක් කඩ මණ්ඩියේ හෝ ගැමියන් රැස්වන ස්ථානයක අලවයි. මරණාධාර සමිතියකට වුවද යම් ප්‍රමිතියක් ඇත. නමුත් රටේ පරිපාලන කේන්ද්‍රස්ථානය වන ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්වභාවය හොර හරක් මස් ලෑල්ලක තත්ත්වයට වැටී ඇත. මක් නිසාදයත් එහි වගවීම කියා දෙයක් නොමැත.
සිරිසේනගේ සමාජ මාධ්‍ය අධ්යක්ෂකයා වන සමීර ද සිල්වා හෙවත් 'අතේ කුරුල්ලා' පසුගියදා ජනපතිගේ නිල පිටුව හරහා ෆේස් බුක් ‘ලයිව්’ ඒම කාගේත් කථා බහට ලක් විය. මෙහිදී පැන නගින ප්‍රධාන ගැටලු දෙකකි.
1. ජනාධිපති ලේකම් කාර්යාලයේ පොදු සහ ස්ථාවර නීති රෙගුලාසි උල්ලංඝනය කළ සමීර සිල්වා පිලිබඳව ගත් විනය ක්‍රියාමාර්ග කවරේද ?
2. වරද කළ සමීර සිල්වා ආරක්ෂා කරමින් වරද පෙන්වා දුන් පුද්ගලයන්ට දඬුවම් කරන්නේ මන්ද?
ගූ කප්පරක් කෑ එකාට පඩ ගඳත් ගඳක් විය නොහැකි නමුත්...
ගූ කප්පරක් කෑ එකාට පඩ ගඳත් ගඳක් දැයි කථාවක් ඇත . සිරිසේන යනු ලක්ෂ 62 ක ජනතාවට කොකා පෙන්වූ අයෙකි . ලබාදුන් පොරොන්දු ජනාධිපති වී පැය 24 ක් ගිය තැන් සිට කඩ කළ අයෙකි. නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවක් විසුරුවා ආන්ඩුවක් කොල්ල කෑ අයෙකි. සහරාන් කොළඹ පුපුරුවා හැරීමට සූදානම් වෙද්දී ඒ ගැන දැන දැනම තිරුපති ගිය අයෙකි. කෙටියෙන් කියතොත් සිරිසේනගේ ”කොලිටියක් ” නැති කොට, කාර්ය මන්ඩලයේ ” කොලිටිය ” ගැන කථා කිරීම විහිළුවකි. සමීර සිල්වා කළ වරදින් පසු ප්‍රසාද් වැලිකුඹුර 'යකාගේ හැටියටයි විමානේ' කියා කීවේ මේ කථාවම ය. ඔය ටික කී නිසා දැන් ඔහුගේ සමාජ ජාලා වත්කම් රාජසන්තක කොට ඇත.
මහරාජා 'හයි ජැක්' කළ ජනපති මාධ්‍ය ඒකකය
ලොව භයානකම දෙය නරක මිනිසුන්ගේ කෲරත්වය නොව හොඳ මිනිසුන්ගේ නිහඞතාවය යැයි කථාවක් ඇත . එහෙයින් ප්‍රමිතියක් බලාපොරොත්තු වීමට තරම් ප්‍රමිතියක් ඇති ජනාධිපතිවරයෙක් අපට නැතිය කියා කට පියාගෙන සිටිය නොහැැකිය. සිරිසේනගේ මාධ්‍ය කල්කිරියාව පිටුපස අදිසි හස්තයක් ඇත. ජනාධිපති කාර්ය මණ්ඩලය යනු කිලී මහරාජා විසින් 'හයිජැක්' කොට ඇති ආයතනයකි. කිලී මහරාජා ප්රභාකරන්, සහරාන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන ජාවාරම් කාරයෙකි. මොහුගේ සම්පූර්ණ කථා වස්තුව ලියුවහොත් එය 'වැඩිහිටියන්ට පමනයි' ලේබලයෙන් ඉදිරිපත් කළ යුතුව ඇත. එහෙයින් අදාල කොටස් කෙටියෙන් ලිවීම කාගෙ කාගේත් සෞඛ්‍යයට යෙහෙකි.
චන්දන සූරිය බණ්ඩාරගේ මූල්‍ය වංචාව යට ගැසුවේ ඇයි?
"ෆේස් බුක් ලයිව්" කථා වස්තුවේ සහ එහි ‘පාර්ට් ටූ’ එක වූ වාරණ ව්‍යපෘතියෙහි ප්‍රධාන නළුවා සමීර සිල්වා ලෙස තේරුම් ගැනීම වැරදිය. සත්‍ය ලෙසම ක්‍රියාත්මක වන්නේ කිලී මහරාජාගේ මාධ්‍ය ත්‍රස්තවාදය සහ ජාලගත ගෝල බාල මාෆියාවය. චන්දන සූරිය බන්ඩාර යනු කිලීගේ පට්ට ගෝලයෙකි. මොහු සිරස ආයතනයේ සේවය කරන විට මූල්‍ය වංචාවකට හසු වූයේය. එම සිද්ධිය කිලීගේ කන වැටුනු විට ඔහු කෙළේ ඒ පිලිබඳ විභාග කිරීම නොවේ. මූල්‍ය වංචා කථාව යට ගැසූ කිලී, සූරිය බන්ඩාර තම සාක්කුවට දා ගත්තේය. ඔහු එසේ කෙළේ සූරිය බන්ඩාරට ඇති ආදරයකට නොව තම අනාගත පජාත වැඩ වලට ඇමක් ලෙස ඔහු යොදවා ගැනීමටය.
ෂෙවාන්ගේ රිය අනතුර යට ගැසුවේ කවුද?
කිලීගේ තවත් ගෝලයෙකු වූ ශ්‍රී රංගා බීමතින් රිය පදවා පුද්ගලයෙකු යට කිරීමේ සිද්ධිය ප්‍රසිද්ධ රහසකි. එම සිද්ධිය යට ගැසීමට මූලික වූයේද කිලී මහරාජාය. ෂෙවාන් ඩැලියෙල්ගේ බිරිඳ ( දෙවන ඉණිම ) කොළඹ සම්බෝධි විහාරය අසලදී මහ දවල් ගුවන් හමුදා නිලධාරියෙකු යට කළේය. ගුවන් හමුදාපතිට කථා කොට එම සිද්ධිය යට ගැසුවේද කීලී මහරාජාමය. සමීර සිල්වාට ‘අතේ කුරුල්ලා’ යන නම පටබැන්දේ සිරස ආයතනයේ සේවකයන්ම ය. මොහු පුරුද්දක් ලෙස දවසේ ආදායම ඔහු යොදා ගත්තේ ඔෆිස් කොම්පියුටරයෙනි. දිනක් මේ අයුරින් නිල් චිත්‍රපට බලමින් ස්වයං වින්දනයේ යෙදෙන විට කිලීගේ අතටම අසුවිය. එහෙව් සමීරට, කිලී සමාව දුන්නා පමණක් නොවේ සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙසද පැටවූයේය. සමීර සිල්වා 'අතේ කුරුල්ලා' වූයේ එසේය.
අඳුරට ශාප නොකර පහනක් දල්වමු..
මහරාජාගේ සාර්ථකත්වයේ ප්රබලතම රහස නම් සිය කූට ව්‍යපාරික සැලසුම් වලට දේශපාලන අධිකාරියේ අනුග්‍රහය ලබා ගැනීමය. මේ සඳහා මග හෙලි පෙහෙලි කරන්නේ ඔහු මෙහෙයවන මාධ්‍ය පාතාලය විසිනි. ප්රජාතන්ත්රවාදයේ නූතන විශ්ලේෂණයට අනුව ජනතා පරමාධිපත්‍යයේ අවයව 4 කි. විධායකය, ව්‍යවස්ථාදායකය , අධිකරණය සහ ජනමාධ්‍ය යන එකී අවයව ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ අභිලාශයන්ට යටත්වය. කරුනු එසේ හෙයින් මීඩියා පාතාල වලට සහ දේශපාලන ඩීල් වලට තිත තැබිය යුතුය. තවද එකී වගකීම ඉටුකළ යුත්තේ මෙම සටහන ලියන මමත් කියවන ඔබත් විසිනි. ඒ සඳහා අවකාශය අන්තර්ජාලයේ ඕනෑ තරම් ඇත. කළ යුත්තේ අඳුරට ශාප කිරිම නොව එක පහනක්
හෝ දැල්වීමය.
හෝ දැල්වීමය.
Comments
Post a Comment