දේශද්‍රෝහී වීම නිසා බියේ ගැහෙන ගමරාළ තමන්ට එරෙහි වෙතැයි සිතන ප්‍රභූන් වටා ඔත්තුකරුවන් දාලා; හිටපු ජනාධිපතිනිය, ඇමැතිවරු, හමුදාපති, පොලිස්පති ඇතුළු රහස්‍ය ලැයිස්තුව මෙන්න; රාජිත වටා සිටින ඔත්තුකරුවන් හෙළිවේ..!

Syndicated from lankaenews,



පාස්කු ඉරිදා ත්‍රස්තවාදීන් විසින් සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය දැන දැන ඊට අවශ්‍ය ආරක්ෂක පියවර නොගෙන රටින් පළා ගිය රටේ ආරක්ෂාව බාර සේනාධිනායක ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ තම ද්‍ශෙද්‍රෝහී කම වසා ගැනීම සඳහා තමන්ට විරුද්ධව ක්‍රියා කරනු ඇතැයි සැක සහිත ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් වටා පමණක් නොව හිටපු ජනාධිපතිනිය වටාද, පොලිස්පති සහ හමුදාපතිවරයා වටාද ඔත්තුකරුවන් යොදා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
මෙකී ඇමැතිවරුන් අතර රාජිත සේනාරත්න, චම්පික රණවක, මංගල සමරවීර, කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල ආදීහු ඉදිරියෙන්ම සිටිති. මන්ත්‍රීවරුන් අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සුමන්තිරන්, අනුර දිසානායක, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ආදීහු ද සිටිති. 25 දෙනෙකුගෙන් යුත් මැති ඇමැති පිරිස සහ ඔවුන් වටා යොදවා ඇති ඔත්තු කරුවන් ගණන සහිත අදාල රහස්‍ය වාර්තාවක පිටපතක් මෙහි දැක්වේ. එහි ඉදිරියෙන් දක්වා ඇත්තේ මැති ඇමැතිවරුන් නම් කෙරෙන සංඛේත නාමයයි. උදාහරණයක් ලෙස රාජිතගේ සංඛේත නාමය KRS වන අතර පොලිස්පතිගේ සංඛේත නාමය PPJ වේ. චන්ද්‍රිකාගේ සංඛේත නාමය PCK ය. දකුණෙන් දක්වා ඇත්තේ යොදවා ඇති ඔත්තුකරුවන් සංඛ්‍යාවයි.  
මෙයින් වැඩිම ඔත්තුකරුවන් පිරිස යොදවා ඇත්තේ රාජිත සේනාරත්න සහ සුමන්තිරන් වටාය. ඒ පිරිස ගණනින් 8 දෙනා බැගින් වෙති.

රාජිත වටා සිටින ඔත්තුකරුවන් 3 ක් ‌මෙන්න...

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සනාථ කරගෙන තිබෙන ආකාරයට මේ ඔත්තුකරුවන් එකිනෙකා අනාගතයේ දී හෙළිදරව් කරන අතර දැනට රාජිත සේනාරත්න ඇමැතිවරයා වටා යොදවා ඇති ඔත්තු කරුවන් දෙදෙනෙකුගේ නම් ගම් හෙළිකරමු.
රාජිතට යොදවා ඇති ඔත්තුකරුවන්ගෙන් අයෙක් වන්නේ ඇමැති මහජන සම්බන්ධීකරන නිලධාරියෙකු වන දොස්තර උපුල් ගුණසේකර නමැත්තාය. මොහු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ සිටම විවිධ බුද්ධි අංශ වලින් ගෙවීම් ලැබූ ඔත්තුකරුවෙකි. පසුව ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුලට යවා එහි ඔත්තු කරුවෙකු ලෙස සේවය කළේය. පසුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ඒ බව හසුවීමෙන් පසු ඉන් එළවා දැමීය. ඉන්පසුව ඔහු රාජීත ඇමැතිවරයාට ලං වී තම ඔත්තු සැපයීම දිගටම කරගෙන ගොස් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රාජිත ඇමැතිවරයා අතර ගැටුම් ඇතිකරන ලද්දේ ඉහත කී කූඨකයා වන දොස්තර උපුල් ගුණසේකර බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණය කරගෙන තිබේ.
රාජිත සේනාරත්න ඇමැතිවරයා වටා යොදවා ඇති අනෙක් ඔත්තුකරුවා නම් මෑතක දී ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරක වරයා ලෙස පත් වූ උදයජීව ඒකනායක නමැත්තා ය. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මිකට ඔත්තු වාර්තා සපයන්නෙකි. ඉන් වැටුප් ලබන්නෙකි. 
අනෙක් පුද්ගලයා රාජිතගේ මාධ්‍ය අධ්‍යක්ෂක යැයි කියා ගන්නා ප්‍රසන්න අධිකාරී නමැත්තා ය. ඔහු විවිධ ඇමැතිවරුන් යටතේ ක්‍රියා කර ඇති නමුත් ඒ සියළුම අවස්ථාවලදී විවිධ විෂමාචාර කිරීම නිසා එකී ඇමැතිවරුන් විසින් පන්නා දැමූ පුද්ගලයෙකි. ප්‍රසන්න අධිකාරීද රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික යටතේ ක්‍රියාත්මක ඔත්තුකරුවෙකි. සෑම වසරාවසානයකදීම පොලිස් පරීක්ෂක ධම්මික තම ඔත්තුකරුවන්ට පිරිනමන සාදයක් වේ. පසුගිය වසරේ සාදයට ප්‍රසන්න අධිකාරී සහ උදයජීව ඒකනායක යන දෙදෙනාම සහභාගී වී සිටියහ. 
දේශද්‍රෝහී පල්ලෙවත්ත ගමරාළ රටේ බැරෑරුම් අවස්ථාවකදී මහජන මුදල් යොදවා ඔත්තු බැලීම කරන්නේ ත්‍රස්තවාදීන් ගැන නොව තමන්ට විරුද්ධ යැයි සිතන රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයන් සහ නිලධාරීන් ගැන වීම ජාතික ඛෙදවාචකයකි.   
රාජිත වටා යොදවා ඇති ඔත්තුකරුවන් තිදෙනෙකුගේ සේයාරු මෙහි දැක්වෙන අතර අදාල රහස්‍ය ලේඛනය ද මෙහි දැක්වේ.

Comments