ටෙලිකොම් මලයාගේ වසර පහක මල්හතේ කළමනාකරණයේ ප්‍රතිඵල ‌මෙන්න..

Syndicated from lankaenews,



ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන හෙවත් ජනාධිපති ගමරාළගේ මලයා නිදාගන සිට අහම්බෙන් නැගිට ඇත.  එයට ප්‍රධානම හේතුව 2019 මැයි මස 8 වෙනි දින 2008 වසරේ සිට 2018 වසර දක්වා ආයතනයේ ආදායම, මෙහෙයුම් වියදම හා සේවකයින් සඳහා පඩි, අතිකාල, බටා සඳහා  යන වියදම සාමන්‍යධිකාරීවරුන්ට හා , නියෝජ්‍ය සාමන්‍යධිකාරීවරුන් වෙත ඉදිරිපත් කර ඇත. එහි පැහැදිලිව සේවකයින් සඳහා ගෙවන අතිකාල හා බටා සහතික කිරීමේදී ආයතනයට ලැබෙන ප්‍රතිලාභ ගැන සැලකිලිමත් විය යුතු යැයි සඳහන් කර තිබේ.  
ආයතනය තුල මානව සම්පත නිසියාකාර ලෙස කළමනාකරණය නොකර, ඉදිරි දැක්මක් නොමැතිව හෙංචයියන්ට ආයතනයට දැරීය නොහැකි ප්‍රමාණයේ  වරදාන වරප්‍රසාද ලබා දෙමින්, ආයතනය බංකොලොත් භාවයට පත් කර, ටෙලිකොම් ආයතනය දැරිය නොහැකි ණය සාගරයක ගිල්වා දමන ලද්දේ කුමාරසිංහ සිරිසේනයි. දැන් ටෙලිකොම් සමාගමේ නවතම තත්වය නම් ඊට තවත් ණය පොම්බ කිරීමට බැංකු අදි මදි කිරීමයි. 
සමාගම ප්‍රකාශ කරන ලද දත්ත වලට අනුව  ආදායම 2008 සිට 2018 දක්වා 31% කින් වැඩිවන අතර සේවකයින් සඳහා වියදම 98% කින්ද Human Capital Solution (SLT Subsidiary   ආයතනය) හි වියදම 508% ගුණයකින්ද මෙහෙයුම් වියදම 65% කින්ද වැඩිවී ඇත. වියදම් වල වැඩිවීම අදායම හා සසඳන විට ආයතනයට දැරිය හැකිද ? මලයාගේ සිරිසේනගේ හිස ගිනි ගත්තේ දැන්ද?
ආයතනයේ මානව සම්පත සඳහා යන වියදම වැඩිවීමට මුලික හේතුව නිසියාකාරව මානව සම්පත කළමනාකරණය නොකිරීමයි. HCS හි වියදම මෙලෙස වැඩි වීමට හේතුව කුමාරසිංහ සිරිසේන විසින් පොළොන්නරුවෙන් හා ගම්පහින් වැදගැම්මකට නැති සේවකයින් මහා පරිමාණයෙන් බඳවා ගැනීමයි. 
දැන් ආයතනයේ ඇති අලුත්ම තත්වය නම් සභාපති කුමාරසිංහ සිරිසේන ඇතුළුව දෙබෑයන් වන ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත ෆර්ඩිනැන්ඩස් විසින් සේවකයින්ට නොහොබිනා ලෙස බැන වදිමින් උන්මත්තකයින් ලෙස හැසිරීමයි. ජ්‍යෙෂ්ඨ අවංකව කටයුතු කරන නිලධාරීන්ට නොහොබිනා ලෙස බැන වැදීම  හේතුවෙන් එම නිලධාරින් ආයතනය අත්හැර යන තත්වයකට ඇද  දමා ඇත. මේ වනවිටත් අවංක ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ඇයගේ අස්වීම භාර දී ඇත. මේ නිසා ඉහල නිලධාරින්ද සිටින්නේ ඉතාමත් අසතුටිනි. සේවකයින් පවසන්නේ මෙලෙස කුමාරසිංහ සිරිසේන පිස්සු වැටී ඇත්තේ ඔහුට ඉතිරිව ඇත්තේ තව මාස 6 ක් වැනි කෙටි කාලයක් බැවිනි. 
වියදම ගැන කීමේදී ලස්සනම කතාව නම් ජනාධිපති ගේ " පිබිදෙමු පොල්ලොන්නරුව" වැඩ සටහනේදී පොළොන්නරුවේ ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනය මිලියන ගණන් වියදම් කර නවීකරණය කර ජනාධිපති අයියා අතින් පීත්ත පටියක් කපා විවෘත කිරීමයි. පීත්ත පටිය කපා අවසානයේදී මේ අකාරයෙන් අනවශ්‍ය  වියදම් කිරීම නවතා දමන ලෙස ජනාධිපතිවරයා තම මල්ලී වන සභාපතිවරයාට දොස් පවරා ඇතැයි කියති. එයද ගමරාළ පවුලේ ගේමකි.
(මලයාගේ කෙරුවාව දැක්වෙන අදාල දත්ත වාර්තා මෙහි දැක්වේ )

-ටෙලිකොම් රැක ගැනීමේ බලකාය- 

Comments