Syndicated from
දේශද්‍රෝහී ජනාධිපති විසින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් පළිගැනීම් වස් ඔහුගේ නිලධාරීන් තිදෙනෙකු බොරු චෝදනා නගා සිරභාරයට ගෙන තිබියදී එජාපෙ නායකයන් කරබාගෙන නපුංසක සෙයියාවෙන් සිටින්නේ මන්දැයි එක්සත් ජාතික පාක්ෂිකයෝ විමතිය පළකරති.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු ලංකාවේ තහනම් නැති ඉංග්‍රීසි වෙබ් අඩවියක පළ වූ දේශපාලන ලිපියක සිංහල පරිවර්තනයක් පිටපත් කර තමන්ගේ පාක්ෂිකයන් වෙත තැපැල් කිරීමට යද්දී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපතිගේ ඍජු නියෝග මත ඒ පිරිසට නීතිඥ සහායක් ලබා ගැනීමට පවා ඉඩ නොදී හදිසි නීතිය යටතේ සිරගත කර සිටී.
සත්‍ය වශයෙන්ම එකී ලිපියේ සඳහන් වන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම ජනාධිපති දැනගෙන සිටි බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එකී ඉංග්‍රීසි වෙබ් අඩවියේ ලිපියේ සඳහන් කරුණු අද වන තුරු කිසිදු පුද්ගලයෙකු ප්‍රතික්ෂේප කර නැති බව පවසයි. මාධ්‍යවේදියෙකු හට රටේ නායකයන්, දේශපාලකයන් සහ රට තුළ ඇති වන ඔ්නෑම සිදුවීමක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අයිතිය සතුය. රටේ ආරක්ෂාව උදෙසා මාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් හටද ඒ සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ලැබිය යුතුය යි කිරිඇල්ල මහතා පවසයි. මාධ්‍යවේදීන්ගේ විස්තර මාධ්‍ය වෙත මුදා හැරියා සේ අදාල ලිපියද මාධ්‍ය වෙත මුදා හරින ලෙසද කිරිඇල්ල මහතා වැඩිදුරටත් ඉල්ලා තිබේ.
නමුත් තම හොරය අසුවන නිසා මේ දක්වා මාධ්‍යලේකම් ඇතුළු පිරිස අසාධාරණ අයුක්ති සහගත ලෙස සිරභාරයේ තබාගෙන සිටින එකී ලිපිය ප්‍රසිද්ධ කර නැත.
කිරිඇල්ල මහතාගේ නිවේදනය මෙන්ම අදාල ලිපියද මේ සමග ප්‍රසිද්ධ කර ඇති අතර එය කියැවීමෙන් දේශද්‍රෝහී සිරිසේනගේ පළිගැනීමේ තරම සිතා ගත හැකිය. එය ජනාධිපතිට අපහාසයක් වන්නේ කෙසේද? එසේ නම් සිරිසේන ඒකාධිපතියෙක් වීමට තටමයි. අද කිරිඇල්ලට සිදුකළ දේ හෙට තවත් අයෙකුට සිදුකරනු නියතය. මාධ්‍ය නිදහස ගැන කතාකරන සංවිධානද මෙය සැලකිල්ලට ගත යුතුය.

Comments
Post a Comment