ද්විත්ව පුරවැසි ‘දිසාපති අප්පුහාමි’ එක්වරම රණවිරුවෙක් වෙලා; ගම්පහ පදිංචි එකාට සජිත් ත්‍රිමලයෙන් නිවසකුත් දීලා..!
Syndicated from lankaenews,
ත්‍රීකුණාමල දිසාපති නිශ්ශංක ආරච්චි අප්පුහාමිලාගේ පුෂ්පකුමාර හෙවත් එන්. ඒ. ඒ. පුෂ්පකුමාර නමැති රාජ්‍ය නිලධාරියාට ත්‍රිකුණාමල ‘සුමේධංකර පුර’ රණවිරු ගම්මානයෙහි මධ්‍යම පාන්තික නිවසක් ඉදිවෙමින් තිබේ. ඒ, ඇමති සජිත් ප්‍රේමදාසගේ ‘හිසට සෙවනක් හිතට නිවනක්’ තේමාව යටතේ ක්රියාත්මතවෙන උදාගම් සංකල්පය යටතේය. ඉන්නට හිටින්නට තැනක් නැති පවුලකට ගෙයක් දොරක් ඉදිකරදීම උදාගම් සංකල්පයේ ඉතා යහපත් අරමුණක් වන නමුත් මෙය එවැන්නක් නොවේ.
වර්ෂ 1959 01 02 ගම්පහදී උපත ලබා ඇති මෙහි ප්‍රධාන චරිතය වන ‘දිසාපති අප්පුහාමි’ අංක 8/17, උදුම්බරා ගාඩ්න්ස්, ගම්පහ පාර, යක්කල, යන ලිපිනයේ පදිංචිකරුවෙකි. අප්පුහාමිලාගේ මුළු පවුලම ලංකාවේ සහ සුවිට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසියෝ වෙති. මේ වනවිට විශ්‍රාම යාමට නියමිතව සිටින දිසාපති අප්පුහාමි, දෙමළ ජාතික සංධානයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝධියන් සම්බන්ධන්ගේ වුවමනාව මත තවත් මාස හයක සේවා දිගුවක් ලබාගෙන තිබේ. (සම්බන්ධන් සහ අප්පුහාමී එක්ව ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ සිංහල ජනතාවට සහ අතීත බෞද්ධ උරුමයන්ට සිදුකරන හානිය පිළිබඳව ඉදිරි ලිපියකින් කරුණු ගෙන ඒමට අපේක්ෂා කරමු. ඥාණසාරලා නොකියන ඇත්ත ද එයයි.)
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නිවාස අහිමි පවුල් 1800 ක ගේ නිවාස ඉල්ලුම්පත් සියල්ල පසෙක තබා දිසාපති අප්පුහාමිට මධ්‍යම පාන්තික නිවසක් රජයේ මුදලින්ම ඉදිකරදීම බරපතල ප්‍රශ්ණයකි. විළි ලැජ්ජා නැති වැඩකි. දිසාපතිවරයෙකුට මෙන්ම ප්‍රේමදාස පුතාට ද තරම් නොවන ක්‍රියාවකි.
ත්‍රීකුණාමල දිසාපති සහ දිසාලේකම් වන දිසාපති අප්පුහාමි හෙවත් එන්. ඒ. ඒ. පුෂ්පකුමාර විසින් සුමේධංකර පුර රණවිරු ගම්මානයෙහි සාදා ඇති නිවසට විදුලිය ලබාදීම සුදුසු බවට නිර්දේශ කරමින් වසම භාර ග්‍රාම නිළධාරී සරත් දිද්දෙනිය සහ ත්‍රීකුණාමල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරී එස්. ආර්. එස්. කේ. කුරුකුලසූරියගේ අත්සනින් යුතුව ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම්තුමා මඟින් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු වෙත 2019 - 02 - 14 දින යවා ඇති ලිපිය මෙසේය.
"ග්‍රාම නිළධාරී කාර්යාලය
සුමේධංකරපුර
R 29/13
2019 .02 .14
සුමේධංකරපුර
R 29/13
2019 .02 .14
ප්‍රාදේශීය ලේකම්තුමා මඟින්
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු ත්‍රීකුණාමලය
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු ත්‍රීකුණාමලය
නිවසට විදුලිය සැපයුම සඳහා සහතික කිරීම /එන් ඒ ඒ පුෂ්පකුමාර මැතිතුමා (දිසාපති හා දිස්ත්‍රීක් ලේකම්)
සුමේධංකරපුර විරු ගම්මානෙයහි එන්. ඒ. ඒ. පුෂ්පකුමාර මැතිතුමා විසින් සාදා ඇති නිවසට විදුලි සැපයම ලබාදීම සුදුසු බව මින් නිර්දේශ කරමි. “
අදාල ලිපියේ පිටපතක් සහ දිසාපති අප්පුහාමි ගම්පහ පදිංචිකරුවෙකු බව තහවුරු කෙරෙන ඔහුගේ හැඳුනුම් පතේ පිටපතක්ද පහත දැක්වේ.
Comments
Post a Comment