මෙතේ බුදුන් උපදින රටේ සිංහල ‌බෞද්ධයන් ‌මේ ම්ලේච්ඡයන් ගැන කියන්නේ කුමක්ද? ‌14 දා මිනුවන්ගොඩ මහ දවල් ඝාතනය..! (Video)

Syndicated from lankaenews,



මෙතේ බුදුන් උපදින රටේ සැබෑ සිංහල ‌බෞද්ධයන් ‌මේ ම්ලේච්ඡයන් ගැන කියන්නේ කුමක්ද? ‌මේ පසුගියදා මිනුවන්ගොඩයි..! ‌පොලිසියේ හැසිරීම නිවැරදිද? ප්‍රහාරකයන් මර්දනයේදී පමණක් ‌නොව වින්දිතයා ‌රෝහල් ගත කිරීමේ දී පවා  පොලිසිය ම්ලේච්ඡයන්ට යට වූ බව නොපෙනේද? මහ දවල් පහර කෑමට ලක් වූ මේ මුසල්මානුවා මිය ගියේ ය.  ‌මේ මිනීමරු අපරාධකාරයන් අත් අඩංගුවට ගත්තාද? නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කළාද? ‌මේ මුග්ධ ක්‍රියා ත්‍රස්තවාදයට ‌දෙන අනුබලයක් ‌නොවේද?
මේ වීඩියෝව අපරාධය සිදු වූ දිනයේම අප වෙත ලැබුනද ඇවිලී යන ජාතිවාදී ගිනිදැල් තවත් වැඩි වේවි යැයි සිතූ බැවින් අප ඒ දිනවල මෙය ප්‍රසිද්ධ කෙළේ නැත. නමුත් මේ වීඩියෝව රටේ පාලක විපක්ෂ දේශපාලනඥයන් රාශියකට යවන ලද්දේ ය. ඔවුන් සියළුම දෙනා තම කම්පාව පුද්ගලිකව අප ‌වෙත පළ කළ ද නීතියෙන් මේ මිනීමරුවන්ට දුන් දඬුවමක් ගැන අසන්නට නොලැබුණු බැවින් මෙය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට තීරණය කෙළෙමු.  
ඒ තිරශ්චීන වීඩියෝව පහත දිගුවෙන් බලන්න (uncover Video යන්න ක්ලික් කර නැරඹිය හැකියි)

Comments