Syndicated from lankanewsweb,
ඊයේ (13) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති වියත් මග විශේෂ සම්මන්ත්‍රණයෙන් පසුව වියත් මග සංවිධානය පමණක් නොව රාජපක්ෂ හිතවාදී කඳවුර දැඩි කලබලයට හා කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ. අප ඊයේ රාත්‍රී අනාවරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වියත් මග අත්තනෝමතික ලෙස භාවිතා කිරීම වියත් මග සංවිධානයේ නායකයන් බහුතරයකගේ විවේචනයට ලක්ව ඇති බවයි.
ගෝඨාභයගේ සොයුරු හිටපු ජනාධිපතිවරයා ද ගෝඨාභයගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබේ. වියත් මග සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සඳහා රොහාන් ගුණරත්න සම්බන්ධ කරගැනීම විවේචනය කරමින් රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවි ඊයේ පුවත් පළකළ අතර ඔවුන් බොහෝ දෙනා විමසා සිටින්නේ ඇමරිකානු ගැත්තෙකු, බටහිර කුමන්ත්‍රණකාරයෙකු, එන්ජීඕ කාරයෙකු ලෙස රාජපක්ෂලා විසින්ම හැඳින්වූ රොහාන් ගුණරත්න වැන්නන් දේශප්‍රේමීන් ලෙස භෞතීස්ම කළේ කෙසේද යන්න ඔවුන් විමසා සිටී.
මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ වන අතර අදාල හෝටලය ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම් හිතුමනාපයට විකුණා දැමුවේද රාජපක්ෂලා විසිනි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස සම්මන්ත්‍රණය සඳහා හෝටලය නොමිලේ ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
යුද්ධය අවසන්වීමෙන් වසර 09 කට පසුවත් යුද ජයග්‍රහණය විකුණමින්, ජාතිවාදය වපුරමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගන්නා ගෝඨාභය ප්රමුඛ රාජපක්ෂලා, එදා යුද්ධයට එරෙහිව සාකච්ඡා මාර්ගයෙන් ජනවාර්ගික ගැටලුව විසඳාගත යුතුය යන මතවාදය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සිය සමීපයට ගනිමින් අලුත් නාඩගමක් සඳහා අරඅඳිමින් සිටී. ප්‍රබාකරන් පොරක් ලෙස සැලකූ පුද්ගලයන් සමීපයට ගනිමින් ගෝඨාභය රාජපක්ෂ රචනා කරන අලුත්ම නාඩගම කුමක්ද යන්න රාජපක්ෂ කඳවුරේ සිටින බහුතරයක් ප්‍රශ්න කරමින් සිටී.
මාධ්‍ය දඩයම අතහැර නෑ
ඊයේ රාත්රියේදී ගෝඨාභය රාජපක්ෂ සිහ හෙංචයියන් ලවා තමන්ව විවේචනය කරන වෙබ් හිමිකරුවන්ට බලපෑම් එල්ල කර අදාල පුවත් ගලවා තිබේ. බලයේ සිටියදී මාධ්‍යවේදීන් ඝාතනය කළ, මාධ්‍යවේදීන් පැහැරගෙන ගිය, මාධ්‍යවේදීන්ගේ ඔලු පැලූ, මාධ්‍ය ආයතනවලට මහ දවල් ප්‍රහාර එල්ල කළ රාජපක්ෂලා තවමත් අනියම් අන්දමින් මාධ්‍ය ආයතනවලට සහ හිමිකරුවන්ට බලපෑම්, තර්ජන එල්ල කරමින් සිටී.
අපවෙත අදහස් දැක්වූ වෙබ් අඩවි කිහිපයක හිමිකරුවන් ප්‍රකාශ කළේ, ගෝඨාගේ තර්ජන හමුවේ අදාල පුවත් ගලවා දැමීමට සිදු වූ බවයි. 'මොනවා හරි අවුලක් උනොත් දන්නවා නේ වෙන දේ. අපි කොච්චර උදව් කළත් වැඩක් නෑ, පොඩ්ඩක් වැරදුනොත් අපිටත් ඉතිං ලසන්තලාට, එක්නැලිගොඩලාට වෙච්ච දේම තමයි. පණට ආදරේ නිසා නිවුස් එක ගලවන්න උනා' යනුවෙන් ඔවුන් අප හා ප්‍රකාශ කර සිටියේය.
ලංකා නිවුස් වෙබ් ගැන හොඳින්ම දන්නා ගෝඨාභයලා අපගේ පුවත සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැති අතර කිසිවිටෙකත් කුමන පුද්ගලයෙකුගේ හෝ බලපෑම්, තර්ජන, ගර්ජන හමුවේ අප ඉදිරියට තැබූ පියවර නැවත පසුබසට ගැනීමට සූදානම් නොමැති බව ද අවධාරණය කර සිටිමු.
Comments
Post a Comment