Syndicated from lankaenews,
විරුද්ධවීම හැර අන් කිසිදෙයක් නොදත්, වාචාලමතුන් මිස බුද්ධිමතුන් නොවූ, අපතයන් අතර අග්‍රගන්‍ය වූ, දේශපාලන බලය නොමැතිව එක රැයක් ගතකල නොහැකි, ජනතා බදු මුදලින් ඉගෙනුම ලබා ලද උතුම් රැකියාව හරහා පෞද්ගලික රෝහල්වල ඒජන්තයන් වී ජනතාව හූරාකෑමට ලක්කරන, සියලූ සත්ත්වයන් ගේ එළොව සුවපත් කිරීමට සැදී පැහැදී සිටිනවා යයි වදාරමින් තමන්ගේ පමණක් මෙළෝ සුවය විඳින ආදී විවිධ ගණයේ පිරිස් තාවකාලික සුවයක් හෙවත් ස්වයං වින්දනයක් පතා එකට එක්වීම ‘ජඩ පවුරක්‘ මිස ‘ජන පවුරක්‘ වන්නේ කෙසේද ? යන්න විග්රහ කළ යුතුය.
මොවුන් විරුද්ධවන්නේ විරුද්ධ විය යුතු දේට නොව පුරුද්දටය. මමත්වය ඉහවහා ගිය ඊර්ෂියාව ක්‍රෝධය වෛරය හිසෙන් බැස ඇති එළොවට කෙසේ වුව මෙළොවට පිළිකාවක් වී ඇති කොට්ඨාශයකි. මොවුන් සයිටම් වලට එරෙහි වන්නේ පෞද්ගලික කරණයට එරෙහිවීම යටතේය. සයිටම් යනු උසස් අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය වෛද්‍ය සිසුන් සඳහා වන ආයතනයකි. උපන්දා සිට මෙරට පෙර පාසල් අධ්‍යාපනය පූර්ණ ලෙසම පවතිනුයේ පෞද්ගලිකවය. ඉන්පසු රජයේ පාසල් අහිමි වූ ඉතා අධික පිරිසක් වෙනුවෙන් පෞද්ගලික පාසල් පද්ධතියක් ඇත. එමෙන්ම මෙරට විශ්වවිද්‍යාලවලින් පිරිනමන අනෙකුත් සියලුම උපාධි සඳහාද පෞද්ගලික ආයතන ඇත. ඒ අධ්‍යාපනය පැත්තෙනි. ගමනාගමනය අද වනවිට 90% ක්ම පෞද්ගලික කරණය වී ඇත. සෞඛ්‍ය සේවය කරට කර පෞද්ගලික කරණය වී ඇත්තේ රට පුරා පෞද්ගලික රෝහල්, පෞද්ගලික පරීක්ෂණාගාර, පෞද්ගලික ඔසුහල්, පෞද්ගලික චැනල් කඩ වැහි වහිමින්ය. රටේ මොනවා රජයට පවරා ගත්තද චැනල් සේවය පවරා ගන්නට වෙන්නේ GMOA ජොස්තරලා ගේ මලමිනී උඩින්ය. ජඩ පවුරකට මුවාවී පෞද්ගලික කරණයට එරෙහිව සටන් කරනවා යයි කියන පිරිස මේ වනවිට මෙරට අධ්‍යාපනයට අමතරව බැංකු, රක්ෂණය, තෙල්, ටෙලිකොම් ඇතුලු අනන්තවත් නිෂ්පාදන සහ සේවා ආයතන රාශියක් පෞද්ගලික කරණයෙන් ලද සේවාවන් අග්‍රගන්‍ය ලෙස භුක්තිවිඳින පිරිසකි. මේ විහිලු අතර ඉහළම විහිලුව වන්නේ මේ ජඩ පවුරේ සමහරු පෞද්ගලික කරණය ක්‍රියාත්මක කළ පිරිසක් වීමය.
25000 ක් වන සරසවි සිසුන්ගෙන් උද්ඝෝෂන කරන්නේ 10% කටත් අඩුවෙනි
අද සයිටම් විරෝධී මහා පුරුෂයන් දෙකොනෙන් බේරෙන ප්‍රකාශ නිකුත් කරනුයේ මුළු රටම සයිටම් විරෝධීව සිටියදි රජය පමණක් නැතිනම් රාජිත, එස්බී, කිරිඇල්ල පමණක් සයිටම් පක්ෂව සිටින බව පෙන්වමිනි. මේවාට සිනාසිය යුත්තේ පස්ස පැත්තෙනි.
කවුද මේ සයිටම් විරෝධීන්? මොකක්ද මේ සයිටම් විරෝධය? කියා බලමු. පවතින මතය අනුව විශ්වවිද්‍යාල සිසුන් යනු අධ්‍යාපනයේ යම් තරමකට ඉහළ දැනුමක් ලද පිරිසකි. නමුදු ගැටලුව අද පාරට බැස ඇති සිසුන්ගෙන් 90% ක්ම යාන්තමට කලා විෂයයන් වලින් කෝටා ක්‍රමයට විශ්ව විද්‍යාල ගත පිරිසකි. අදටත් හැම විශ්වවිද්‍යාලයකම කලා සිසුන් නොවන ඊට ඉහළ විෂයයන් හදාරන සිසුන් සැනහිල්ලේ අධ්‍යාපනයේ යෙදේ. ඉහත කලා සිසුන්ට අමතරව නවකවද බලහත්කාරයෙන් අමුනාගත් නවක සිසු සිසුවියන් පිරිසකුත් බිය සහ අනවබෝධයෙන් එක්ව ඇත. සිසුන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දෙතොත් පාරට බැසීමට ඉතිරිවනු ඇත්තේ අවම සුදුසුකම් ලද කලා විෂයධාරි වයසින් මෝරා යනතෙක් සරසවිය තුළ පොල්ගාමින් සිටින පිරිසක් පමණි. මීට හොඳම සාක්කිය නම් 25000 ක් වන සරසවි සිසු ගහණයෙන් උද්ඝෝෂන කරන්නේ සියයට 10 කටත් අඩු පිරිසක් වීමය.
ගමට තිබු එකම ලංගම බසයත් ගිනි තබා අද රජයේ දේපොල ගැන කතා කරන්නෝ
ජඩ පවුරේ තවත් කොට්ඨාශයක් වනුයේ දකුණත් වමත් කලවම් කරගත් දකුනේ සිටින වම්මුය. ඔවුන් සත්‍ය ලෙසටම දේශපාලන අවජාතකයන්ය. ඔවුන් නමින් ජෙප්පන් සහ පෙප්පන්ය. ජවිපෙ අයිතිය පිළිබඳ බූදල් ප්‍රශ්නයකට දික්කසාද වුවද එල්ලෙන්න වැලක් ලද විට පැරණි කෝන්තර අමතක කරදමා නැවත දීග කෑමක යෙදී ඇත. ඔවුන්ට අවශ්‍ය වනුයේ කෙසේ හෝ මෙරට අහිංසක ජනයාට තමන් හිතන සමාජවාදය බලහත්කාරයෙන් පෙවීමට ය. එයට එරෙහි වන්නේ කව්ද ඔවුන් මරා, කොටා, අතපය ගලවා, හිස ගසා, ගෙවල් ගිනිබත් කර, කෘෂි මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ සිට පාසල්, රෝහල්, ගමට තිබූ එකම ලංගම බසය පවා ගිනි තැබූ පිරිසකි. පෞද්ගලික කරණයට එරෙහිව රජයේ ආයතන පමණක් තිබිය යුතුයයි බෙරිහන් දෙන මොවුන් එදා මෙරට තිබූ එකම රාජ්‍ය ගමනා ගමනය වන ලංගම ගිනිබත් කලේ සාහසික ලෙසය.
ජඩ පවුරේ තවත් කණ්ඩායමක් නම් තමන් බලයට එක්ව සිටි යුගවල එම රජයන් කරන සියල්ල අනුමත කර එළියට විසිවුන පසු ඊට තමන් සම්බන්ධ නැතිවා සේ මරාගෙන මැරෙන විරෝධයක් දක්වන අවස්ථාවාදී පිරිස ය. අකමැති දේ අමතක කිරීමේ කලාව හොඳින් හදාරා ඇති ජෙප්පො අද මොවුන් සමග එක්ව ජඩ පවුරේ යෝධයන් වී ඇත. කාගෙ හෝ වාටියක එල්ලී ඒ ඒ කාලයට ගානක් කපා ගැනීම මොවුන්ගේ එකම ආදායම් මාර්ගය ය. ජෙප්පන්ගේ කුහකකම ගැන හොඳම උදාහරණය නම් තම සාමාජිකයන් පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව පාර දිගේ මරාගෙන මැරෙද්දී නායක අනුර කුමාරගේ ආදරණීය පුත්‍රයා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා රැකියාව කළ මිහින්ලංකා සිට එය අහෝසි වී අනෙකුන්ගේ රැකියා අහිමිවෙද්දී එයාර් ලංකාහි රැකියාව ලබා ගැනීම ය. එමෙන්ම තම වැටුප පවා නොලබා ජනතා සේවයට කැපවී සිටින ජවිපෙ නිහාල් ගලප්පත්ති ගේ ආදරණීය පුත්‍රයා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගත්තේද තාත්තාගේ පෞද්ගලික විරෝධී ජඩ පවුරට එක්වීමෙන්ද?
සරත් නන්ද සිල්වා වීරයා කර මායාදුන්නේ එළවා ගත් ජවිපෙ
ජවිපෙ පිළිබඳ තවත් කියමනා අවශ්‍ය ද? ජවිපෙ වරක් දූෂන විරෝධී පෙරමුණක් බිහිකර එහි ප්‍රධානියා ලෙස නම් කළේ ලෝක පූජිත දූෂිත මජර වනචර සරත් නන්ද සිල්වාය. එමෙන්ම පසුගිය මැතිවරණයේදී මෙරට පිළිගත් අවංක බුද්ධිමතුන් එක්කර එවන් බුද්ධිමතුන් ගේ ආශීර්වාදය ලබා ඔවුන් තමන්ගේ පක්ෂ ජාතික ලැයිස්තුවට නම් කර ජනතා ආකර්ශනය ලබා ඡන්ද ගොඩට තල්ලුවක් ලබා ගති. නමුදු ජවිපෙ සිතූ තරම් බලයක් නොලැබ පක්ෂ ප්‍රධානීන් පවා පරාජය වූ ඉසව්වේ ජවිපෙ කළේ ලැයිස්තුවෙන් පත්වූ රටේ කීර්තිමත් පුද්ගලයෙක් වූ හිටපු විගනකාධිපති මායාදුන්නේ පළවා හැර එම අසුන පරාජිත හඳුන්නෙත්තිට ලබාදීමය. සාමකාමී පුද්ගලයෙක් වූ මායාදුන්නේ දුන් දේ සුවඳයි කියා දෝ නිහඬව අසුන භාර දුන්නද දෙවන ලැයිස්තු අසුන හිමිවූ පුද්ගලයා ඒ සඳහා අරගලයක් කරන ලදී. නමුත් ජවිපෙ කෙසේ හෝ එම අසුනද තමුන්ගේ පරාජිතයෙකුට පිදුවේ ය. එයින් සිදුවූයේ රටම පිළිගත් මායාදුන්න ජවිපෙ පාක්ෂිකයෙක් යයි ගැහුණු හංවඩුව නිසා රටේ කිසිම ස්වාධීන ආයතනයක තණතුරකට පත්වීමක් නොලැබීමය. ජවිපෙ සහ GMOA දෙකොට්ඨාශයම තමුන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කෙනෙකු පාවාදී විනාශ කිරීමට සැදී පැහැදී සිටින අයුරු එයින් පැහැදිලි වනු ඇත.
GMOA අසූචි ගොඩ
GMOA ගැන කුමන කතාද.? කතා කිරීම අසූචි ගොඩක් අවුස්සනවා වාගේය. සභාපති අනුරුද්ධ පරාජිත විධායක මහින්දට අමු නිරුවතින් කඩේ ගිය චරිතයකි. මහින්දට ඡන්දය දිය යුතු යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අයෙකි. යහපාලනයක් සඳහා රට තවම සූදානම් නැතැයි කීවෙකි. එදා සයිටම් අරඹන විටදී පමණක් නොව ගෝටාගේ කොතලාවල පෞද්ගලික වෛද්‍ය පීඨය අරඹද්දීද ප්‍රසිද්ධියේ නිහඬව මෙන්ම අප්රසිද්ධියේ ගෝටා සහ මහින්ද සමග එක්ව ක්‍රියා කිරීම ද ප්‍රසිද්ධ රහසකි. GMOA ජොස්තරලාගේ තර්ක පුස් කැවුම් මෙනි. ඔවුන් ක්‍රියා කරන්නේ රාජපක්ෂලා යලි බලයට ගෙන ඒමේ සැඟවුනු න්‍යාය පත්රයකට අනුව බව ඕනෑම දෙපා සතෙකුට තේරුම් යනු ඇත.
ජනතා සේවයට නොමිලේ බිහිවූ 1990 ගිලන්රථ සේවයට එරෙහිව මරාගෙන මැරෙන්නට ඉදිරිපත් විය. එයින් රැගෙන එන රෝගීන් රෝහල්වලට බාර නොගන්නා බවද, ත්‍රීවිල් එකෙන් ආරක්ෂා සහිතව රෝගීන් ගෙන එන බවද, 1990 ගිලන් රථ වලින් ඇවිත් විදුලිය වද්දගන්නා බවද කීවෝය. රෝහලට රැගෙන එන රෝගීන් බාර නොගන්නා බවට ප්‍රකාශ කරන යුගයේදී රජයේ රෝහල් තමන්ම පෞද්ගලික කරණය කරගෙන සිටියා ද කියා හරියටම කිව නොහැක. ඈත පිටිසර ප්‍රදේශවලින් නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් මෙන්ම කෝටා ක්‍රමයෙන්ද වෛද්‍යවරුන් වූ සමහරක් වෛද්‍යවරුන්ට තමන්ගේ අපොස උ. පෙළ (සී -2 ක් සහ එස්- 1 ක් වන) ප්‍රතිඵලය පවා අමතක වෙද්දී අද සයිටම් හි ඉගෙනුම ලබන්නේ එස් 3 ක් පමණක් ඇති අය ය යන්න සමාජගත කිරීම මාරාන්තික විහිළුවක් මිස අන් කුමක්ද? සයිටම් හි A 3 ක් ලද නමුත් කෝටා ක්‍රමය නිසා අගතියට පත් සිසුන් සිටීම GMOA ට වගක් නැත.
GMOA පෞද්ගලික කරණයට විරුද්ධය. නමුත් අමු අමුවේ ජනතාව සූරාකන චැනල් ක්‍රමයට මුළුහදින්ම අනුගතය. රජයේ සේවය ගැන ඔවුන් පවසනුයේ රාජකාරිය පැය 24 ම ආවරණය කරන නිසා පැමිණීම පිටවීම අත්සන් කළ නොහැකි බවය. නමුත් හවස 4 වන විටම චැනල් කාමර වලය. අඛන්ඩව රාත්‍රී 10, 12 වනතුරු ලෙඩුන් පරීක්ෂා කරති. රෝගීන් ලවා පෞද්ගලික රෝහල් තුලදී ලබාගන්නට උපදෙස් දෙන වෛද්‍ය පරීක්ෂණ කොමිස් මුදල් චෙක්පත්මගින් වෛද්‍යවරුන් අතට පත්වේ. එපමනක් නොවේ. පෞද්ගලික ෆාමසි, පෞද්ගලික පරීකෂණාගාර, ඩිස්පැන්සරි කඩවලින් මරාගන්නේද අහිංසක ජනතාවය.
GMOA සත්‍ය ලෙසටම එරෙහිවනුයේ තමන්ගේ පොල් කැඩීමට තවත් අය එක්වීමේ වේදනාවටය. සයිටම් කඩයක් සේ පෙනෙන මොවුන්ට චැනල් කඩයක්, ව්‍යාපාරයක් නොව මුදල් අයකර සිදුකරන පුන්‍ය කටයුත්තක්ද යන්න දන්නේ නැත. එකට පෑහී සිටින ජවිපෙ එළහරකාගෙත් GMOA මීහරකාගෙත් පෞද්ගලික කරණයේ මතය අපූරුය. සයිටම් සටන කෙළවර වූ දාට උද්දච්ඡ ජොස්තරලා ගැන අපට රටට ජවිපෙන්ම අසා ගත හැකිය. අද කම්කරු ජනයාට සයිටම් විරෝධි සටනට එක්වන ලෙස ඉල්ලන ජොස්තරලා එදා රජයේ සේවකයන්ට 10000 කින් පඩි වැඩි කිරීමට එරෙහිව සටන් කිරීමට පෙළඹුනි. ජොස්තරලා පැවසුවේ ඔවුන්ට 10000 කින් වැටුප් වැඩි කරනවානම් තමන්ට 50000 ක් වැඩි කළ යුතුබවය. මන්ද වැටුප් පරතරය තබාගත යුතු නිසා ය. මෙවන් උද්දච්ඡ ආත්මාර්ථකාමී තිරිසන් ජොස්තරලාට තම කුඩා කාලයේ ගුණවත් යහපත් දෙමාපියන් උගන්වා ඇති ගුණගරුක දේ පවා අමතකවීම පුදුමයක් නොවන්නේ තමන්ගේ විභාග ප්‍රතිඵල ද අමතක වන නිසාය.
නාඩි වැඩ නොකරන වම්මු
සයිටම් විරෝධී ජඩපවුරේ පතාකයන් වී ඇති පැරණි වමේ හාදයන් ගැන කතාකිරීම ලැජ්ජා සහගත වුවද එය කතාකල යුතුව ඇත. ජීවිතකාලය පුරා වමේ දේශපාලනය නැවත ගොඩගත නොහැකි අගාධයකට ඇද දමා දෙපයම වලට බරවී ඇති නාඩි වැඩ නොකරන වාචාල කට පමණක් වැඩ කරන නොතේරූ කසල ගොඩක් වන් මේ නරුම හාදයන්ද දැන් ඉන්නේ මරාගෙන මැරෙන නොව ඇත්තටම මැරෙන සටනකය. දිනේෂ් ගුණවර්ධන යනු සයිටම් ආරම්භක පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පුද්ගලයාය. වාසු යනු සයිටම් පමණක් නොව ඒකාධිපති 18 වන සංශෝධනය අගය කරමින් ඒ සඳහා පෙනී සිටි කෙනෙකි. මේ වයෝවෘද්ධිකයන් දෙදෙනාටම එදා තිබු නාඩි ක්‍රියාකාරිත්වය අද නැති බවද සැබෑය. 80 වර්ජනය මෙහෙයවා ලක්ෂ ගණනකට රැකියා අහිමිකර තමන් දේශපාලන රැකියාවක් ලබාගත් නරුමයෙකි. වර්ජන මෙහෙයවා රැකියා අහිමිකර එහි වරද පැවති රජයට පවරා වාසුලා වරදාන සහිත මංත්රීපදවි ලබාගැනීමත්, කැරැල්ලක් ඇතිකර තරුණ පිරිස් ඝාතනයට ඉලක්ක කරවා එහි වරද ද පැවති රජයට පවරා අද වරදාන සහිත මංත්රීපදවි විඳින ජවිපෙ ත් අතර ඇති වෙනස කුමක් ද?
මහින්දගේ ඒකාබද්ධය රටේ යහපතට දියුණුවට මලබද්දයක් වීම හැර වෙන කළහැකි දෙයක් නැති නිසා සයිටම් විරෝධයට රහසින් හාමුවී ඇත්තේ ජනයා ඔවුන්ගේ හෙළුව හොඳින් හඳුනන නිසාය. මේ දේශපාලන අපතයන්ද, ඔවුන්ගේ සෙවන ලබන බලය තිබූ යුගයේ ඉසුරු ලැබූ ඒක පුද්ගල පාක්ෂික නායකයන්ද, නාමික වෘත්තීය සමිති අපත නායකයන්ද නිතර පවසනුයේ අපි පාරට බැස ජනතාව සමග පෙරළි කරනවා ය යන්නය. නමුදු අවබෝධය මුහුකුරා ගිය මෙරට බුද්ධිමත් සංවේදී ජනයා කානුවට වැටී සිටින මොවුන් සමග පාරට නොබසින බව දන්නා මෙම වාචාල නඩය රජය කටින් බියකර ගැනීමට කරන අසාර්ථක උත්සාහය රටට ගෙනෙනුයේ උත්ප්රාසයක් ම පමණි.
මහින්දගේ ඒකාබද්ධය රටේ යහපතට දියුණුවට මලබද්දයක් වීම හැර වෙන කළහැකි දෙයක් නැති නිසා සයිටම් විරෝධයට රහසින් හාමුවී ඇත්තේ ජනයා ඔවුන්ගේ හෙළුව හොඳින් හඳුනන නිසාය. මේ දේශපාලන අපතයන්ද, ඔවුන්ගේ සෙවන ලබන බලය තිබූ යුගයේ ඉසුරු ලැබූ ඒක පුද්ගල පාක්ෂික නායකයන්ද, නාමික වෘත්තීය සමිති අපත නායකයන්ද නිතර පවසනුයේ අපි පාරට බැස ජනතාව සමග පෙරළි කරනවා ය යන්නය. නමුදු අවබෝධය මුහුකුරා ගිය මෙරට බුද්ධිමත් සංවේදී ජනයා කානුවට වැටී සිටින මොවුන් සමග පාරට නොබසින බව දන්නා මෙම වාචාල නඩය රජය කටින් බියකර ගැනීමට කරන අසාර්ථක උත්සාහය රටට ගෙනෙනුයේ උත්ප්රාසයක් ම පමණි.
මල් පෙරහැරක් තරම් ගණන් නොගත් පාද යාත්‍රා
රට පුරා සයිටම් විරෝධයක් ගොඩනැගී ඇති බවත් රටේම ජනතාව සයිටම් එපා කියද්දී රජය පමණක් සයිටම් රකින බවත් මොවුන් අධෝ මුඛයෙන් පවසති. මොවුන්ට ඇත්තේ අන්ධ අනුගාමික සුළු පිරිසක් පමණි. රටපුරා උද්ඝෝෂණ යයි පැවසුවද විශ්ව විද්‍යාල නොපවතින කිසිදු ප්‍රදේශයක සයිටම් විරෝධයක් තියා ඒ කුමක්ද යන්න පවා දැනුමක් නොමැත. මහා ජන විරෝධයක් ලෙස මාධ්‍ය පිම්බීමක් ලබා ගන්නට උත්සාහ කළද එය සත්‍යයක් නොවූ බව මොවුන් හොඳින්ම දන්නා නිසා පාද යාත්‍රා පෙළපාලියක් ගියේ ය. මෙම ලියුම්කරු පසුගිය පෙළපාලිය පුරාවටම පෞද්ගලිකව අධ්‍යයනයක යෙදුන අතර මේ සඳහා මග දෙපස ජනතාවගෙන් කිසිදු පිළිගතහැකි අනුග්‍රහයක් නොලද බව සියැසින්ම දුටිමි. ජනතාවට මෙය පාරේ ගමන් කරන මල් පෙරහැරකට, මියගිය දේහයන් රැගෙන යන අවමගුල් පෙරහැරකට වඩා යමක් නොවිණ.
රජයක් යනු රජයක් ම විය යුතුය. පාලකයන් යම් තරමකට හෝ නිර්භීත විය යුතුය. පඹයන් රජ විය යුතු නැත. රජවරුන් පඹයන්ද විය යුතු නැත. බහුතරය කුමක්ද? සුළුතරය කුමක්ද? යන්න වටහා ගත යුතුය. අප්‍රමාද විය යුතුය. ප්‍රමාදයේ ආනිශංස දැන සිටිය යුතුය. රජයත් ජනතාවත් බියගන්වා තම ආත්මාර්ථකාමී වාසිය උදෙසා වලිකන GMOA ජවිපෙ, පෙරටුගාමී, ටයිපටියටත් රතු පටියටත් නිසි පාඩම කියා දිය යුතුය. සම-හරක් චීවරදාරීන් ශාසනය අළෙවිකර පාපකරුම කළද, වෛද්‍යවරුන් තම සේවය ඉවතලා මුදල් සෙවීමටම පෙළඹුනද, වෘත්තීය සමිති සේවක උන්නතිය අමතක කර අතයට ලාභයට රජයන් පෙරලීමට පෙළඹුනද, පැරණි සහ නව වම්මු පරාර්ථය ඉවතලා තම දරුපවුල් වෙනුවෙන් කඩේ ගියද, ජනතාව පත්කළ රජයක් තමුන්ට පැවරූ පාලනය නම් වූ උතුම් සහ ගෞරවණීය කාරිය පසෙක ලා එක එකාගේ කටේ හයියට අතේ හයියට දණ නැමීම නොකළ යුතුය. එය ලිච්ඡවිද අජාසත්තද යන්න නොව තමාගේ කාරිය නිසි කල නිසි ලෙස කළ යුතුමය. ලිච්ඡවි අගයන අයට එලෙස ද අජාසත්ත අගයන අයට එළෙස ද ප්‍රතිචාර දිය යුතුය. පාලකයා පාලනය පමණක් කළ යුතුය. කීමට ඉතිරිව ඇත්තේ එක දෙයකි. පමාවීම යනු අඩි 6 ක් ගැඹුරු වලවල් ලක්ෂ 62 ක් කපා ගැනීමය.
Comments
Post a Comment