Syndicated from lankadeepa,
ප්‍රශ්නය- බැඳුම්කර ජනපති කොමිසම පත්කරද්දී ඒකාබද්ධ විපක්ෂය එය පලක් නැති ක්‍රියාවක් හැටියට අර්ථකතනය කළා. තාමත් සිටින්නේ ඒ ස්ථාවරයේමද?
පිළිතුර- මෙතැන අවුලක්නෙ වුණේ. මේ අය කොමිසම හරහා මෙවැනි සාක්ෂි ඒවි කියලා හිතුවෙ නෑ. මේකෙ නියම හොරු තාම එලියට ආවේ නෑ. අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව බැඳුම්කර සල්ලි දීලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්ටයි. ලක්ෂ පනහ සීය අතරෙ මුදල් දීලා තිබෙනවා. ඔවුන් ඒවා මැතිවරණයට වියදම් කළා. සාමාන්‍ය නීතියට අනුව හොර බඩුවක් ගත්තත් වැරැදිකාරයෙක්. හැබැයි බැඳුම්කර ගනුදෙනුවෙදි එලියට ආවේ රවි කරුණානායක මහතා විතරයි. කතාවට කියනව වගේ ඒක ලූණු බිකක් තමයි.
සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ
රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම, බැඳුම්කර ජනපති කොමිසමේ ක්‍රියාවලිය, මහා පරිමාණ වංචා දූෂණ ගැන නව ජනපති කොමිසමක් පත්කිරීම, අධිකරණ ඇමැතිවරයාට එරෙහිව එන විශ්වාසභංගය, රාජ්‍ය දේපළ බදු දීම හා සින්නක්කරදීම, විදානගමගේලා තනතුරු ගැනීම හා ව්‍යවස්ථා මණ්ඩලය තුළ කටයුතු කිරීම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ගම්පහ දිස්ත්‍රික් එ.ජ.නි.ස මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතායි.
ප්‍රශ්නය- රවී කරුණානායක ඇමැතිවරයා අස්වුණා. මේ අස්වීම එක්ක ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයත් අහවර වුණා නේද?
පිළිතුර - මේ බැඳුම්කර ගනුදෙනුව වහන්න ආණ්ඩුව මුල සිටම නොයෙක් උප්පරවැට්ටි යෙදුවා. මේක සිදුවුණේ දින සීයෙ ආණ්ඩුවෙ කාලෙයි. කෝප් කමිටු සභාපති හැටියට ඩිව් ගුණසේකර මහතා මේ බව කියලා සාකච්ඡාවකට යන්න හැදුවාම එදා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ජනතාවට ඒ ගැන කරුණු දක්වන්න හදද්දී ඒක කළේ වත්මන් ජනාධිපතිතුමයි. ඊටපස්සෙ අලුත් පාර්ලිමේන්තුව යටතේත් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මේක කිව්වා. එතකොට ත්‍රිපුද්ගල කමිටුවක් දාලා වාර්තාවක් ගත්තා. ඒකෙදි පරිපාලන දුර්වලතා කියලා කිව්ව මිස හොරකමක් වෙලා යැයි කිව්වේ නෑ. රටේ ජනතාවටත් මහ බැංකු බැඳුම්කර හොරකම ගැන අවබෝධයක් තිබුණේ නෑ. හැබැයි කෝප් එකේ හිටපු මහින්දානන්ද අළුත්ගමගේ හා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරු දිගින් දිගටම මේ ගැන කතා කරද්දී ආණ්ඩුවේ ශ්‍රීලනිප පිරිසේත් මතයක් හැදුණා. අමරවීර ඇමැතිවරයා අල්ලස් කොමිසමට ගියේ ඒ නිසයි. අපි උසාවියට යා යුතු යැයි කිව්වත් ජනපති කොමිසමක් පත්කළා. අපි විශ්වාසභංගයක් ගේන්න හැදුවේ මේ හොරකම ගැන විවාදයක් අරගෙන සාකච්ඡා කරන්නයි. ඒකට ආණ්ඩුවේම අය සහය දෙනවා කිව්වාම ඔහු ඉවත් වුණා. ඒකෙන් මේ ප්‍රශ්නෙ නතර වෙන්නේ නෑ.
පිළිතුර - මේ බැඳුම්කර ගනුදෙනුව වහන්න ආණ්ඩුව මුල සිටම නොයෙක් උප්පරවැට්ටි යෙදුවා. මේක සිදුවුණේ දින සීයෙ ආණ්ඩුවෙ කාලෙයි. කෝප් කමිටු සභාපති හැටියට ඩිව් ගුණසේකර මහතා මේ බව කියලා සාකච්ඡාවකට යන්න හැදුවාම එදා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ජනතාවට ඒ ගැන කරුණු දක්වන්න හදද්දී ඒක කළේ වත්මන් ජනාධිපතිතුමයි. ඊටපස්සෙ අලුත් පාර්ලිමේන්තුව යටතේත් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මේක කිව්වා. එතකොට ත්‍රිපුද්ගල කමිටුවක් දාලා වාර්තාවක් ගත්තා. ඒකෙදි පරිපාලන දුර්වලතා කියලා කිව්ව මිස හොරකමක් වෙලා යැයි කිව්වේ නෑ. රටේ ජනතාවටත් මහ බැංකු බැඳුම්කර හොරකම ගැන අවබෝධයක් තිබුණේ නෑ. හැබැයි කෝප් එකේ හිටපු මහින්දානන්ද අළුත්ගමගේ හා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරු දිගින් දිගටම මේ ගැන කතා කරද්දී ආණ්ඩුවේ ශ්‍රීලනිප පිරිසේත් මතයක් හැදුණා. අමරවීර ඇමැතිවරයා අල්ලස් කොමිසමට ගියේ ඒ නිසයි. අපි උසාවියට යා යුතු යැයි කිව්වත් ජනපති කොමිසමක් පත්කළා. අපි විශ්වාසභංගයක් ගේන්න හැදුවේ මේ හොරකම ගැන විවාදයක් අරගෙන සාකච්ඡා කරන්නයි. ඒකට ආණ්ඩුවේම අය සහය දෙනවා කිව්වාම ඔහු ඉවත් වුණා. ඒකෙන් මේ ප්‍රශ්නෙ නතර වෙන්නේ නෑ.
ප්‍රශ්නය- බැඳුම්කර ජනපති කොමිසම පත්කරද්දී ඒකාබද්ධ විපක්ෂය එය පලක් නැති ක්‍රියාවක් හැටියට අර්ථකතනය කළා. තාමත් සිටින්නේ ඒ ස්ථාවරයේමද?
පිළිතුර- මෙතැන අවුලක්නෙ වුණේ. මේ අය කොමිසම හරහා මෙවැනි සාක්ෂි ඒවි කියලා හිතුවෙ නෑ. මේකෙ නියම හොරු තාම එලියට ආවේ නෑ. අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව බැඳුම්කර සල්ලි දීලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්ටයි. ලක්ෂ පනහ සීය අතරෙ මුදල් දීලා තිබෙනවා. ඔවුන් ඒවා මැතිවරණයට වියදම් කළා. සාමාන්‍ය නීතියට අනුව හොර බඩුවක් ගත්තත් වැරැදිකාරයෙක්. හැබැයි බැඳුම්කර ගනුදෙනුවෙදි එලියට ආවේ රවි කරුණානායක මහතා විතරයි. කතාවට කියනව වගේ ඒක ලූණු බිකක් තමයි.
ප්‍රශ්නය - කොමිසම වෙනුවට උසාවියට ගියා නම් හොඳයි කියලද තාම හිතන්නේ?
පිළිතුර- අපි නඩුවක් දාන්න හැදුවේ කෝප් වාර්තාව මූලික කරගෙනයි. හැබැයි මේ කොමිසමට දඬුවමක් දෙන්න බෑ. ඒකනෙ ඇමැතිකමින් අසවෙන්නේ. ඒක තාවකාලික කැපකිරීමක්. මේවා මේ උපායමාර්ග හැටියටත් සළකන්න පුළුවන්.

ප්‍රශ්නය- හැබැයි අගමැතිවරයා පැවැසුවේ මින් පෙර මේ විදියට මොන චෝදනා ආවත් ඇමැතිවරු ඉල්ලා නොවුණු පසුබිමක එජාපය මෙමගින් නව දේශපාලන සංස්කෘතියකට පාර කැපූ බවයි. මේ වෙනස ගැන මොකද හිතන්නේ?
පිළිතුර - තිබුණු චෝදනා එක්ක එතුමා අයින්වෙන්න තීරණය කිරීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි එතුමා කැමැත්තෙන් අයින්වුණේ නෑ. බලපෑම මත අයින්වෙන් සිදුවුණා. මීට පෙර ආණ්ඩුවලදි මෙවැනි තත්ත්වයක් උද්ගත වුණේ නෑ. එහෙම චෝදනා තිබුණා නම් විපක්ෂයක් හැටියට කාර්යභාරය ඉටුවෙලා නෑ කියලයි අපිට කියන්න වෙන්නේ.

ප්‍රශ්නය- පහුගිය ආණ්ඩු පාලන කාලයේදීත් මේ වැනි චෝදනා දිගින් දිගට ආවත් මෙහෙම කොමිසම් පත්කිරීමක් වුණේ නෑ කියන කාරණය ඔබ පිළිගන්නවද?
පිලිතුර- රටේ යහපාලනය තහවුරු කරන බවට කළ බරපතල අවධාරණයන් එක්ක කොමිසමක් පත්කිරීම හැර ජනාධිපතිවරයාට වෙන විකල්පයක් තිබුණේ නෑ. මේකෙන් නිදහස් වෙන්න නම් ඔහුට මේ කොමිසම පත්කළ යුතුම වුණා. හොඳට හෝ නරකට ඒ පත්කිරීම නිසා අනාවරණයන් වුණා. හැබැයි දැනට තිබෙන තොරතුරු අනුව කොමිසමේ තත්ත්වය යහපත් නෑ.

ප්‍රශ්නය- කොමිසමේ තත්ත්වය යහපත් නැහැ කියන්නේ මොකද්ද? පැහැදිලි කළ හැකිද?
පිළිතුර- මේ වෙනකොට ආණ්ඩුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ලොකු බලපෑමක් කෙරෙනවා. මාධ්‍ය මගින්, රැස්වීම්වල කරන කතා මගින් නීතිපති දෙපාර්තමේන්තුවට වෙන්නේ ලොකු බලපෑමක්. ලූණු බික හොයාගත්තට මහා හොරකම හොයාගන්න බැරිවේවිද කියන සැකයයි අපිට තිබෙන්නේ.

ප්‍රශ්නය- පහුගිය පාලන කාලයේදී සිදු වී යැයි චෝදනා එල්ල වන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙනුත් මෙවැනිම කොමිසමක් පත්කරන්නැයි එජාපය ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. මේ ඉල්ලීමට ඔබ කැමැති ද?
පිළිතුර- ඒක හොඳයි. වැරැදි කරලා තිබෙනවා නම් කවුරු හෝ චෝදනා ඔප්පු කරන එක හොඳයි. බොරුවට චෝදනා එල්ල කරලා, ඒ චෝදනා මැතිවරණ ජයග්‍රහණයට පාවිච්චි කරලාත් අවුරුදු දෙකහමාරක් ගතවෙද්දී ඒවා ඔප්පු කරගන්න බැරි නම් කොමිසමක් පත්කරලා හරි නීතිය ක්‍රියාත්මක කරන එක හොඳයි.

ප්‍රශ්නය- පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනඒමට කටයුතු කරන බව එජාපයේම පිරිසක් කියනවා. ඒකාබද්ධ විපක්ෂය මොකද කියන්නේ?
පිළිතුර- විජේදාස මැතිතුමාට තිබෙන චෝදනා ගැන අපි තාම හරියට දන්නේ නෑ. හැබැයි පහුගිය කාලයේදී වරාය විකිණීම වැනි දේ සමඟ පාර්ලිමේන්තුවේ එතුමා දැක් වූ අදහස් හා අපේ අදහස් සමානයි. එතුමා කියන්නෙ ඒක විකුණන එක වැරැදියි කියලා. මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයාට විජයදාස මහතා දුන් උත්තර නිසා කුපිතයට පත්වුණේ දෙමළ ඩයස්පෝරාවයි. ඩයස්පෝරාව කුපිත වෙද්දී කලකිරෙන්නේ මේ ආණ්ඩුවයි. ඒ ගොල්ලො කියන්නේ හොරු අල්ලන්නේ නෑ කියලනෙ. ඒක උසාවියට බෑ. ඒකට තමයි එෆ්.සී.අයි.ඩී කියලා එකක් මේ ආණ්ඩුවෙන් හැදුවේ. ඒකෙන් ෆයිල් නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වාම ඒකට නඩුවක් ගොනුකළ හැකිද නොහැකිද කියන එක දන්නේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීනුයි. අධිකරණයට බලපෑම් කරන්නෙ නෑ කියලා බලයට ආපු ආණ්ඩුවම දැන් ඒ නිලධාරින්ට බැණලා කෑ ගහලා වැඩ කරන්න හදනවා. අධිකරණයට ඉහළම බලපෑම කරන්නේ මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුයි.

ප්‍රශ්නය- මේ ප්‍රකාශය කරන්නේ විජයදාස රාජපක්ෂට එරෙහි විශ්වාසභංගයකට සහාය දක්වන්නේ නෑ කියන පූර්ව උපකල්පනයකින් නොවෙයිද?
පිළිතුර- නෑ. අපි එහෙම උපකල්පනයක නෑ. ඔවුන් දිගටම කියන්නේ නීතිපති එකට යවපු ෆයිල් සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කළේ නෑ කියන එකනෙ. ඉතින් හේතුව ඒක නම් ඇමැතිවරයාට ගෙනෙන විශ්වාසභංගයක් හරහා මේ උත්සාහ කරන්නේ අධිකරණයට බලපෑමක් කරන්නනෙ. ඒ අය ගේන එකට සහාය දෙන්න අපිට කිසිම වුවමනාවක් නෑ. ඩිලාන් පෙරේරා ඇමැතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලිව කිව්වා.

ප්‍රශ්නය- රාජ්‍ය දේපළ බදු දීම හා සින්නක්කරව දීම ගැන විශාල විවාදයක් ඇතිව තිබෙනවා. රාජක්ෂ ආණ්ඩුව පෝට් සිටිය සින්නක්කරව දීමට ගිය බවට චෝදනා එල්ලවෙද්දී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හොංකොං කේන්ද්‍ර කරගත් ෂැන්ග්‍රි ලා සමාගමට ඔප්පුවකින් සින්නක්කරව ලබාදීමේ ගනුදෙනුව ගැනත් කරලියට පැමිණ තිබෙනවා. හැබැයි මේ විවාදයේදී ඒකාබද්ධ විපක්ෂය තර්ක කරන්නේ දෙබිඩි ස්වරූපයකින් යැයි චෝදනා එල්ලවෙනවා. කතාව ඇත්තද?
පිළිතුර- පළමු වැනි කාරණය නම් මේ ආණ්ඩුව බලයට ආවේ අපි කරපු වැරැදි කරන්නේ නෑ කියලයි. රාජ්‍ය දේපළ විකුණන්නේ නෑ කියන පනත ගෙනාවේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ කාලෙයි. මේ බදුදීම් කරන්නේ ඒ පනත ඉවත්කරලයි. ෂැංග්‍රිලා හෝටලය ගැන කියද්දී කාරණා කීපයක් අවධාරණය කළ යුතුයි. යුද්ධ උණුසුම සමඟ ආයෝජකයන් නොආපු කාලයක ආයෝජකයන් ගෙන්වාගැනීමේ උපායක් හැටියටයි ඒ ඉඩම ලබාදුන්නේ. ඒ එක්කම තමයි මින්පසු මෙවැනි ඉඩම් විකුණන්න බෑ කියලා පනතක් ගෙනාවෙත්. තුන් වැනි කාරණය සින්නක්කර විකිණීම හා බදුදීම අතර ලොකු වෙනසක් නෑ. පෝට් සිටිය දෙද්දී වැඩි ප්‍රතිශතය තිබුණේ අපිටයි. මේ ආණ්ඩුව තව අක්කර විසි ගාණක් වැඩිපුර දීලා බදු දුන්නා. හැබැයි අවසානයේදී ඔවුන්ට ලැබෙන්නේ සින්නක්කර ඔප්පු. හොඳම උදාහරණය එජාප ආණ්ඩුව කාලේ වැල්ලවත්තේ කොහු මෝලේ ඉඩම. ඉඩම දුන්නේ බදු. හැබැයි ව්‍යාපෘතිය අවසාන වෙද්දී ඔප්පු දුන්නේ සින්නක්කර. පෝට් සිටියෙ වෙන්නෙත් ඒක.

එහෙම නම් ආණ්ඩුව ඒ අපාර්ට්මන්ට්ස් ගන්න අයට කියන්න ඕනේ කවදාවත් සින්නක්කර ඔප්පු දෙන්නේ නෑ කියලා. ආණ්ඩුව එහෙම කියන්නේ නෑනෙ. කලින් පැවැති විදියට අඩු ගානෙ අපට අයිතියක් තිබුණා. හැබැයි මේකත් කිව යුතුයි. ඒ ක්‍රමයට ගියත් අන්තිමේදී සින්නක්කර ඔප්පු දෙන්න වෙනවා.
ප්‍රශ්නය- සැප්තැම්බරය වනවිට ආණ්ඩුවේ බලය ගිලිහෙන තැනට සුළුතරයක් කරන බවට ඒකාබද්ධ විපක්ෂය කිව්වා. ඒවා නිකම් වහසි බස් ද? හුදු දේශපාලන ප්‍රකාශ ද?
පිළිතුර- මේ ආණ්ඩුව ගැන අද වනවිට ශ්‍රීලනිප ඇමැතිවරුම කලකිරිලයි ඉන්නේ.

අපි ආණ්ඩුවෙන් යනවා කියල ඔවුන් කියන්නේ ඒ නිසයි. මොකද මොන විදියට දේශපාලනය කළත් අන්තිමේදී ගමට යද්දී මිනිස්සු එක්ක නැතිනම් ඒ දේශපාලනය කරන්න බැරිවෙනවා. තව ටික දවසකින් මේ ආණ්ඩුව ගෙනියන්න බැරි වෙද්දී විශාල පිරිසක් ගැලවේවි. පළාත් සභා, පලාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලීම් කරද්දිත් මේ අය ඡන්ද කල්දානවා. මැතිවරණයකදී ආණ්ඩුවිරෝධී බලවේග සියල්ල ඒකාබද්ධ වෙද්දී ආණ්ඩුවේ සිටින ඩිලාන් පෙරේරා අමැතිතුමන්ලා ඇතුලුව ශ්‍රීලනිප බහුතරය අපි එක්ක සිටිීවි.
ප්‍රශ්නය- හැබැයි ඔබලා එහෙම කියද්දී ඒකාබද්ධය එක්ක මෙතෙක් වැඩ කළ ඌවේ විදානගමගේ සහෝදරවරු ගැලවිලා මෛත්‍රී පිලට යනවා. මේ වෙන්නෙ අනික් පැත්තද?
පිළිතුර- අනුර විදානගමගේ මන්ත්‍රීතුමා කවදාවත් ඒකාබද්ධ විපක්ෂයේ වැඩවලට සහභාගී වුණේ නෑ. තේනුක මන්ත්‍රීතුමා නම් අපිත් එක්ක එදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. එයාට දීලා තිබෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයක්. තමන්ගෙ සහෝදරයා ඇමැතිකම ගන්න ගිය වෙලාවේ ඔහුට ඒක දුන්නාම ඔහු එය බාරගෙන තිබෙනවා. ඉදිරියේදී එතුමා ඒ සම්බන්ධව නිවැරැදි තීන්දු ගනීවි. තනතුර ගත්තාට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් නොවූ බව මේ ගැන කළ දුරකථන සාකච්ඡාවකදී එතුමා පැහැදිලිව මට කිව්වා.

ප්‍රශ්නය- ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වුණත් ඒකාබද්ධ විපක්ෂය හැටියට ඔබතුමන්ලා තාම එහි ඉන්නවා. ඒ ඇයි?
පිළිතුර- ඒකාබද්ධ විපක්ෂය තුළ පක්ෂ ගොඩක් ඉන්නවා. එහි නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමකදී ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතු යැයි තීරණය කළා. හැබැයි තවත් පක්ෂ කිව්වේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආණ්ඩුවට වුවමනා ආකාරයට සිදුකිරීම වැළැක්වීමට නම් කවුරු හෝ ඒ තුළ සිටිය යුතු බවයි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ බහුතර නායකයන්ගේ මතය වුණේ ඇතුලේ ඉඳගෙන ව්‍යවස්ථාවිරෝධී යෝජනාවලට විරුද්ධ විය යුතු බවයි. බුද්ධාගම ගැන ආපු යෝජනා රටට අනාවරණය වුණේ අපි මෙහෙයුම් මණ්ඩලේ සිටි නිසයි. අපි ඒකෙ සිටියෙ නැත්නම් මේවා අනාවරණය වෙන්නේ නෑ. ඒක අපේ වගකීමක්. යුතුකමක්. මේ ව්‍යවස්ථාවට විරුද්ධ වෙනවා යැයි අපි පක්ෂ නායකයන් තීන්දුවක් ගත්තා. ඒ විරෝධයේ ක්‍රමවේදයයි වෙනස් වෙන්නේ.

ප්‍රශ්නය- හැබැයි අස්වූ විමල් වීරවංශ කියන කතාවක් තිබෙනවා. ජානිපෙ අස් වූ නිසා දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් නෑ යැයි ඔහු කියනවා. එතකොට ඒ තර්කයට අනුව ඔබලා දැන් නියෝජනය කරන්නේ මිහිපිට නැති ව්‍යවස්ථා මණ්ඩලයක් ද?
පිළිතුර- කොහෙන් හරි ගිහිල්ලා සිරිපාදෙ වඳින්න හැකි නම් එච්චරයිනෙ වෙන්න ඕනෑ. විමල් වීරවංශ මන්ත්‍රීතුමන්ලා සිටින ත්‍රෛනිකායික නාහිමිවරුන් සිටින ස්ථාවරයේම තමයි අපිත් ඉන්නේ. මේ රටට මේ වෙලාවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෑ නෑ

Comments
Post a Comment