තමන්ට අවනත ලොක්කෙක් පත් කර, යහමින් කා බී ප්‍රමෝද වීමට දුම්රියේ 'ගැන්සියක්' කරන බර වැඩ - රේල්ලු රාළ ලියයි
Syndicated from lankaenews,
දුම්රිය පමණක් නොව, බොහෝ ක්ෂේත්රයන්ගේ වෘත්තීය සමිති පිළිබඳ අසන්නට පවා ලැබෙන්නේ ඔවුනොවුන්ගේ පුද්ගලික අයිතිවාසිකම් හා ඉල්ලීම් දිනා ගැනීමේ විවිධ ක්‍රියාමාර්ග මූලික කරගනිමිනි. දුම්රියටද මේ කතාව සම්පූර්ණයෙන්ම පාහේ සත්‍යය. එක් එක් වෘත්තීන් හෝ විශේෂඥ සේවාවන්ගේ සේවකයින්ගේ හා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති වලටත් වඩා නිශ්චිත අරමුණක් හෝ අභිප්රායක් නොමැතිව අටවාගන්නා සමිති හෝ සමාගම් මේ බව තවදුරටත් ප්රත්යක්ෂ කරයි.
දුම්රිය සේවයේ අභිවෘද්ධිය වෙනුවෙන් යැයි පවසමින් අටවාගෙන සිටිනා දුම්රිය වෘත්තීය සමිතියක ක්රියාකාරීත්වයේ ඇති යථාර්ථය මින් පෙර ද අවස්ථා කීපයක දී රේල්ලු රාළ විසින් අණාවරණ කර ඇත. එහිදී අප සඳහන් කළ පරිදිම, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නම් සමිතිය ද එසේ අටවාගත් එකකි. දැනට රාජ්‍ය නායකයාගේ සමීපයේ සිටින තමා විසින්ම තමන් විද්වතෙකු බව හඳුන්වා ගන්නා හිටපු ප්‍රවාහන ලොක්කෙකු සහ හිටපු දුම්රිය ලොක්කෙකු විසින් මෙම සමිතිය මෙහෙයවනු ලබති. සම්පූර්ණයෙන්ම පුද්ගලික අභිමථාර්තයින් සාක්ෂාත් කර ගැනීමේ පරිසරය නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මෙම බලවතුන් දෙදෙනා මෙම සංගමය මෙහෙයවනු ලබති. ඒ වෙනුවෙන් ඔවුන් භාවිත කර ඇත්තේ අවම වශයෙන් දුම්රිය සේවයේ හයක් හතරක් හෝ නොදන්නා පින්තාරුකරුවෙකි. ඊට හේතුවී ඇත්තේ, දුම්රිය සේවය ගැන හසරක් දන්නා කෙනෙක් මේ දෙදෙනාගේ කොන්ත්‍රාත් වලට එකඟ නොවීම නිසාය.
තමා සාමාන්‍යාධිකාරීවරයාව සිටිය දී දුම්රිය සේවයේ අබමල් රේණුවක සංවර්ධනයක් වෙනුවෙන් කටයුතු නොකළ පෙර කී විජය අමරතුංග, සිය පාලනයේ පෙන්නුම් කළ අසමත් බව රටට ඉතිරි කළේ ඔහුගේ අපකීර්තිමත් අතීතය පමණක් නොව මිලියන ගණනක අලාභයන්ය. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම ඇතුළු තවත් කප්පරක් දෝෂ ඇති වීම කෙරෙහි අමරතුංගගේ නොමනා ක්‍රියාමාර්ගයන් හේතු වූ බව මේ වන විටත් හෙළි වී තිබෙන නමුත්, ඉහත කි හිටපු ප්‍රවාහන ලොක්කා වන සිරි-රුවන්ගේ අනුහසින් මේ වන විට ඒ අමරතුංග පොළොන්නරුව ප්‍රදේශයේ දුම්රිය ව්‍යාපෘතියක අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටී. මෙම පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දී ඇත්තේ ඉහත කී ඊනියා විද්වතා විසින් බව නොරහසකි.
කරුණු කාරණා කොයි හැටි වෙතත්, සිරි-රුවන් හා අමරතුංග විසින් තමන්ගේ දොස් යටපත් කර ගැනීමට භාවිත කරමින් සිටින්නේ පින්තාරුකරුවකුගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ඉහත සඳහන් කළ දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයි.
විශේෂ යමක් සඳහන් කළ යුතුය. ඉංග්‍රීසි භාෂාවෙන්ද සිංහලෙන්ද සන්ධානයක් යැයි කියන්නේ සංවිධාන කිහිපයක් අන්‍යොන්‍ය අවබෝධය ඇතිව පිහිටුවාගන්නා වූ බද්ධ සංවිධානයකි. වචනයෙන් යටකී දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එසේ සංවිධාන කිහිපයක එකතුවෙන් බිහිවූවක් නොවේ. පොදු අරමුණක් වෙනුනේ එක් වූ පිරිසක්ද එහි නැත. එහි විහිදුණු සාමාජිකත්වක් නැත. එහෙනම් තියෙන්නේ මොනවාදැයි ඔබට සාධාරණ ප්‍රශ්නයක් උද්ගත වනු ඇත. එහි තිබෙන්නේ අමරතුංග හා සිරි-රුවන් විසින් පොම්ප කරනු ලබන මුදල්ය. ඊට අවශ්‍ය මුදල් සිරි-රුවන් හා අමරතුංග සොයාගෙන ඇත්තේ වනචර දශකයේ දී සිදු කළ විවිධ ව්‍යාපාර වලින්ය. එසේම, දුම්රියේ විවිධ ජඩ වැඩ කර ලබා ගත් කොමිස්, කප්පම් හා සන්තෝසම් වලින්ද මෙම අරමුදල් සමන්විතය. එසේම, මේ පින්තාරුකරුවා විසින් නායකත්වය දෙන සංවිධානයට සිටින්නේ ත්‍රීවීල් දෙක තුනක්වත් පුරවා ගන්නට නොහැකි ජනබලයකි. සම්පූර්ණයෙන්ම පාහේ මෙම සංවිධානය දුවන්නේ සිරි-රුවන්ගේ හයියෙන් ඉහළ පුරවැසි මාධ්‍ය ලොක්කන්ගෙන් ඇති කර ගන්නා හිතවත්කම් තුළින් හා නිව්ස් නැතිව වේලෙන (හ)මීඩියාකාරයින්ගේ හයියෙනි. වෘත්තීය සමිතියක් යැයි කියාගෙන නාම පුවරුවක් සවි කරගෙන ඕනෑම එකෙක් දොඩවන දේවල් කිසි සොයාබැලීමකින් තොරව පල කරන මේ (හ)මීඩියාකාරයින්ගේ මනදොළ හා තොළකට පිනවීමටද සිරි-රුවන්ලාගේ හයියෙන් දුවන වෘත්තීය සමිති පසුබට නොවේ. මේ (හ)මීඩියා බබලා පුරුදු වී සිටින්නේ මාධ්‍ය සාකච්ඡාවකට ගොස් එහි සිටින ඕනෑම තක්කඩියෙකුගේ කටින් එළියට ඔහේ ගලා යන දේවල් දේව වාක්‍යයන් සේ සලකා පිළිගෙන ලියා පළකිරීමටය. බුද්ධිමත් ප්‍රශ්න කිරීමක් නැත. ප්‍රශ්න කරන එකෙකු සිටියොත් අසන්නේ ද කාගේ හෝ දේශපාලන ඇජෙන්ඩාවක් අනුව තැනට නොගැලෙපෙන ගොං ප්රශ්නය.
ඉතිං මේ ගැන්සිය අර අඳින්නේ කුමකටදැයි ඔබට ප්‍රශ්නයක් වනු ඇත. හේතුව සරලවම මෙසේය. වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හෙට (2017-06-28) විශ්‍රාම යාමට නියමිතය. ඒ අනුව, එහිදී පුරප්පාඩු වන දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා තමන්ගේ හෙන්චයියකු ඔබා ගැනීමේ වෑයම මෙලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. ඊට අවශ්‍ය ඉහළට කේලාම් කීමේ හා ගොටු ඇල්ලීමේ කටයුත්ත සිරි-රුවන් විසින් සිදුකරමින් සිටියි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නීල කාස හොරුන් සමග එක්ව ඇතුළේ ගැසිය යුතු ගේම් ගසන්නේ විජය අමරතුංගය. මේ සියල්ල සාධාරණීකරණය කර ගනිමින්, මීඩියා වල හයිය පෙන්වීමට එස්.පී.විතානගේ ගේ වොයිස් කට් වෘත්තීය සමිතිය දැන් හනි හනික වැඩ කරමින් සිටියි. මේ තුන්කට්ටුව දත කන්නේ දුම්රියේ වියදමින් යහමින් කාබී සතුටු වී ප්‍රමෝද විය හැකි ආකාරයේ වටපිටාවක් සාදාගත හැකිවන තමන්ගේ හිතවතකු මේ සාමාන්‍යාධිකාරී පුටුවේ වාඩි කරවීමටය. එපමණක් නොව, අලුත් දුම්රිය ලොක්කා ලෙස තමන්ගේ එකෙක් පත් කර ගැනීමෙන් අත්වන සෙසු වාසි භුක්ති විඳීමටය. ඒවා නම්, එක් එක් අයගේ පෙර වැරදි සම්බන්ධයෙන් ඇති තොරතුරු වසං කර කාපට් එක යටට දැමීම, දුම්රිය වෘත්තීය සමිති නායකයින්යැයි ලියාපදිංචියක් ලබාගෙන වැඩ කිරීම වෙනුවට රස්තියාදු ගසමින් සිටීම, පෙර පරිදි කප්පම්-කොමිස්-සන්තෝසම් ලබා ගැනීමේ හැකියාව යළි ඇති කර ගැනීම ආදිය ඉන් සමහරකි.
දුම්රියට හෙටින් පසු අලුත් ලොක්කෙකු ආවද, සිටින ලොක්කාම සේවා දිගුවක් ලබා පැමිණියද, ඒ කවුරුන්ගේ වුවද ආතල් ගැනීමේ සීමාව දුම්රිය සේවයේ දොරකඩින් නතරවිය යුතුය. ඒ ප්රබෝධය දුම්රිය විනාස වීමෙන් අවසන් නොවිය යුතුය.
Comments
Post a Comment