මීලඟ මැයි දිනයට පෙර රාජපක්ෂලාට දඬුවම් දෙනවා..! ගේමට ගේම දෙන්න ලෑස්තියි..! අපි කියලා කරන්නේ..! -රාජිත සේනාරත්නගෙන් දැඩි වාග් ප්‍රහාරයක් (Video)

Syndicated from lankaenews,



මීලඟ මැයි දිනයට ජනතාව ඉදිරියට එන්නේ රාජපක්ෂලා කළ මිනීමැරුම් සහ සොරකම් වලට දඬුවම් දීමෙන් පසුව යයිද අපි කරන්නේ හොරෙන් නොව කියලා කරන්නේ යයිද දැඩි ආවේගශීලී කතාවක් කරමින් රාජිත සේනාරත්න මහතා එක්සත් ජාතික පෙරමුණේ මැයි දින රැළියේ දී ප්‍රකාශ කෙළේය. 
ගේමට ගේම දෙන්න ලෑස්තියි කී රාජිත සේනාරත්න මහතා ෆොන්සේකලා 10 ක් හෝ දමා ආණ්ඩුව පෙරළන්නට කරන කුමන්ත්‍රණ පරාජය කරන්නේ යයිද පැවසීය. 
මේ වසරේ ජනමත විචාරණයක් තබා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවද රාජිත සේනාරත්න මහතා කීය. ඊට විරුද්ධව රාජපක්ෂ පිලේ කකුලක් තබාගෙන ඇමැති මණ්ඩලයේද සිටිමින් කුමන්ත්‍රණය කරන උන් නම් ගම් වලින් හෙළිකරමින් උන්ගේ ගෙවල් වටලන බවද රාජිත පැවසීය. 
රාජිත සේනාරත්න මහතාගේ දැඩි වාග් ප්‍රහාරය පහතින් නැරඹිය හැකිය 

Comments