Syndicated from lankaenews,



 පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපෑලේදී සිකුරාදා(12) ලබා දුන් වාරණ නියෝගය දීර්ඝ කරමින්, මෙම ඇපෑල විභාග කර අවසන්වනතුරු ඇයට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවන්නැයි ඊයේ(15) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීන්දු කළහ. එක් අයෙකු ඊට විරුද්ධ විය.
අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීම දීර්ඝ කිරීමට නියෝග කළ විනිසුරුවරුන් දෙදෙනා වූයේ උපාලි අබේරත්න සහ ඊවා වනසුන්දර ය. නීති විද්‍යාලයේදී මහින්ද රාජපක්ෂ සහ ඇය සම්බන්ධ පෙම් පුවත් ගැන කියමින් ඇයට අඬ ගසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරයක් දුන් බව පුවත්පත් වලට වරක් කියා සිටියේ ඊවා වනසුන්දර ය. 
(ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප‍්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත‍්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා. ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත‍්‍රත්වය හොඳටම තියෙනවා’ -2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතේ 5පිටුවේ පළවූ ලිපියකි) 
ඊයේ නඩු විභාගය ආරම්භයේදීම ඊවා වනසුන්දර කියා සිටියේ ඇයට නඩුව හැදෑරීමට කාලයක් නොතිබුණු බවයි. එසේ නමුත් ඇය තීන්දුව නම් ප්‍රකාශ කළාය. 
ගීතා වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥයන් ගෙන ආවේ ගොං තර්කයකි. ගීතාට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය හිමි වුනේ ඇය ඉල්ලා සිටීමෙන් නොව ඇය ස්විට්සර්ලන්ත ජාතිකයෙකු කසාද බැඳීම නිසා ඉබේ ලැබුණු එකක් බව එම තර්කයයි. එයින්ම ගීතා ස්විට්සර්ලන්ත පුරවැසියෙකු බව ඔප්පු වන අතර පුරවැසි භාවය ලැබුනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද යන්න මැතිවරණ නීතියේදී අදාල භාවයක් නැත.  එවැනි ගොන් තර්කයක් වුවද උපාලි සහ ඊවා අනුමත කිරීමෙන් තීන්දුවේ පක්ෂග්‍රාහී භාවය මොනවට පැහැදිලි වේ. 
පෙත්සම ඉදිරිපත් කර පසු වැඩ දිනයේම විභාගයට ගෙන ගැසට් නිවේදනය ගැසීමට පෙර තහනම් නියෝගයක් ලබා දීමට තරම් හදිසි  වූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නඩුව යලි විභාගයට ගැනීම කල් දැම්මේ ලබන සැප්තැම්බර් 25 වෙනිදා තරම් ඈත දිනයකටය. මෙයද  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කරන ආකාරය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු කරන්නක් බව නොකියා බැරිය.   
කෙසේ වෙතත් විනිසුරු අනිල් ගුණරත්න ගීතාට අභියාචනාධිකරණය දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව ඊයේ සිය තීන්දුව ප්‍රකාශ කළේය.
ගීතාගේ නඩුවේ තීන්දු කවුරුන් විසින් ලබා දුන්නද එය පසුපස සිටින්නේ කව්දැයි හෙළිවන අපූරු සංවාදයක් පසුගිය නඩුවාරයේදී කැමරාවක සටහන් විය. පසුගිය නඩු තීන්දුවෙන් පසු ඇය ඒ කළ උදව්වට ස්තූතිය පළ කර සිටියේ අන් කිසිවෙකුට නොව මහින්ද රාජපක්ෂට ය. ඇය අධිකරණයෙන් එළියට එනවාත් සමග අසල සිටි මහින්ද රාජපක්ෂගේ ගෝලයෙකුට ලැබුණු මහින්දගේ දුරකථන ඇමැතුම ඔහු ගීතාට යොමු කළ අතර ගීතා “තෑන්ක් යූ සර්“ කියමින් ඔහුට ස්තූති කරනු පහත දැක්වෙන වීඩියෝවේ සඳහන් වේ. මෙය මේ නාඩගමේ තිරය පිටුපස පොතේගුරා ඉතා හොඳින් හෙළිවීමකි


Comments