වැඩ වර්ජන කියා චැනලින්..! රන්ජන් පාදෙණියට දැමූ ඇපොයින්මන්ට් රිසිට්ටුවෙන් GMOA-ජවිපෙ වැඩ වර්ජනයේ බලුකම හෙළිවේ: වීඩියෝ සාක්කි මෙන්න
Syndicated from lankaenews,

පාදෙණියලාගේ සහ ජවිපෙ වැඩ වර්ජනයේ තිබෙන බලු කම රන්ජන් රාමනායක විසින් ජනතාව හමුවේ හෙළිදරව් කර තිබේ. ඒ අද දිනයේ රජයේ රෝහල් වල වැඩ වර්ජනය කරන GMOA ජොස්තරලා පෞද්ගලික රෝහල් වල මුදලට සේවය කරන බව GMOA නායක පාදෙණියගෙන්ම ඔප්පු කිරීමෙනි.
මෙහි දැක්වෙන්නේ GMOA නායක ජොස්තර පාදෙණියව අද(05) සවස 4.05 ට රෝගී පරීක්ෂාවකට හමුවීම සඳහා නවලෝක රෝහල විසින් ලබා දුන් රිසිට්ටුවයි. රන්ජන් මෙම හමුවීම ලබාගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 10.30 ට පමණ ය. එහිදී ජොස්තර පාදෙණිය ගේ චැනලින් ගාස්තුව ලෙස රුපියල් 1000 ක් ද, රෝහල් ගාස්තුව ලෙස රුපියල් 500 ක් ද, වැට් බද්ද ලෙස රුපියල් 150 ක්ද, පෙර වෙන් කර ගැනීමේ ගාස්තුව ලෙස රුපියල් 275 ක් ද වශයෙන් මුළු මුදල රු. 1925 ක් ගෙවා තිබේ.
රන්ජන් රාමනායක කාලය වෙන් කරද්දී ඔහු පාදෙණියගේ අද දවසේ 6 වන රෝගියා ලෙස සටහන් කෙරිණ.
වැඩ වර්ජනය පැවැත්වෙන්නේ අද උදේ සිට හෙට උදේ දක්වා යැයි GMOA නායක ජොස්තර පාදෙණියලා පවසා තිබූ අතර එම කාලය තුල පුද්ගලික චැනලින් සේවයේද නොයෙදෙන්නේ යයි වහසි බස් දොඩා තිබුනද මෙයින් ඔප්පු වන්නේ ඔවුන් රජයේ රෝහලේ වැඩ වර්ජනය කළද පුද්ගලික රෝහල් වල මුදලට සේවය කරන බවයි.
රන්ජන් රාමනායක තම ෆේස් බුක් පිටුවේ අද උදෑසන මෙම රිසිට්ටුව ප්‍රසිද්ධ කිරීමෙන් පසු කැළඹුණු ජොස්තර පාදෙණිය රෝහල අමතා විමසීමෙන් අනතුරුව අද දිනයේ හමුවීම් සියල්ල අවලංගු කර තිබේ.
මේ අතර අද දහවල් රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවක් පවත්වද්දී නවලෝක රෝහලින් කතා කර ඔහුගේ පාදෙණිය දොස්තර හමුව අවලංගු කර ඇතැයි දන්වා ඇති අතර ඒ වන විට වේලාව දහවල් 11.30 පමණ විය. රන්ජන් රාමනායක මාධ්‍ය හමුව අතරේදීම එකී දුරකථන ඇමැතුම මාධ්‍යයට නිරාවරණය කළ අතර එහිදී රෝහල් ප්‍රකාශිකාව කියා සිටියේ ඊට විනාඩි 10 කට පමණ පෙර පාදෙණිය හමුවීම අවලංගු කළ බවයි.
මේ අතර මෙම සිදුවීම පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කෙරිණ. රන්ජන්ගේ රිසිට්ටුව සභාගත ද කෙරිණ. මේ වන විට පාදෙණියලා සමග නිදි වදින ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රශ්න කිරීම හමුවේ කර කියා ගත දෙයක් නොමැතිව කෝපයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ රන්ජන්ගේ රිසිට්ටුව ව්‍යාජ රිසිට්ටුවක් බවයි. නමුත් රන්ජන් එ් සඳහා සිය ක්‍රෙඩිට් කාඩ් පතින් මුදල් ගෙවා තිබූ අතර ඒ පිළිබඳව ද සාක්ෂි තිබිණ.
පාදෙණියලාගේ සහ ජවිපෙ වැඩ වර්ජන හෙළුව සමාජයට පෙන්වූ රන්ජන්ගේ රිසිට්ටුව මෙහි දැක්වෙන අතර අදාල වීඩියෝව තව ස්වල්ප වේලාවකින් මෙහි ප්‍රසිද්ධ කරන්නෙමු
Comments
Post a Comment