Syndicated from lankaenews,
කිළිනොච්චිය ආරක්ෂක සේනාංක මුලස්ථානය විසින් පිහිටුවන ලද කිළිනොච්චි වෙසක් කලාපය පළාතේ සියළුම ආගමික නායකයින්ගේ හා දෙමළ ජනතාවගේ විශාල සහභාගිත්වයකින් පවත්වන ලදී.
කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් අජිත් කාරියකරවන මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම වෙසක් කලාපයට දන්සැල්, භක්ති ගීත, වෙසක් පහන් කූඩු, ඇතුළත් වූ අතර කිළිනොච්චියේ දෙමළ ජනතාව වෙන කිසි දිනෙකට වඩා දැඩි උනන්දුවකින් යුතුව මෙම වෙසක් උළෙලට සහභාගි වූහ.
කිළිනොච්ච්ය ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති වෙසක් කලාපයේ විවිධ අවස්ථා ඡායාරූප වල දැක්වේ
දිනසේන රතුගමගේ
Comments
Post a Comment