Syndicated from lankaenews,
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි 11 දා රාත්‍රී මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් මත ඔහුට හමුවීමේ අවස්ථාවක් ලබා දුන් මෝදි මහතා පැවැති කුඩා සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂට දැඩි සේ අවවාද කරන ලදැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මෛත්‍රී විසින් මෝදි මහතාට දුන් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව ඉන්දීය මහ කොමසාරිස් නිල නිවාසයේදී මෝදි මහතා හමුවීමට අවස්ථාවක් මහින්ද රාජපක්ෂට ලබා දී තිබේ. මහින්ද රාජපක්ෂ මෙම අවස්ථාව ලබා ගත්තේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට ඇවිටිලි කිරීමෙන් පසුවය. එසේ නමුදු මෝදි මහතාගේ සංචාරයේදී මහින්ද හමුවීමට නිල අවස්ථාවක් ලබා දී තිබුනේ නැත.
මහින්ද රාජපක්ෂ පැමිණ ඇත්තේ ජී.ඇල්.පීරිස් සහ ගෝඨාභය රාජපක්ෂ ද සමගය. මෝදි මහතා සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරින්ජිත් සිං, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් සහ විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් සිටියහ.
ජී.ඇල්. පීරිස් සහ ගෝඨාභය රාජපක්ෂ සමග වචනයක් හෝ කතා නොකළ මෝදි මහතා මහින්ද රාජපක්ෂ සමග පමණක් කතා කර තිබේ.
එහිදී වත්මන් ආණ්ඩුව කරගෙන යන සංවර්ධන වැඩ පිළිවෙලට බාධා නොකරන්නැයිද, එට්කා ගිවිසුමට එරෙහිව ජාතිවාදීව විරෝධතා නොපවත්වන්නැයිද, ජාතීන් අතර සංහිඳියාවක් ගොඩ නැගීමට ගෙන එන නව ව්‍යවස්ථාවට විරුද්ධව ජාතිවාදය අවුස්සා යලිත් ප්‍රශ්න අවුස්සාගන්නට එපා යයිද මෝදි මහතා විසින් මහින්ද රාජපක්ෂට දැඩි සේ අවවාද කර තිබේ.
මහින්ද රාජපක්ෂ පිළිතුරු දීමට යද්දී ප්‍රථමයෙන් ඊට සවන් දුන් මෝදි මහතා මහින්ද වැල්වටාරම් කියද්දී ඊට සවන් නොදී මහින්ද රාජපක්ෂගේ ගෝල්ෆේස් රැළියේදී තමාගේ ශ්‍රී ලංකා ගමනයට එරෙහිව කළු කොඩි දාන්න යැයි ජනතාව පෙළැඹවීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බව පැවසීය.
ලැජ්ජාවෙන් මුහුණ රතු වූ මහින්ද රාජපක්ෂ තමා එසේ නොකී බවත් තම වේදිකාවේ සිටි කථිකයෙකු පමණක් එසේ කී බවත් වරදකාරී ස්වරූපයකින් පිළිතුරු දී ඇති අතර මෝදි මහතා ඊට කිසිවක් කියා නැත.
සාකච්ඡාව විනාඩි 30 කටත් අඩු කාලයකින් හමාර කළ මෝදි මහතා සමුදෙද්දී පවා ගෝඨාභය සමග හෝ ජී.ඇල් සමග හෝ කතා කෙළේ නැත.
කෙසේ වෙතත් කොටහළු මගුලකට ගියත් ‘වොයිස් කට්‘ දෙන මහින්ද රාජපක්ෂ මෝදිගේ හමුවෙන් පසු කෂාය බිව් ගොලුවා සේ ඒ ගැන කෙළ බිඳක් හෙළුවේ නැත.
Comments
Post a Comment