“ජෝන්ලා ඉස්සර පිටි කෙටුවාය - දැන් පිට කසනවාය: සිව්පාදෙණියලා ඉස්සර හොරි කැසුවාය - දැන් හොරි බෝකරනවාය“ ගානි වාසුහේවාගේ සටහනක්
Syndicated from lankaenews,
දෙවියන් හෝ සොබාව ධර්මයා හෝ යමෙකුට විනාශ වීමේ මාර්ගයක් ද පිළියෙල කොට දී ඇත. වේයාට තටු දී මෙරුවෙක් කරන්නේ ඌට පහසුවෙන් විනාශ වීමට බව මෙරුවා නොදනී. ඌ තටුවල ආඩම්බරය විඳ ගැනීමට ගොස් නතරවන්නේ විදුලිපහන් යට අප්‍රාණිකවය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සිව්පාදෙනිය සහ ඔහුගේ අඳබාල ගෝල නඩය ද ලද තණතුරුවල අභිමානය විඳින මෙරුවන් පිරිසක් බවට පත්ව ඇත. මෙරුවන්ට වඩා GMOA නඩය වෙනස් වන්නේ තමුන් පමණක් විනාශ වෙනවා වෙනුවට තම වෘත්තියත් රෝගී ජනයාත් රටත් අප්‍රාණික කරමින් විනාශවීම නිසා ය.
තමා විනාශ වන බව නොදන්නා තවත් වර්ගයක් ඇත. ඔවුන් දේශපාලන කූඩැල්ලන් බඳු කොට්ඨාශයකි. දශකයක් පුරා දෙකොන එකට මූට්ටු කරගෙන දෙන දේ ගිලීමට පමණක් මුඛ විවර කළ ජෝන් බාස්ලා, ඩිලාන්තරස්ලා එවැන්නෝය. සියලු වරදාන විඳිමින් ‘එහෙයි‘ මිස වෙන කිසි වදනක් පිට නොකළ මුන්දැලා ප්රජාතන්ත්රවාදය වෙනුවට රාජපක්ෂවාදය ඔඩු දුවා තිබූ, බණ්ඩාරනායක ප්‍රතිපත්ති වෙනුවට ‘මහින්ද හිංසනය‘ වපුරා තිබූ මොහොතක පවා මැදමූලන පිළිකන්නේ ඉඳුල් දිව බොජුන් සේ ගිල දමමින් සිටි කොටසකි. රාජපක්ෂ භීෂණයෙන් පීඩනයෙන් මිරිකී තම සම් මස් ඇට ලේ පවා ගල්වී හෝතඹුවන් සේ සිටි මොවුහු දැන් පිස්සුවෙන් මෙන් බඩපිණුම් ගසන්නේ මෛත්‍රීගේ නායකත්වයෙන් ලද ප්රජාතන්ත්රවාදී නිදහස දරාගත නොහැකිවය. වසර විසි ගණනක් පීඩනයට මර්දනයට පත්ව සිටි එජාප පාක්ෂිකයන්ගේ කැපවීමට පිං සිදුවන්නට ශ්‍රී ලංකා නිදහස් පකෂයටද ප්රජාතන්ත්රවාදය කැන්දන් ආ මෛත්‍රීපාල ගේ මෛත්‍රීය පවා මොව්හු උපහාසයට ලක්කරති.
කුඩා කළ මා ඇසූ කතාවක් සිහියට ඒ. එනම් එක් සිසුවෙක් තව සිසුවෙකුට පහරක් එල්ල කළේය. එවිට පහර කෑ සිසුවා ඊට වඩා ප්‍රබල පහරක් පළමුව පහර දුන් සිසුවාට එල්ල කළේය. ඉන්පසු පළමුව පහර දී ඊට ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් ලද සිසුවා පසුබැස හඬාගෙන ගොස් විදුහල්පතිට කරුණු සැල කලේය. පසුව සොයා බැලීමේදී විදුහල්පති වරයාට දැනගන්නට ලැබුනේ පැමිණිල්ල කළ සිසුවා පළමුව පහර දී ඇති බවය. දෙදෙනාම තමන්ගේ සිසුවන් නිසා විදුහල්පති ප්රශ්නය සමාදානයෙන් කෙළවර කර තිබේ.
එම කතාවම වත්මනේද සිදුව ඇත. පරාජිතයිනට ඔටුනු පැළඳවීමේ ව්‍යාපෘතියක් ගැන රාජිත විසින් පැවසූ විට දෙකොන දෙතැනේ රඳවාගෙන සිටි ජෝන් බාස්ලා ‘රාජිතගේ ප්‍රකාශය නිසා රාජිත පමණක් නොව රජයද අගාධයට‘ යන බව මහ හඬ දී මාධ්‍යයට පවසා ඇත. ජෝන් ඉල්ලං කෑ එම ප්‍රකාශයට තද පිළිතුරකින් රාජිත කළ තද සංග්‍රහය දරාගත නොහැකිව ජනපතිට පැමිණිලි කළ ජෝන් ට ලැබුනේ කණගාටුව පමණි.
එම කතාවම වත්මනේද සිදුව ඇත. පරාජිතයිනට ඔටුනු පැළඳවීමේ ව්‍යාපෘතියක් ගැන රාජිත විසින් පැවසූ විට දෙකොන දෙතැනේ රඳවාගෙන සිටි ජෝන් බාස්ලා ‘රාජිතගේ ප්‍රකාශය නිසා රාජිත පමණක් නොව රජයද අගාධයට‘ යන බව මහ හඬ දී මාධ්‍යයට පවසා ඇත. ජෝන් ඉල්ලං කෑ එම ප්‍රකාශයට තද පිළිතුරකින් රාජිත කළ තද සංග්‍රහය දරාගත නොහැකිව ජනපතිට පැමිණිලි කළ ජෝන් ට ලැබුනේ කණගාටුව පමණි.
හද්දා පව්කාර ‘පිං ඇමති‘ ඩිලාන්තරස්ලා මෛත්‍රී සෙවනේ සිට රෙදි ගලවං මහින්දට කඩේ ගියද කිසිදු අතුරු අන්තරාවක් නොමැතිව බැබලීම නිසා ඌෂාර් වූ ජෝන්ලා ද එම මාර්ගයම තෝරාගෙන ඇති බව පෙනේ. යහපාලන ළිඳෙන් දිය බී මළ මූදට ආවඩන්නේ ඒ නිසාය. මෛත්‍රී ඇනය ගැසිය යුතු වෙලාව සහ ගැසිය යුතු තැන මග හැර තොඳොල් කරමින් නොසිටියේ නම් මොවුන් මහින්ද සමග නැගිටින්නට හැදූ මෙහොතේම මහින්ද සමග වළ දැමීමට තිබුනි. තමා වටේ සිටින ‘දවල් මෛත්‍රී රෑ මහින්ද‘ උපදේශක ගෝපයියන්ගේ නොමේරූ උපදෙස් වලට වහ වැටෙන තාක් මෛත්‍රීට සිදුවනුයේ අවැඩකි. එහි ප්‍රතිඵලය රටටත් අවැඩකි.
මහින්ද කල්ලිය ගෝල්ෆේස් සෙනගින් පෙන්වූයේ බලයේ සිටින කාලයේදීටත් වඩා බලය නැති විටදී වියදම් කිරීමට හැකියාවක් ඇති බව මිස වෙන කුමක්ද? වතුර නැතිව මිය ගිය ඒ එදාවේල ජනයා දැක ජෝන් බාස්ලා නඩය ස්වයංවින්දනයක් ලැබුවාට යහපාලන ජනයා සෝක වන්නේ නැත. අසරණ ජනයා එවැනි දෛනික කුලියට මාරාන්තික විනෝද ගමන් යෑම අතීතයේ සිට අඛණ්ඩව සිදුවන ක්‍රියාවකි. වේදිකා ඉදිරියේ රැස්වන ජනයා දෙස බලා ජයග්‍රහණය මනී නම් තවමත් මෙරට ජනපති මහින්දය. ඊටත් එහා පවසනවා නම් 1982 ජනපතිවරණයෙන් ජයග්‍රාහකයා වනුයේ ජේආර් නොව දොන් නන්දසිරි විජේවීර ය.
අද ජෝන් බාස්ලා කල්ලියට සිදුව ඇත්තේ GMOA කල්ලියට සේ දශකයක් පුරා තිබූ පීඩනයෙන් මිදී ලිහිල්වීම විඳ දරා ගැනිමට නොහැකිවීමය. එදා මහින්ද රාජපක්ෂ කැබිනෙට්ටුවේදී යමක් ප්‍රකාශ කළා නම් එය දේව භාෂිතයකි. එය හරිද වැරදිද නොව හරිම විය යුතුය. එරෙහි වුන එකාට ඇමතිකම පමණක් නොව දේපොලද බ්ලාස්ය. ජීවිතය චකබ්ලාස්ය. ශ්‍රීපති අංක දෙක තුන හතර ආදී ලෙසය. ජෝන් බාස්ලාට මේවා අපම මතක් කර දිය යුතුය.
අද ජෝන් බාස්ලා කල්ලියට සිදුව ඇත්තේ GMOA කල්ලියට සේ දශකයක් පුරා තිබූ පීඩනයෙන් මිදී ලිහිල්වීම විඳ දරා ගැනිමට නොහැකිවීමය. එදා මහින්ද රාජපක්ෂ කැබිනෙට්ටුවේදී යමක් ප්‍රකාශ කළා නම් එය දේව භාෂිතයකි. එය හරිද වැරදිද නොව හරිම විය යුතුය. එරෙහි වුන එකාට ඇමතිකම පමණක් නොව දේපොලද බ්ලාස්ය. ජීවිතය චකබ්ලාස්ය. ශ්‍රීපති අංක දෙක තුන හතර ආදී ලෙසය. ජෝන් බාස්ලාට මේවා අපම මතක් කර දිය යුතුය.
ඉඩි අමින්ලා පසුපසත් ගඩාෆිලා පසුපසත් මිය යන තුරුම හෙංචයියන් සිටි ලෝකයේ රාජපක්ෂලාටත් ආත්මගත පව් ගෙවන හෙංචයියන් පිරිසක් ඇත. එය කවදාකවත් සහමුලින් අහවර කළ නොහැකි නමුත් පරාජය කළ හැකිය. ජනතාවක් සහමුලින් වෙනස් කිරීමට නම් වෙන රටකින් ජනතාව ආනයනය කළ යුතුය. කොපමන සුව පහසු මෙට්ට තිබුනද කූඩැල්ලන් එයට ගොඩවන්නේ නැත. මෛත්‍රී රනිල් දේශපාලන බල ක්‍රීඩාවෙන් මිදී ජනවාරි 8 ට අදාල ජනයාගේ පැතුම් සිහිකර ගන්නා තුරු මේ ආලවට්ටම් මෙලෙසම පවතින ඇත.
මළබද්දයන් පවසන පරිදි මහින්ද යනු වාර්තා පිට වාර්තා තබන චරිතයක් බව සැබෑය. ඔහුගේ දේශපාලන ගමන් මගට කෙක්ක මෙන්ම කොක්කද භාවිත කර ඇත. බොරුව වංචාව තක්කඩිකම ජඩකම පාදඩකම පාවාදීම ඔහුගේ ගමන් මගේ අත්වැල්ය. මී කුණෙන් පවා ඉපැයීම මෙන්, ජනතා දුක් අඳෝනා මිල කිරීම මොහුට සිම්පල් කාරියක්ය. සුනාමිය කෝටි ගණනින් තම නැගණියගේ ගිණුමට බැර කරමින් ආරම්භ වූ ඒ ගමණ ඩොලර් බිලියන ගණනින් විදේශ ගිණුම් වල බැර කරමින් අවසන් වූයේ එනිසා ය.
මළබද්දයන් පවසන පරිදි මහින්ද යනු වාර්තා පිට වාර්තා තබන චරිතයක් බව සැබෑය. ඔහුගේ දේශපාලන ගමන් මගට කෙක්ක මෙන්ම කොක්කද භාවිත කර ඇත. බොරුව වංචාව තක්කඩිකම ජඩකම පාදඩකම පාවාදීම ඔහුගේ ගමන් මගේ අත්වැල්ය. මී කුණෙන් පවා ඉපැයීම මෙන්, ජනතා දුක් අඳෝනා මිල කිරීම මොහුට සිම්පල් කාරියක්ය. සුනාමිය කෝටි ගණනින් තම නැගණියගේ ගිණුමට බැර කරමින් ආරම්භ වූ ඒ ගමණ ඩොලර් බිලියන ගණනින් විදේශ ගිණුම් වල බැර කරමින් අවසන් වූයේ එනිසා ය.
රාජපක්ෂ තම පැවැත්ම වෙනුවෙන් මෙරට ලොකු කුඩා සියලුම දේශපාලන පක්ෂ දෙකඩ තෙකඩ කළේය. ජවිපෙ නම් හතර පස් කඩක් කළේය. මොන කුණුහරුපයකින් හෝ රටේ යම් ප්‍රසිද්ධියක් ලබාගෙන නායකත්වය ගත් පුද්ගලයන්ගේ ත්‍රීවීල් පක්ෂ පවා දෙකඩ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වාසුලාට දිනේෂ්ලාට විමල්ලාට උදයලාට මුරලිදරන්ලාට පමණක් නොව තිස්සලාට ඩිව්ලාටද ඒක පුද්ගල පක්ෂ ලෙස සාටකයේ සෙවනේම සිටින්නට සිදුවන තැනට වැඩ සිද්ද වී ඇත. පක්ෂ කැඩීමේ ලෝක වාර්තාවට අඩුවකට තිබුනේ ශ්රීලනිපය කඩා දැමීම පමණි. ඉතා සූක්ෂම ලෙස බණ්ඩාරනායක වරුන්ගෙන් මංකොල්ලකාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පවුල්කරණය කරගෙන එයින් ජීවත්වුවද ජනවාරි 8 දින සිදුවූ ඓතිහාසික කුජීත පරාජයෙන් පසු තම පැවැත්ම පතා එම පක්ෂයටත් පෙර පක්ෂවලට කළ සන්තෑසියම කළේය. තමා විසින් පෝෂණය කර දූෂණයෙන් මහා ධනවතුන් බවට නගා සිටැවූ දූෂිත වහලුන් පිරිසක් සමග එක්ව ගෝල්ෆේස් ඉදිරිපිට තිබූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ලෝකඩ පිළිරුවද සින්නක්කරයට ෂැංග්‍රිලා සමාගමට විකුණා පක්ෂයද දෙකඩ කළේය. ජෝන් බාස්ලාට අවශ්‍ය වී ඇත්තේ මෙවැනි රාජපක්ෂලාව යලි රජ කරවීමට ය.
මහරජාගේ අසූචි සෝදා පිරිසිදු කරමින්, අටවාගත් වෘත්තීය සමිතියක් හරහා රටේ නීතියත් ගෞරවයත් විනාශකරමින් තම බඩගෝස්තරය සඳහාම පෙළගැසුණු GMOA සිව්පාදෙනිය, ගුටිකන මූණා පිරිස ද අද ජෝන්ලා ගේ කාරියට අත පොවා ඇත. සිව්පාදෙනියලා මහරජාගේ පිට කැසුවාට කාරි නැත. කාරියක් වනුයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට මුවා වී රටේ දේශපාලනයට අත පෙවීම ය. පසුගිය වනචර දශකයේ ගෝටාගේ කොතලාවල වෛද්‍යය පීඨයට මෙන්ම සයිටම් පීඨයට එරෙහි නොවී නොදැක්කා නොදන්නවා සේ හිඳ වත්මනේ ගෝටාගේ එක බේරා අනෙකට පමණක් එරෙහි වීමෙන් මොවුන්ගේ පට්ට කුහක කමේ තරම පැහැදිලිය. එදා ගෝටා ඉදිරියේ සටන් හකුලා ගත්තේ සිව්පාදෙනියලා ගේ යට ඇඳුම් සුළුදියෙන් තෙමා ගනිමින් බව ද රට්ටු දනිති.
සයිටම්වලට මුවා වී පරාජිත කුජීත මහරජාගේ දේශපාලනයට පණ පෙවීමට සැදී පැහැදී සිටින GMOA නඩය සහ මහරජාගේ දූෂිත මුදලින් යැපෙමින් ඔහුගේ සෙවනැල්ලේ සිටින බෝතල් පත්තර කාරයන් රටට පෙන්වන්නේ සයිටම් විරෝධී මහා ජන බලවේගයක් ඇති බවය. GMOA ජොස්තරලා තම අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීමේ ම්ලේච්ඡ අශීලාචාර ක්‍රියාව හැරෙන්නට රට තුළ ගොඩනැගුනු අමුතු බලවේගයක් නැත. රිලා අනුකරණයෙන් පිරිපුන් අන්තරයේ රැළද ඔහේ සටන් පාඨ කෙළිමින් පාරවල් වනසා කඳුලූ බිබී බවුසර් ජලයෙන් නාගන්නවාට එහා මගුලක් නැත.
එළොවටත් මෙළොවටත් නැති විෂයයන් ටිකක් නූලෙන් සමත්ව විශ්ව විද්‍යාලවලට එන මෙම නොදරුවන්ගේ පවුල් වල ඇති අසරණකමේ වේදනාව පිටකර ගැනීම හැර ඔවුන් දන්නා ඉටිගෙඩියක් නැත. ලියුම්කරු සිදුකරන ලද අධ්‍යයනයකදී පැහැදිලි වුනේ මහපාරේ පුහු සටන් කරමින් පංති තහනම් වෙමින් අරගල කරන සිසුන් බහුතරය සමාජයේ ඉතාම අසරණ පහලම ස්තරයේ අනාථ පවුල් සාමාජිකයන් බවය. මොවුන් ලද අවස්ථාව උපරිමයෙන් භාවිතා කර එම තත්ත්වයෙන් ගොඩ ඒමට දහිරිය දානවා වෙනුවට “ධනපතියන් භංගවේවා“ යි පවසන ළදරු වලිප්පු වාමාංශික රැල්ලට ගොදුරු වී මෙරුවන් පිරිසක් බවට පත්වීම ඔවුන්ට වඩා රටට සිදුවන කාලකන්නි කමකි.
චෞර රජාගේ වහල් මාධ්‍යකරුවන් විසින් මවා පා ඇති සයිටම් විරෝධය ගැන රට පුරා සාමාන්‍යය ජනයාට හාංකවිසියක් නැත. රජයේ වගකීම බොල් බිල්ලන්ට බියවීම නොව ජනතාව රැක ගැනීමය. ජනතාව යහපාලන රජයක් බිහිකලේ නන්නත්තාර අවස්ථාවාදී කුහක වෘත්තීය සමිති නායකයින්ට ඕනෑ හැටියට වැඩ කිරීමට නොවේ. වරක් යටත් වුවහොත් තව කිහිපවරක් යටත් වීමට සිදුවනු බැවින් පළමු අවස්ථාවේදීම නිසි ප්‍රතිකාර දිය යුතුය. මන්ද දශකයක් පුරා වනචර කමින් පීඩාවට පත් ජනයා යහපාලනයක් බිහි කළේ තමන්ටත් රටටත් යුක්තිය සාධාරණත්වය ඉටු කරවා ගැනීමට මිස GMOA වැනි වහලුන් ලවා කුජීතයන් නැවත රජ කරවීමට නොවේ. ඒ බව රාජිත, චම්පික, රන්ජන්, කිරිඇල්ලලා ගෙන් ජෝන් බාස්ලාද ඩිලාන්තරස්ලාද කඩිනමින් තේරුම් ගත යුතුය.
ජනතාවද එක පයින් සිට එක දෙයක් තේරුම් ගත යුතුය. වහ වහා කල්පනාවට ගත යුතුය. එනම් පැවති වනචර තිරශ්චීන පවුල් ඒකාධිපතිවාදයකට නැවත යනවාද නැතිනම් අඩුපාඩු සහිතව හෝ දිනාගත් ප්රජාතන්ත්රවාදය තුළ හිඳිමින් ඉදිරියට යනවාද යන්නය.
ජනතාවද එක පයින් සිට එක දෙයක් තේරුම් ගත යුතුය. වහ වහා කල්පනාවට ගත යුතුය. එනම් පැවති වනචර තිරශ්චීන පවුල් ඒකාධිපතිවාදයකට නැවත යනවාද නැතිනම් අඩුපාඩු සහිතව හෝ දිනාගත් ප්රජාතන්ත්රවාදය තුළ හිඳිමින් ඉදිරියට යනවාද යන්නය.
Comments
Post a Comment