Syndicated from lankanewsweb,
ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව ලබාදුන් අභියාචනාධිකරණ තීන්දු හේතුවෙන් ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත පසුගියදා දැනුම් දුන්නේය.
ඒ අනුව ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි වීමෙන් හිස්වන පුරප්පාඩුව සඳහා පියසේන ගමගේ මහතා පත්කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවිය.
කෙසේ වෙතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි වන්නේ නම් ගාල්ල දිස්ත්‍රික් සමස්ත එජනිස ලැයිස්තුවම අහෝසි වන බව අපවෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ට නීතිඥවරයෙකු කියා සිටී. ඔහු පවසන්නේ එජනිස මහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව පසුගිය මහ මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් භාරදුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවම නීතිවිරෝධී වන බවයි.
කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණයට බලපෑමක් නොවන බවයි එම නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එසේ එජනිස ලැයිස්තුව අහෝසි වුවහොත් එජනිස සතුව තිබූ ආසන 6 න් 5 ක් එජාපයට හා 1 ක් ජවිපෙට ලැබෙනු ඇත.
Comments
Post a Comment