සිකුරාදා සයිටම් විරෝධී වැඩවර්ජනයක්

Syndicated from lankanewsweb,

සිකුරාදා සයිටම් විරෝධී වැඩවර්ජනයක්

ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය ලබන සිකුරාදා පවත්වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති, ගුරු වෘත්තීය සමිති ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සමිති 160 මෙම වැඩවර්ජනය සඳහා සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටින බවයි.
මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ සයිටම් ආයතනයට නීතිමය තත්වය ලබාදීමට එරෙහිවයි.
 
නවීන් ද සොයිසා මහතාගේ ප්‍රකාශයට අනුව සෞඛ්‍ය සේවාවට අදාල වෘත්තීය සමිති හයක්, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති දහයක් ඇතුළු වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට එක්වේ. 
 
මෙම වැඩවර්ජනයට සහයෝගය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ 05 වැනිදා දේශනවලට සහභාගි නොවී අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටින බවයි.

Comments