Syndicated from lankanewsweb,

පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් හර්තාල් ව්‍යාපාරක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට එළඹ තිබෙන්නේ ඊයේ (01) ගෝල්ෆේස් ක්‍රීඩාංගනයේ පවති මැයි රැලිය සාර්ථක බවට උපකල්පනය කරමිනි.
ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන්නේ මේ වනවිට මහින්ද රාජපක්ෂ වටා ජනරැල්ලක් නිර්මාණය වී ඇති බවයි. එම ජනරැල්ල ආණ්ඩුවිරෝධී රැල්ලක් බවට පත්කොට මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනඒම ඔවුන්ගේ අරමුණයි.
ගෝල්ෆේස්හි පැවති ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට විශාල ජන සහභාගීත්වයක් පැවති අතර එහෙත් මහ මැතිවරණයකදී එවැනි රැල්ලක් මහින්ද වටා එක්වේද යන්න සැක සහිතය.
මැයි රැලියට සහභාගි වූ පිරිස යනු අතිබහුතරයක් ඉතා සංවිධානාත්මකව, බස් යොදවමින්, මුදල්, මත්පැන්, බත්පැකට් ලබාදී ගෙන්වාගත් පිරිසක් විනා ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා පැමිණි පිරිසක් නොවේ. මහ මැතිවරණයකදී එම පිරිස අවම වශයෙන් දස ගුණයකින් හෝ වැඩිකර ගැනීමට හැකි යැයි සිතන්නේ නම් එය රාජපක්ෂලා නැවතත් තමන් විසින්ම වල කපාගැනීමකි.
බොහෝදුරට රාජපක්ෂ මහතා මෙවැනි තීරණයකට එළඹෙන්නට ඇත්තේ ඔහු වටා සිටින විමල්, ගම්මන්පිල වැන්නන්ගේ ධෛර්යමත් කිරීම හමුවේ වියහැකිය. මීට පෙරද හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට ඔහු වටා සිටින පුද්ගලයන්ගේ අධිතක්සේරුව එක් හේතුවක් විය. නැවතත් එම තත්වයට හිටපු ජනාධිපතිවරයා පත්වන්නේ නම් එය එදාටත් වඩා දැවැන්ත පරාජයක් වනු ඇත.
Comments
Post a Comment