වැස්සෙන් සහ සුළඟින් කොළඹට හානි: ගෝඨා හොරට අවසර දුන් ඊඒපී තට්ටු 8 ක ගොඩනැගිල්ල දොයි: ගෝඨා හැදූ රේස්කෝස් වහලය දොයි (Phtos)

Syndicated from lankaenews,



අද දවස පුරා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට කඩා වැටුනු අධික වර්ෂාවත් දැඩි සුලඟත් නිසා විශාල හානි සිදුවිය. ඉන් ප්‍රධාන සිද්ධියක් වූයේ වැල්ලවත්ත සැවොයි පිටුපස ඊඒපී සමාගම විසින් අලුතින් ඉදිකරමින් තිබූ තට්ටු 8 ක ගොඩනැගිල්ල කඩා වැටීමයි. ඉන් මේ වන විට 21 ක් තුවාල ලබා ඇති අතර සිරවූ අය බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ බේරාගැනීමේ කණ්ඩායම් කැඳවන ලදී. වැල්ලවත්ත ඇලට යාබදව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල අදාල ප්‍රමිතීන් වලින් තොර වුවද (ඇලට වෙන් කළ යුතු දුර සලකා නැත) හොරාට අවසර දී ඇත්තේ එවකට නාගරික සංවර්ධන අධිකාරිය බාරව සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් යැයි කියති. 
මේ අතර ගෝඨාභය විසින් නවීකරණය කරන ලද රේස් කෝස් පිටියේ සාප්පු සංකීර්ණයේ වහලින් කොටසක්ද සුලඟට ගැලවී ගියේය. එයද නිසි ප්‍රමිතියකින් සකස් කර නැති බවට මෙය නිදසුනකි. 
කිරිබත්ගොඩ ඉදිකරන ලද තොරණක්ද ගැලවී බිමට සමතලා විය. 
අධික වර්ෂාවට හසුවූ කොළඹ නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ගියේය. 

Comments