යුරෝපා පාර්ලිමේන්තුවේ බහුතරය ලංකාවට පක්ෂ වෙයි

Syndicated from lankanewsweb,

යුරෝපා පාර්ලිමේන්තුවේ බහුතරය ලංකාවට පක්ෂ වෙයි

මෙරටට GSP+ සහනය ලබාදීමට තීරණය කිරීම පිළිබඳව නැවත සලකා බලන මෙන් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙනවා. එම යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 119 ක් ඡන්දය ලබාදී ඇති අතර විපක්ෂව ලැබී ඇති ඡන්ද ප්‍රමාණය 436 කි.
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි ක්‍රියාමාර්ග නොගෙන ඇති නිසා GSP+ සහනය ලබාදීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස වාමාංශික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මීට සතියකට පෙරයි. ඒ අනුව ඡන්ද විමසීම අද දිනයේදී පැවැත්විණි.
 
යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය නිල වශයෙන් යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් අනතුරුව GSP+ සහනය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Comments