තහනමින් බේරීම සඳහා දෙරණ දේශපාලකයන් සහ මාධ්‍ය සංවිධාන පසුපස පිස්සුවෙන් දුවයි..! මාධ්‍ය නිවේදනයක් ලක්ෂ 20 යි..! (video) දෙරණ විකෘති කළ පුවත දැක්වෙන වීඩියෝව මෙන්න

Syndicated from lankaenews,



 ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සිතා මතා අර්ථය විකෘති වන සේ සංස්කරණය කර  ප්‍රචාරය කිරීම නිසා මහජන දේපොලක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාත අවභාවිතා කිරීමට වරද කරු වී සිටින දෙරණ ටීවී අයිතිකාර, කොටස් වෙළෙඳ පොලේ කුප්‍රකට වංචා රැසකට චෝදනා එල්ල වී සිටින දිලිත් ජයවීර නමැත්තා තම නාලිකාව තහනම් වීමෙන් වළක්වා ගැනීම සඳහා පිස්සුවෙන් මෙන් ජනාධිපතිවරයාත්, මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකත්, දිලිත්ගේ බැචෙක් වන නියෝජ්‍ය මාධ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතානත් පසුපස සහ මාධ්‍ය සංවිධාන කැඳවුම් කරුවන් පසුපස දුවමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
“පොදු දේපොලක් වන රූපවාහිනී සංඛ්‍යාත අවභාවිතා කර වරදකරු වූ දෙරණ මාධ්‍ය ජාලයේ බලපත්‍රය අහෝසි කිරීමට පෙර නිදහසට කරුණු විමසයි..!“ මැයෙන් ලංකා ඊ නිව්ස් පසුගිය 8 දා ප්‍රථම වරට කරන ලද හෙළිදරව්වෙන් පසු විවිධ මාධ්‍ය එය උපුටා ගෙන ප්‍රචාරය කර තිබූ අතර දෙරණේ සහ දිලිත්ලාගේ සත්‍ය ජනතාව දැන ගැනීමෙන් වියරු වැටුනු එම නාලිකාව ඊයේ දීර්ඝ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරමින් කියා සිටියේ මාධ්‍ය ලේකම් තමන්ට නිදහසට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදුන් බවයි. 

දෙරණ කියන බොරුව දෙරණම හෙළිකරයි

එය සම්පූර්ණයෙන්ම බොරුවක් වන බව ඔවුන්ම ඒ සමග ප්‍රචාරය කළ ඊලඟ ප්‍රකාශයෙන් පැහැදිලි විය. එහිදී මාධ්‍ය ලේකම් වරයා තමන්ගෙන් පුද්ගලයෙක් නම් කරන ලෙස එවන ලද ලිපියට ඔවුන්ගේ නීතිඥයෙකු විසින් මාධ්‍ය ලේකම්ට තිබෙන නීතිමය අයිතිය කුමක්දැයි විමසා ලිපියක් යැවූ බව ඔවුන් හෙළි කෙළේය. ඉන් ගම්‍ය වන්නේම ඔවුන් වැරදි කරුවන් බවයි. ටීවී නාලිකා වලට බලපත්‍ර දෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යි. එහි ලේකම් වරයා තමාට නීතියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව පරීක්ෂණයකට සහභාගී වන්නැයි කී විට එහි නොගොසින් ඊට ඇති නීතිමය අයිතිය ගැන විමසීමට කිසිදු බලපත්‍ර ලාභියෙකුට නොහැකිය. එසේ කරන්නේ නම් ඔවුන් යා යුත්තේ අධිකරණයට ය. ගොස් අදාල නිලධාරියා නීතියට පටහැනිව ක්‍රියා කරන බව අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුය. මෙය උදාහරණයක් ලෙස කියන්නේ නම් කිසිවෙකු ඔබට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කළ විට ඔබ කෙතරම් නිවැරදි පුද්ගලයෙක් වුවද පරීක්ෂණය සඳහා පොලිසිය ඔබට එන්නැයි කී විට එහි නොගොසින් පොලිසියට ඇති නීතිමය අයිතිය විමසමින් නීතිඥයන් ලවා ලිපි ලියවමින් සිටීමට ඔබට හැකියාවක් පවතීද? නැත. ඔබ පොලිසියේ පරීක්ෂනයට ගොස් එහිදී අසාධාරණයක් වන්නේ නම් ඔබට අධිකරණයට ගොස් සහනයක් ඉල්ලා සිටිය හැකිය. දෙරණ සම්බන්ධයෙන්ද සිදුව ඇත්තේ ඊට සමාන තත්ත්වයකි. මෙය වසන් කරන දෙරණ දැන් තවත් වටයකින් ජනතාව නොමග යවමින් සිටී. 
තමා මාධ්‍ය නීති රීති වලට පිටුපා යමෙකුගේ ප්‍රකාශයක් තැනින් තැන පුරුද්දා ප්‍රකාශය විකෘති කර පළ කළා මදිවාට ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයටද සහභාගී නොවී හිඳ සියල්ල මාධ්‍ය මර්දන යැයි හුවා දැක්වීමට දෙරණ සහ එහි අයිතිකාර කුප්‍රකට වංචනිකයෙක් වන දිලිත් ජයවීර උත්සාහ කරයි. ප්‍රකාශයක් විකෘති ලෙස සංස්කරණය කර ප්‍රචාරය කිරීම ජනාධිපතිට නොව සාමාන්‍ය පුද්ගලයෙකුට කෙළේ වුව බරපතල වරදකි. වරද පිළිගෙන සමාව ගන්නේ නැතිනම් දඬුවමකට යටත් විය යුතුමය.  

තහනම ඉවත් කර ගැනීමට දිලිත්ගෙන් දේශපාලකයන්ට කප්පම්

නීතිමය කරුණට ඍජුව මුහුණ නොදී ජනාධිපතිවරයා, ඇමැතිලා පසුපස දුවමින් සහ කෝටි ගණනින් කප්පම් ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කරමින් සහන පැතීමෙන්ම පෙනී යන්නේ දෙරණේ සහ දිලිත් ජයවීරගේ තිබෙන වරදකාර භාවය සහ දේශපාලන බලපෑම් වලින් නීතිය යටපත් කිරීමට රාජපක්ෂ යුගයේ සිට ඔවුන්ට ඇති පුරුද්දයි. 
මාධ්‍ය ඇමැති වරයාටත් විශේෂයෙන්ම දිලිත්ගේ බැචා වන නියෝජ්‍ය මාධ්‍ය ඇමැති පරණවිතානටත් යහපාලන ජනතාව කරුණාවෙන් මතක් කරන්නේ දිලිත් ගේ කප්පම් සල්ලි වලට යට වී නීතිමය ක්‍රියාවලියකට දේශපාලන අත පෙවීමෙන් වැලකී සිටින ලෙසය. මන්ද යත් අත් පිච්චීමට ඉඩ ඇති බැවිනි.

දෙරණට පක්ෂ මාධ්‍ය සංවිධාන නිවේදනයක් ලක්ෂ 20 යි

දේශපාලකයන් පසුපස පමණක් නොව තමන්ට බිලි බා ගත හැකි මාධ්‍ය සංවිධාන කැඳවුම් කරුවන් පසුපසද දිලිත් ජයවීර දුවන බව දැනගන්නට ලැබී තිබේ. ඒ අන් කිසිවකට නොව දෙරණ කරන ලද වරදට දඬුවමක් ලැබීම මාධ්‍ය මර්දනයක් යයි කියා මාධ්‍ය සංවිධාන කුලප්පු කර ගැනීමට ය. දැන ගන්නට ලැබී ඇති අන්දමට එක් මාධ්‍ය සංවිධාන කැඳවුම් කරුවෙකුට තමන්ට පක්ෂපාතී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නේ නම් ලක්ෂ 20 ක් ලබා දීමට දිලිත් ජයවීරගේ තැරැව්කරුවෙකු යෝජනා කර තිබේ. වාසනාවකට එම කැඳවුම්කරුවා තැරැව්කරුවාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.  
දිලිත් ජයවීර යනු මාධ්‍ය ආයතනයක අයිතිකරුවෙකු වීමට කිසිදු සුදුසුකමක් නොමැති වංචනිකයෙකි. මීට දශක දෙකකට හමාරකට පෙර අතේ සතේ නැතිව සිටි දිලිත් ජයවීර ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කර සුදු කිරීමට උදව් කිරීමෙන් ප්‍රකෝටිපතියෙකු බවට පත් විය. ඔහුම වරක් කී පරිදි රු. බිලියන එක හමාරක පමණ මුදලක් ඔහු කොටස් වෙළෙඳ පොලේ දමා සුදු කරගෙන තිබේ. උදාහරණයක් මෙලෙසය

කොටස් වෙළඳපොල වංචාකරුවෙකු වූ දිලිත් 

ලංකා හොස්පිට්ල්ස් හෙවත් ඇපලෝ රෝහලේ සභාපති වූ ගෝඨා කුප්‍රකට කොටස් වෙළඳපොල තක්කඩියෙක් වූ නාලක ගොඩහේවා (නාමල් රාජපක්ෂගේ කළු සල්ලි සුදු කිරීමට හවුල්වීම නිසා පසුගිය කාලයේ රිමාන්ඩ් භාරයේ පසුවී දැන් නඩු දමා ඇති) එහි අධ්‍යක්ෂ මණ්ඩලයට බඳවා ගත්තේය. ඉන් පසුව දිලිත් ජයවීරද බඳවා ගත්තේය. එකළ ලංකා හොස්පිට්ල්ස් කොටස් විකුණුනේ රුපියල් 28.65 කට පමණය. පසුව ඒවා හදිසියේම රු. 84 දක්වා ඉහළ නගී. 42 සිට 84 දක්වා ඉහළ යන්නේ දින 3 ක් ඇතුලදී වීම පුදුමාකාරය. 84 දී කොටස් අලෙවියෙන් පසු යලි සීග්‍ර ලෙස පහත වැටෙන්නේ ය. මිලදී  ගන්නේ රජයේම මුදලිනි. රජයේ මුදල් වලින් මිලදී ගන්නේ ගෝඨාගේ නාලක ගොඩහේවාගේ සහ දිලිත් ජයවීරගේ කොටස් ය. මේ ගණුදෙනුවෙන් පමණක් මොවුන් නිකම්ම සාක්කුවල දමා ගත් ගාන රු.කෝටි 60 කට අධිකය. 
දිලිත් ජයවීර වනාහි එවැනි තක්කඩියෙකි.
රාජපක්ෂලාගේ වනචර දශකයේ සිදුකළ කොටස් වෙළඳ පොල වංචා ගැන පරීක්ෂණ සිදුකිරීමට පැමිණි විනිමය කොමිෂන් සභාවේ සභාපති නිදි වැද සිටීම නිසා මොවුන් තවමත් නිදැල්ලේ ය. ලංකා ඊ නිව්ස් කලින් වතාවකදී ද හෙලිකළ පරිදි කොටස් වෙළඳපොලේ වංචා ගැන එෆ්සීඅයිඩියට හෝ සීඅයිඩියට හෝ පරීක්ෂණ පැවැත්වීමේ නීතිමය බලතල නොමැත ඒ ගැන පරීක්ෂණ කළ යුත්තේ විනිමය කොමිෂන් සභාව විසිනි. යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු එම කොමිෂන් සභාවට පත් කරන ලද්දේ රාජපක්ෂ යුගයේදී එහි වංචා සිදුවන බව කියමින් ඉල්ලා අස්වූ හිටපු සභාපති තිලක් කරුණාරත්න ම ය. රටම සිතුවේ තිලක් කරුණාරත්න එදා කී වංචා දැන් අල්ලා ගනු ඇතැයි කියා ය. කාලකන්නි කමක මහත.., යහපාලන ආණ්ඩුව පැමිණ පත් කරන ලද ස්වාධීන කොමිෂන් වලින් බින්දුවක් වත් වැඩ නොකරන එකම කොමිසම වී ඇත්තේ තිලක් කරුණාරත්න සහ විනිමය කොමිසම ය. තිලක් කරුණාරත්න සම්බන්ධයෙන් ඔහු පත් කරන ලද ව්‍යවස්ථා සභාව කිසියම් තීන්දුවක් ගත යුතුමය. කොමිසමක සභාපති කෙනෙක් පත් කිරීමෙන් පසු ව්‍යවස්ථා සභාවට ඔහු ඉවත් කිරීමට නීතිමය බලතල නොමැති නමුත් වැඩ නොකරන මෙවැනි කාලකන්නියන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට හැකියාව තිබේ. 
එසේ නොවන තාක් දිලිත් ජයවීරලා වැනි තක්කඩියන්ට පිල් විදහමින් රඟත හැකිය. 
දෙරණ ජනාධිපතිගේ ප්‍රකාශය විකෘති කර ප්‍රචාරය කළ අයුරු පහතින් 

Comments