syndicated from lankanewsweb,
විනිවිදභාවය ඇති කරන සමාජ සංස්කෘතික වශයෙන් දැවැන්ත යහපත්කම් වලින් පිරුණු ලෝකයේ විශිෂ්ඨතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ගැනීමට කදිම අවස්ථාවක් ගොඩනැගී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියෝ පැවසුහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ "අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා වන ජාතික ව්‍යාපාරය" කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වූ පළමු මහජන හමුවක් අමතමිනි.
කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මොහොතක මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ යුතු බවයි අමිල හිමියන් පෙන්වා දුන්නේ.සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂටද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබීමෙන් පෙනී යන්නේ එම ජනතාවගේ අපේක්ෂාව බව උන්වහන්සේ කියා සිටියහ.
ඒ නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම නව ව්‍යවස්ථාවට එරෙහිව ගෙන යන අවලාද පලක් නොවන බවත් අද ජනතාව රාජපක්ෂ ක්‍රමවේදය බැහැර කර ඇති බවත් අමිල හිමියෝ අවධාරණය කළහ.
මහජන හමුව අමතමින් කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාද අදහස් දැක්වීය.
"1994 මහ මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්න බැහැ අලුත් ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ කියලා. එදා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් චන්ද්‍රිකා මහත්මිය ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපය ඊට විරුද්ධ වුණා. උත්ප්රාසය වන්නේ එදා විරුද්ධ වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා අද අලුත් ව්‍යවස්ථාවක් ගෙනඑන්න පෙරමුණ ගැනීමයි. එය දෛවයේ සරදමක් බව අපි කියන්නේ නෑ. එදා ශ්‍රීලනිපයට නොලැබුණු සහයෝගය අද ලැබී තිබෙනවා. මේ අවස්ථාව මග හැරියොත් අපට අනාගතයක් නෑ."
නව ව්‍යවස්ථාවට එරෙහිව කතා කරන්නේ අනාගතයක් නොමැති දේශපාලනඥයන් බව නීතීඥ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.මහින්ද රාජපක්ෂ මහතාටද දේශපාලන අනාගතයක් නොමැති නිසා ඔහුද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව අදහස් දක්වන බවයි ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපොදු අපේක්ෂකයා වීමට පෙර තමන් ඇතුළු පිරිස සමඟ කටයුතු නොකළ නමුත් රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට එන්න කොන්දක් තිබුණු නිසා ඔහුට ගරු කරන බව හෙතෙම පැවසීය.ඒ නිසා දැන් ජනාධිපතිවීමට පෙරත් පසුවත් ජනතාව හමුවේ දුන් පොරොන්දු ඉටුකරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
නීතීඥ සුදර්ශන ගුණවර්ධන ,නීතීඥ ජේ සී වැලිඅමුණ, ගාමිණී වියන්ගොඩ, ලූෂන් බුලත්සිංහල, උදේනි දිසානායක සහ සමන් රත්නප්‍රිය යන මහත්වරු ද මහජන හමුව ඇමතීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ඇමැතිවරුන් වන සරත් ෆොන්සේකා, මංගල සමරවීර සහ මහින්ද අමරවීර යන මහත්වරුද එම අවස්ථාවට සහභාගීවී සිටියහ.
නිශාන්ත ප්‍රියදර්ශන
Comments
Post a Comment