syndicated from lankanewsweb,
ගතවූ වසර දහයක කාලය තුළ සමෘද්ධි ව්‍යාපාරය සම්පූර්ණ කඩාවැටී ඇති බවත් ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයාගේ සිට සියලුදෙනා වගකිව යුතු බවත් සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
සමෘද්ධි ව්‍යාපාරය මේ වනවිට ගම් මට්ටමින් අසමත්ම සංවිධානය බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වනවිට සමෘද්ධි ජනතාවගේ තැන්පතු සඳහා නියමිත පරිදි පොළී මුදල් පවා නොලැබෙන බවත් ඒ සියලු ගැටලු සඳහා පිළියම් යෙදීමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත් ඇමතිවරයා පවසයි.
එස්.බී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සමෘද්ධි නිළධාරීන්ට පත්වීම් ලිපි බෙදාදීම වෙනුවෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
පසුගිය රජය සමයේ මැතිවරණවලදී සමෘද්ධි ජනතාවගේ මුදල් රුපියල් 2500 බැගින් මැතිවරණ කටයුතු සඳහා යොදවා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
'''
Comments
Post a Comment