syndicated from lankanewsweb,
ගෝලීය ආර්ථිකයට බලවත් තර්ජනයක් විය හැකි සමුද්‍ර ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සියළු රටවල් අත්වැල් බැඳගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති "2017 ත්‍රස්ත මර්දන සමුළුව" ස්කයිප් තාක්ෂණය ඔස්සේ අමතමිනි.
විවිධ කණ්ඩායම්වල බලපෑම් සහ අභිප්‍රායන් හේතුවෙන් පසුගිය කාලය තුළ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍ර ත්‍රස්තවාදය මතුවීමේ අවධානමක් පැවති බව වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.පසුගිය දශක එකහමාරක කාලය තුළ ගොඩබිම ත්‍රස්තවාදය පරදමින් සමුද්‍ර ත්‍රස්තවාදය හිස ඔසවමින් පවතින බව සඳහන් කළ අගමැතිවරයා කියා සිටියේ එය ආර්ථිකයට දැඩි බලපෑමක් බවයි.
"බිලියන තුනක ජනතාවක් වෙසෙන ඉන්දියානු සාගර කලාපය හරහා ලෝකයේ කන්ටේනර් නැව් හරි අඩක් ගමන් කරනවා.මෙය ආසියානු හා මැදපෙරදිග රටවලට විශාල ආර්ථික ශක්තියක්.මේ අතර ඉන්දියානු සාගර කලාපයේ හිස ඔසවමින් තිබෙන ඩිජිටල් ක්‍රමවේදී ත්‍රස්තවාදය සම්බන්ධයෙන්ද සියළු දෙනාගේ අවධානය යොමු විය යුතුයි.මෙම ත්‍රස්තවාදයන් පරාජය කිරීම සඳහා සියළු රාජ්‍යයන් සමීපව සහයෝගයෙන් වැඩ කළ යුතුයි."
එක් පුද්ගලයෙකුගේ ත්‍රස්තවාදය තවත් පුද්ගලයෙකුගේ විමුක්තිය සේ සැලකීමට නොහැකි බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ආශිකා බ්‍රාහ්මණ

Comments
Post a Comment