syndicated from lankanewsweb,
ණයබරතාවයක් රට තුළ පවතින නමුත් එය කිසිසේත් ම ජනතාව මත පැටවීමට අදහස් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණා නායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නව වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (02) පැවති උත්සවය අමතමිනි.
උදා වූ 2017 නව වසර තුළ රට ජයග්‍රහණය කරා ගෙන යන ගමන ආරම්භ කෙරෙන බව පැවසූ අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ ඒක පුද්ගල රඟපෑම් වෙනුවට සාමූහිකව කටයුතු කර අභියෝග ජයගැනීමත් රට තුළ විනය පවත්වා ගනිමින් විනිවිදභාවයෙන් කටයුතු කිරීමත් රජයේ අපේක්ෂාව බවය.
2015 ජනවාරි 08 වනදා නව රජය රට භාර ගත්තේ බිලියන 10,900ක ණය කන්දරාවක් සමඟ බව පෙන්වා දුන් අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ මේ වන විට මූල්‍ය විනය තුළින් ඒවා නිසි කළමනාකරණයකට ලක් කර ඇති බවයි.
Comments
Post a Comment