මෛත්‍රී නිවසේ ලයිට් නිවා ගෝඨා සමග පමණක් නොව නාමල් බැසිල් සමගත් රහසිගතව සාකච්ඡා කරලා: අපේ පොදු අපේක්ෂකයා වෙනත් අය හොරකම් කරලා (Video) - මහාචාර්ය සරත් විජේසූරිය පුරවැසි බලය රැස්වීමේ කළ සම්පූර්ණ කතාව

syndicated from lankaenews,



පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජනාධිපතිවරයා වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඔහුගේ හෘද සාක්කියත් වෙනත් අය හොරකම් කරගෙන ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු හොර රහසේ නිවසේ ලයිට් නිවා ගෝඨාභය රාජපක්ෂ දෙතුන් වතාවක් හමුවී ඇතැයිද ගොඨා පමණක් නොව ඒ ආකාරයම හොර රහසේ නාමල් රාජපක්ෂද බැසිල් රාජපක්ෂද හමුවී ඇතැයිද ඒ බව හෙලි කරන්නේ තමන් නොව ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක බවද  මහාචාර්ය සරත් විජේසූරිය මහතා හෙළි කෙළේය. 
ඔහු මෙසේ කීවේ ජනාධිපතිවරයාගේ සයනයිඩ් දේශනයෙන් පසු සිවිල් සමාජයට එල්ල කරන අවලාද වලට පිළිතුරු සපයමින් ඊයේ(02) කොළඹ මහජන පුස්තකාලයේදී පුරවැසි බලය සංවිධානය කර තිබූ මහජන රැස්වීමේදී ය.
මහාචාර්ය වරයා කියා සිටියේ මේ අය එක එක පුද්ගලික න්‍යාය පත්‍ර මත කිසිදු හිරිකිතයක් නැතිව සාපරාධී ලෙස රටේ අනාගතය බිල්ලට දී ඇති බවයි. මහාචාර්යවරයාගේ දැඩි විවේචනයට ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද හසුවිය. 
මහාචාර්ය සරත් විජේසූරියගේ සම්පූර්ණ කතාව පහතින් ඇසිය හැකිය 

Comments