වසර 12 ට අඩුවෙන් සේවය කර ආබාධිතව විශ්‍රාම ගත් හමුදා නිලධාරීන් සහ රාවණා බලයේ මැරයන් ඊයේ කොළඹදී ගුටිකෑවේ කුලියට ? (Video)

syndicated from lankaenews,



වසර 12 ට අඩුවෙන් සේවය කර  ආබාධිතව විශ්‍රාම ගත් හමුදා නිලධාරීන්ගෙන් කොටසක් සහ රාවණා බලය නමැති අන්තවාදී මැරයන්  ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදීමට ගොස් ගුටි කෑවේ බංකොලොත් දේශපාලුවන්ගේ කුලියට දැයි යන සැකය මතු වී තිබේ.
ඊට හේතු මෙසේය.
මෙම පිරිස දින 5 ක් පුරා උපවාසයක යෙදුනේ ‘සේවා විශ්‍රාම වැටුප‘ ලබා දෙන ලෙස ඉල්ලමිනි. ජනාධිපතිවරයා මේ පිරිසට ‘සේවා විශ්‍රාම වැටුප‘ දිය යුතු යැයි තීරණය කර තිබුණේ පසුගිය වසර අවසාන කාලයේදී ය. ඒ සම්බන්ධ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණ. එය ලබා දීමට සැලසුම් කර තිබුනේ මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරියේ සිටය.
මේ පිරිස උපවාසය අරඹද්දීම මේ බව හමුදාපතිවරයා ආරක්ෂකලේකම් වරයා ඇතුළු පිරිසක් මොවුන්ට පහදා දී ඊට අදාල ලිඛිත පොරොන්දුවක්ද දී තිබිණ. නමුත් මොවුන් ඊයේ බලහත්කාරයෙන් ජනාධිපති කාර්යාලයට කඩා වැදීමට බැරියර් පෙරලාගෙන පැමිණියහ. කඳුළු ගෑස් කා බැටන් ප්‍රහාරද කෑමෙන් අනතුරුව පිරිස උපවාසය නවතා විසිර යෑමට එකඟ වූයේ අලුත් පොරොන්දුවක් අනුව නොව මෙම උපවාසය ආරම්භයේදීම දුන් පෙර කී පොරොන්දුව අනුවම ය. 
ඒ අනුව ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ මෙම පිරිස ඊයේ සිදුකෙළේ බංකොලොත් දේශපාලුවන්ගේ කොන්ත්‍රාත්තුවකට කුලියට ගුටි කෑමක් බවය.
මෙහි ඉතිහාසය මෙසේය.
යුද්දයේදී ආබාධිත වූවන්ට වර්ග දෙකක් අනුව නිශ්චිත ක්‍රමවේදයක් අනුව දීමනා ලැබේ. එනම්,
1. ත්‍රිවිධ හමුදාවේ වසර 12 ක සේවා කාලයක් සම්පූර්ණ කර සිටියදී ආබාධිත වූවන් සහ ( ත්‍රිවිධ හමුදාවන්හි වසර 12 ක සේවා කාලයක් සපුරා ඇති අයට විශ්‍රාම ගැනීමට තිබෙන අයිතිය මෙහිලා සලකා ඇත)
2. ත්‍රිවිධ හමුදාවේ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබියදී ආබාධිත වූවන් ලෙසය.
මොවුන් සිය කැමැත්තෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියට ගොස් තමන් සිය කැමැත්තෙන් විශ්‍රාම යන බව පළමුවෙන්ම කිව යුතුය.
ඒ අනුව 1 වන කණ්ඩායම හෙවත් වසර 12 සැපිරූ අයට
සේවයේ යෙදී සිටියා සේ සලකා වැටුප ද
දුබලතා විශ්‍රාම වැටුපද
සේවා විශ්‍රාම වැටුපද ලෙස දීමනා 3 ක් මාසිකව ගෙවන ලද අතර 
වසර 12 සපුරා නැති වසර 10 සපුරා ඇති අයට ‘සේවා විශ්‍රාම වැටුප‘ හැර අනෙක් දෙක ලබා දෙන ලදී
මෙම ‘දුබලතා විශ්‍රාම වැටුප‘ හැදීමේදී පුද්ගලයාගේ ආබාධිත තත්ත්වය වෛද්‍ය මණ්ඩලයක් විසින් තක්සේරු කර ඔහුට ඉපැයීමේ හැකියාව අහිමි වීමේ ප්‍රමාණයක් ගණනය කරයි. එය වැටුපෙන් ප්‍රතිශතයක් වන අතර උපරිමය 80% කි. සේවා විශ්‍රාම වැටුපද සේවා කාලය සලකා බලා ගණනය කරනු ලබන වැටුපෙන් ප්‍රතිශත මුදලකි.
ඊයේ රණවිරුවන් නොවී අතකොලුවන් වී ගුටි කෑ පිරිස ඉහත කී සේවා වැටුප පමණක් නොලද අනෙක් සියළුම දීමනා ලැබූ වසර 12 කාලයක් සපුරා සිටියේ නැති පිරිසෙන් කොටසකි. 
මෙම දීමනාව 2009 දී යුද්දය නිමාවී 2015 ජනවාරි මෛත්‍රීපාල සිරිසේන මහතා එනතුරුම වසර 6 ක් පුරා මොවුන් ඉල්ලා සිටියද හිටපු රාජපක්ෂලා විසින් සතයක් හෝ ගෙවා තිබුනේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණීමෙන් පසු මෙම වසර 12 සපුරා නොසිටි පිරිසට ද සේවා විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි නියම කෙළේය. ඒ සම්බන්ධ ගැසට් නිවේදනයක් ද නිකුත් කෙළේය. එහි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමේ සිට නෛතික කාරණා අහවර කර ගැනීම සඳහා පසුගිය කාලය ගත කර තිබූ අතර මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ලබන පෙබරවාරියේ ඇරියස් සමග ලබා දෙන බව පොරොන්දු වී තිබිණ. 
එසේ තිබියදී මේ පිරිස ඊයේ රඟපෑවේ “මෙන්න යහපාලන ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ට ගහනවෝ“ යන රාජපක්ෂලා දත මැදගෙන සිටින අවලාදයට අවශ්‍ය ජවනිකාව බව ඉහත කරුණු පැහැදිලි කිරීමෙන් තේරුම් ගත හැකිය.
ඊයේ සිදුවීමේ තවත් වැදගත් කාරණය නම් පොලිස්පතිවරයාගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතය. දින 5 ක් තිස්සේ සාධාරණ පොරොන්දු පිලිනොගෙන ක්‍රියා කළ මේ කණ්ඩායමට අතකොළු ආබාධිතයන් පමණක් නොව රාජපක්ෂලා විසින් කුලියට නිර්මාණය කළ රාවණා බලයේ පත්තෑයන්ගේ හුජ්ජාතිස්ස වැනි චීවරධාරීන්ද පසුපස සිටින බවත් දැන ගෙන මොවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වදින තුරු අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීම ගැන පොලිස්පතිවරයා සම්පූර්ණ වගකීම බාර ගත යුතුය. ඔහුට තම ජංගම දුරකථන 4 ට එන ඇමැතුම් වලට මල් කැඩීමත්, තම ෆේස් බුක් පිටු වල පෝස්ට් දැමීමත්, ඒවාට එන කොමෙන්ටු වලට පිළිතුරු බැඳීමටත්, පැය හතරේ පහේ දේශනා තැබීමටත් කාලය ගත කළ පසු රටේ මර්මස්ථානයක් වන ජනාධිපති ලේකම් කාර්යාලයට ආරක්ෂාව සැපයීම අමතක වුනා විය හැකිය. කෙසේ වෙතත් ඔහු රටේ නොසිටීම වගකීමෙන් පැන යෑමට හේතුවක් නොවේ.
සිද්ධිය දැක්වෙන වීඩියෝවක් පහතින්


Comments