ඉසුරුපායේ රෑ එළිවෙන තුරු රඟදැක්වූ “ජොස්තර කලන්තේ හෙවත් ඇම්බියුලන්ස් ජාතකය“ ටීටර් එකේ සත්‍ය සේයාරූ

syndicated from lankaenews,



වේදිකාවේදී නළු නිළියෝ හඬති; වැළපෙති; සිනහාවෙති; ලෙඩවෙති; මිය යති. නමුත් ඒ සියල්ල ඇත්තට සිදුවන්නක් නොවේ. රඟපෑමක් පමණි. නමුත් බලා සිටින අය ඊට අනුගත වන්නේ එය ඇත්තට සිද්ධවන්නක් සේ සලකමිනි. එබැවින් නළු නිළියෝ හඬද්දී ප්‍රේක්ෂකයෝද හඬති, නළු නිළියෝ සිනහාසෙද්දී ප්‍රේක්ෂකයෝද සිනහාසෙති. නළු නිළියෝ මිය යද්දී ප්‍රේක්ෂකයෝ ශෝකවෙති. 
නමුත් වෘත්තීය අරගලයකදී මෙවැනි රඟපෑමක් සිදුවුවහොත් එය විහිළුවකි. විහිළුවක් පමණක් නොව බලා සිටින අය රැවැට්ටූ මහා ද්‍රෝහී කමක්ද, දුෂ්ඨ ක්‍රියාවක්ද වේ. එවැනි දුෂ්ඨ ටීටර් එකක් පසුගියදා ජොස්තර ඩ්‍රැකියුලාගේ අධ්‍යක්ෂණයෙන් GMOA විසින්  ඉසුරුපායේදී එළිවෙන තුරු රඟ දැක්වූහ. එහි නම “ජොස්තර කලන්තේ හෙවත් ඇමිබියුලන්ස් ජාතකය“ විය. තම දරුවන්ට රෝයල් විශාකා සුපිරි පාසැල් නොලැබෙන්නේ නම් රෝගීන් මරාගෙන කනවා නම් තර්ජනය කරමින් ඉසුරුපායේ මධ්‍යම රාත්‍රිය ගත කළ ඔවුන්ගෙන් එක් ජොස්තරවරියක් ‘ලෙඩ‘ වේ. 'මිය යෑමට' පෙර ‘ලෙඩා‘ රැගෙන යෑම සඳහා ‘ඇම්බියුලන්ස්‘ රථයක් පැමිණේ. ඇම්බියුලන්ස් රථයේ පැමිණෙන්නේ GMOA ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක පුංචි ඩ්‍රැකියුලන් ය. රැගෙන එන්නේ ලෙඩාට අවශ්‍ය බේත් ඖෂධ නොව සියල්ලෝටම අවශ්‍ය රාත්‍රී කෑම සහ වතුර ය මේ අපූරු ටීටර් එකේ සැබෑ රූප රාමු මෙහි පහත දැක්වේ.. නමුත් GMOA ඩ්‍රැකියුලන් මාධ්‍ය හමුවක් තබා කීවේ වෙනත් බොරු කතාවකි. පහත දැක්වෙන “ජොස්තර කලන්තේ හෙවත් ඇමිබියුලන්ස් ජාතකය“ ටීටර් එකේ සත්‍ය සේයාරූ බලා ජනතාව මේ තක්කඩියන්ට තවත් ඉඩ දෙනවාද කියා තීන්දු කළ යුතුය. 
1. අධ්‍යාපන අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වී රඟපෑ “ජොස්තර කලන්තේ හෙවත් ඇමිබියුලන්ස් ජාතකය“ ටීටර් එකට අවභාවිතා කළ කොළඹ ජාතික රෝහලේ ගිලන් රථය...LW-0752
සාමාන්‍යයෙන් අයෙකු රෝගී වූ විට ගිලන් රථයක් ගෙන එන්නේ ආසන්නතම රෝහලෙනි. ඒ අනුව මෙහි පැමිණිය යුත්තේ ජයවර්ධනපුර රෝහලේ හෝ තලංගම රෝහලේ හෝ ගිලන් රථයකි. ගිලන් රථ වල කෑම අදින්නේ ද නැත. 
02-ගිලන් රථයේ වෛද්‍යවරයා ලෙස GMOA ලේකම් නවින්ද සොයිසා ම පැමිණි අයුරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුවට පහර දෙමින් ඔහු තම තිරිසන් ගතිය ප්‍රකට කරන අයුරු...
03-ගිලන් රථය ඇතුළු කර ගැනීමට තම මැර බලය යොදමින් ආරක්ෂකයන්ට පහර දෙමින් හපා කෑමට පනින GMOA මාධ්‍ය ප්‍රකාශක නලින්ද හේරත් ප්‍රමුඛ පුංචි ඩ්‍රැකියුලන්
04 සිට 09 දක්වා- මහජන දේපොළ අවභාවිතා කරමින් ගිලන් රථය ගෙන ආවේ ලෙඩෙක් ගෙන යෑමට නොව රෝයල් විශාකා ඉල්ලා බලහත්කාරයෙන් රැඳී සිටි ජොස්තර රැලට කෑම සහ බීම ඇදීමට බව ඔප්පු කෙරෙන සේයාරූ
10-12 -"දොස්තර කලන්තේ" ටීටර් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ලේඩි ජොස්තර

* කලන්තයට හේතුව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ විදුලිය විසන්ධි කිරීම බව කියන මැයට, යම් අපහසුවක් දැනුණි නම් ඉන් එළියට නාවේ ඇයි?
*ඇයට විතරක් කලන්තෙ හැදුණේ ඇයි?
* කලන්තයක් හැදුණා ම ගිලන් රථවලින් රෝගීන් රෝහල් ගත කරනවා ඔබ අසා තිබේ ද? එසේනම් පාසල් වල උදෑසන රැස්වීම් පැවත්වීමට පෙරද ගිලන් රථ ගෙන්වා ගත යුතුය. මන්ද එහිදී අනන්තවත් දරුවන් කලන්තේ හැදී වැටෙන නිසා ය.
* කලන්තයටකට වත් මූලික ප්‍රතිකාරයක් කර ගැනීමට නොදැන ඇම්බියුලන්ස්ම ගෙන්වන්නේ නම් වෛද්‍යවරුන් ලෙස ඔවුන් ගැනම ලැජ්ජා විය යුතුය.
*ජොස්තරලාට පැයක් AC නැතුව ඉන්න කොට කලන්තය  හැදෙනවා නම් මුන් වර්ජනය කරන විට අහිංසක ලෙඩුන් කී දෙනෙකුට කලන්තෙ දානවා ඇතිද? (ලෙඩුන් මිය නොයනවා නම් හොඳය)
13- කිසිදු අතුරු ආන්තරාවකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ වූ විසල් ජනෙල් පියන් ද හැර යස අපූරුවට පුටුවට පුටුවක් ළංකරගෙන කකුල් මේස උඩ දමාගෙන රැය පහන් කළ ටීටර් කාරයෝ

Comments