“ඩලස්ට අස්වෙන්න එවැනි තනතුරක මිනිහා ඉන්න එපායැ...! බන්දුල අස්නොවුනා නම් අස් කරාවි.. ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි“ -එස්බී බැටේ දෙයි (‘ආදාල නෑනේ‘ Video)
syndicated from lankaenews,
ශ්රීලනිපයටත් නැති එජනිසයටත් නැති පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයටත් නැති මනෝරාජික ඒකාබද්ධ විපක්ෂය නමැති මරාවාදී වහල් දර්ශනයක් කරපින්නාගෙන සිටින ඉහඳ පණුවන් පිරිසක් පසුගියදා ශ්‍රීලනිපයෙන් එළවා දැමූ පසු ඩලස් අලහප්පෙරුම නමැති රාජපක්ෂ වහලා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තමන් ස්වේච්ඡාවෙන් මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් වන බවයි.
ඒ සමග රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි යැයි ආර්ථික දර්ශනයක් ගෙන ආ බන්දුල ගුණවර්ධන නමැති රාජපක්ෂ වහලා ද අද කියා සිටියේ තමන්ද ස්වේච්ඡාවෙන් හෝමාගම ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් වන බවයි.
මේ දෙකටම පිළිතුරු දෙමින් ශ්‍රීලනිපයේ හිටපු මහ ලේකම් එස්.බී.දිසානායක ඇමැතිවරයා හේවාහැට අද පැවැති පක්ෂ ප්රතිසංවිධාන හමුවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් කීවේ ඩලස් අලහප්පෙරුමට අස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එවැනි තනතුරක් ලබා දී නැති බවයි. දිස්ත්‍රික් සංවිධායකයෙකු වීමට පෙර ආසන සංවිධානය වරයෙක් විය යුතු නමුත් ඩලස් අලහප්පෙරුම මාතර දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක සංවිධායක වරයෙක්ද නොවන අතර ඔහුට ලැබුනා යයි කියන දිස්ත්‍රික් සංවිධායක ධූරය මහින්ද රාජපක්ෂ දුන් කොල කෑල්ලක් විය හැකිවා මිස පක්ෂය විසින් නිල වශයෙන් එවැනි තනතුරක් ඔහුට දී නැතැයි එස්.බී කීවේය. ඒ අතරම බන්දුල ගුණවර්ධනගේ ඉල්ලා අස්වීම ගැන කීවේ ඔහු අස්නොවුනා නම් අස් කිරීමට ඉඩ තිබූ බවයි. පක්ෂයක තීරණ වලට පක්ෂපාතී නොවී කඩා කප්පල් කරමින් පක්ෂයක සිටිය නොහැකි බව කී එස්.බී ඇමැතිවරයා බන්දුලගේ ඉවත්වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් යැයි කීවේය.
මේ අතර ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණ තමාට අදාල නැතැයි මැදමූලන මහින්ද රාජපක්ෂ පවසා තිබේ.
කෙසේ වෙතත් එජාප ශ්‍රීලනිප පක්ෂ දෙක සම්මමුති ගත වීම තුල පක්ෂ මාරු කරමින් මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය අවස්ථාවාදීන්ට අල්ලපු අත්තත් නැතිව පය ගහපු අත්තත් නැතිව දේශපාලන මරුවැලක එල්ලීම පමණක් සිදුව ඇති බව පෙනේ.
මේ සම්බන්ධ වීඩියෝවක් පහත දැක්වේ
Comments
Post a Comment