'හූ' කීම නින්දිතයි - දුමින්ද, 'හූ' කීවේ පිටස්තරයින් - මහින්දානන්ද

syndicated from lankanewsweb,


'හූ' කීම නින්දිතයි - දුමින්ද, 'හූ' කීවේ පිටස්තරයින් - මහින්දානන්ද

රාජපක්ෂවාදීන්ගේ පාද යාත්‍රාවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට එරෙහි තීන්දුවක්  පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඊයේ (2) ශ්‍රී ලනිප මූලස්ථානයේදී පැවසීය. 
පාද යාත්‍රා කරුවන් පක්ෂ මූලස්ථානය ඉදිරියේදී 'හූ' තැබීම නින්දිත ක්‍රියාවක් බවද ඔහු අවධාරණය කළේය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ 'හූ' කීවේ පාද යාත්‍රාවට පිටතින් පැමිණි පිරිසක් විසින් බවය. 
 
ශ්‍රීලනිප 65 වන සංවත්සරය සැප්තැම්බර් 02 වනදා පැවැත්වෙන බවද දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. 


Comments