මෛත්‍රී ශ්‍රීලනිප ශුද්ධය අරඹයි..! මරාවාදී ප්‍රබලයන් 13 කගේ ආසන සංවිධායක ධූර අහෝසියි: නව ආසන/දිස්ත්‍රික් සංවිධායකලා 40 ක් දිව්රුම් දෙති

syndicated from  lankaenews,



මහින්ද සමග නැගිටින්න ගිය ශ්‍රීලනිප මරාවාදී ප්‍රබලයන් 13 දෙනෙකුගේ ආසන සංවිධායක ධූර ඉවත් කරමින් නව ආසන සංවිධායක වරුන් 16 දෙනෙකුද, දිස්ත්‍රික් නව නායකයන් 24 දෙනෙකුද ඇතුළු 40 ක් පත් කරමින් ජනාධිපති සහ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ශුද්ධයක්‘ දී තිබේ. ශ්‍රීලනිපයේ 65 වන සංවත්සර මහ සමුළුව අත ලඟ තබාගෙන මෙකී ‘ශුද්ධය‘ දී ඇත.
මෙය රාජපක්ෂ චෞරයන් ශ්‍රීලනිප නායකත්වයට බලපෑම් කිරීම සඳහා පැවැත්වූ පාද යාත්‍රාවේ අසාර්ථක භාවය නිසාම ශ්‍රීලනිප නායකත්වය විසින් ගත් තීන්දුවක් මත සිදුකරන ලද්දක් බව පැහැදිලිය. කෙසේ වෙතත් පාද යාත්‍රාවේදී ශ්‍රීලනිප මූලස්ථානයට හූ කීමට සිය සගයන් පොලඹවා ලූ මහින්ද රාජපක්ෂ, ‘ආප්පයා අපට එපා‘ යැයි කීමට කුඩා දරුවන් පොළඹවාලූ ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාද යාත්‍රාවේ බර කරට ගෙන ක්‍රියා කළ, ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග ආදීහු ‘ශුද්ධයට‘ හසු වී නොතිබීම කණගාටුදායක ය.  
නව සංවිධායක වරුන් 40 දෙනා අද(17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී දිව්රුම් දුන්හ. මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.
දේශපාලනඥයෙකුට ප්‍රධාන පක්ෂයක ආසන සංවිධායක ධූරයක් අහිමි වීම යනු බොහෝ විට ඔහුගේ දේශපාලන ගමන අවසන් කරන්නට සිදුවීම ය. මහින්ද සමග නැගිටින්නට ගොස් හොම්බ බිම ඇනී විසි වී ගිය දූෂිත මෙන්ම චෞරවාදය කරපින්නා ගත් 13 දෙනා නම් ගාමිණී ලොකු‍ගේ, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී.රත්නායක, ජගත් බාලසූරිය, උදිත ලොකු බණ්ඩාර, සරත් කුමාර ගුණරත්න, උපේක්ෂා ස්වර්ණමාලී (පබා), රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, ධර්මපාල සෙනෙවිරත්න, ඒ.එම් බුද්ධදාස, කෝකිලා ගුණවර්ධන වේ.

නව ආසන සංවිධායක ධූර පිරිනමා ඇත්තේ මෙසේය

කැස්බෑව - ගාමිණී ලොකුගේ ඉවත් කර චන්දන කත්‍රිආරච්චි පමණක් පත් කර ඇත.
මීරිගම - කෝකිලා ගුණවර්ධන ඉවත් කර සංජය සිරිවර්ධන පමණක් පත් කර ඇත.
මීගමුව - සරත් කුමාර ගුනරත්න ඉවත් කර ඩබ්.ඩී.ලලිත් ටෙන්සිල් පත් කර ඇත.
දිවුලපිටිය - උපේක්ෂා ස්වර්ණමාලී (පබා) ඉවත් කර චන්දන ජයකොඩි පමණක් පත් කර ඇත.
කළුතර - රෝහිත අබේගුණවර්ධන ඉවත් කර සුමිත් ලාල් මෙන්ඩිස් පත් කර ඇත.
බේරුවල -ආසන සංවිධායක වරයෙක් නොසිටි අතර එම්.එච්.එම්.අම්ජාඩ් පත් කර ඇත
මාතර - මහින්ද යාපා අබේවර්ධන ඉවත් කර හේමාල් ගුණසේකර පත් කර ඇත.
බෙලිඅත්ත - ආසන සංවිධායක වරයෙක් නොසිටි අතර එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු පත් කර ඇත.
කුණ්ඩසාලේ - කෙහෙලිය රඹුක්වැල්ල ඉවත් කර සුනිල් කිත්සිරි අමරතුංග පත් කර ඇත.
වලපනේ - සී.බී.රත්නායක ඉවත් කර ජගත් කුමාර සමරහේවා පත් කර ඇත.
ඇහැලියගොඩ - පවිත්‍රා වන්නි ආරච්චි ඉවත් කර සරත් සන්දනායක පත් කර ඇත.
කෑගල්ල - ජගත් බාලසූරිය ඉවත් කර ආනන්ද මිල්ලන්ගොඩ පත් කර ඇත
ඌව පරණගම - ඒ.එම්.බුද්ධදාස ඉවත් කර ඩී.එම්.පී.ඒ. දසනායක පත් කර ඇත.
හපුතලේ - උදිත ලොකු බණ්ඩාර ඉවත් කර සුමිත් සමයදාස පමණක් පත් කර ඇත.
වවුනියාව- ධර්මපාල සෙනෙවිරත්න ඉවත් කර පී.සුමතිපාල පත් කර ඇත. (එහි දෙමළ සංවිධායක ලෙස කේ කාදර් මස්තාන් ද පත් කර තිබේ. 

නව දිස්ත්‍රික් සංවිධායක ධූර මෙසේය

කොළඹ - හුසේන් මන්සිල්, නීතිඥ රජිත කොඩිතුවක්කු, අනුර අතුකෝරල, විදුර බාලසූරිය
ගම්පහ - ලලිත් වනිගරත්න, අජිත් බස්නායක
කළුතර - සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, හසිත ගුණවර්ධන
මාතර - රාජ් චන්ද්‍රලාල්
හම්බන්තොට - එච්.ඩබ්.ගුණසේන
මහනුවර - බන්දුල සෙනෙවිරත්න,
නුවරඑළිය -  ශීලා යාපා, වෛද්‍ය චුල්ල ජයන්ත ධර්මප්‍රිය, ඊබට් පෙරේරා, රොෂාන් ගුණවර්ධන, පී.පී.ප්‍රදීපන්
කෑගල්ල - එස්. රවිකුමාර්, අතුල රත්නායක, ෆාරුක් අබ්දුල් ලතීෆ්
බදුල්ල - ජේ.එම්. ගුණතිලක, ජයසිරි ප්‍රේමදාස
පුත්තලම - ඉන්ද්‍රානි දසනායක
අනුරාධපුරය- නීතිඥ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි
වවුනියා - චමින්ද වාසල 

Comments