ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍ය ප‍්‍රතිසංස්කරන සඳහා වූ අනවරත අරගලය - ධර්මසිරි ලංකාපේලි

   Syndicated from lankanewsweb,

 ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍ය ප‍්‍රතිසංස්කරන සඳහා වූ අනවරත අරගලය - ධර්මසිරි ලංකාපේලි

ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ ලේකම් කාර්යාලය නමින් හඳුන්වා ගනු ලබන සංවිධානයක් විසින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වූ මාර්ග සැලැස්මක් ඉදිරිපත්කර තිබෙන බව වාර්තා වේ. ජාත්‍යන්තර ජනමාධ්‍ය දිනය වූ මැයි 3 දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී එම වාර්තාව එළි දක්වනු ලද බව වැඩිදුරටත් ජනමාධ්‍ය පසුගියදා වාර්තා කරන ලදී. මෙම ආයතනය රාජ්‍ය අනුග‍්‍රහය ලබන සංවිධානයක් ද, රාජ්‍ය නොවන සංවිධානයක් ද යන්න පැහැදිළි නැත. එම වාර්තාව පිළිබඳව විස්තරාත්මක ලිපි පුවත්පත් කිහිපයක ද පළවිය. මේ ලිපිය ඒ පිළිබඳව සංවාදයක් සඳහා වූ ප‍්‍රවේශයකි.
වසරකට වැඩි කාලයක සිට මාධ්‍ය කර්මාන්තයට සම්බන්ධ සියලූ පාර්ශ්වයන්ගේ සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකරන ලද බව එහි සංවිධායකයන් පැවසීම මවිතය දනවන කරුණකි. 2000 වසරේ සිට පමණ දශක එකහමාරකටත් වැඩි කාලයක් අපේ රටේ මාධ්‍ය නිදහස හා මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ප‍්‍රධාන මාධ්‍ය සංවිධාන එකතුවක් ලෙස සිදුකළ මහත් වූ අරගලය රටේ ජනතාවගෙන් වසන් කළ නොහැක.  එහිදී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ එම අරගලයේ සාමාජික සංවිධානයක් ලෙස එවැනි සංවාදයක් පිළිබඳව හෝඩුවාවක් හෝ අවබෝධයක් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයට ඇත්තේ නැත.
 
ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ ලේකම් කාර්යාලය සඳහා පහසුකම් සපයන්නා ලෙස කටයුතු කරන ලද්දේ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය බව රාවය ලිපියෙහි සඳහන් වේ. ශ‍්‍රී ලංකා පුවත් පත් ආයතනය ආරම්භයේ සිටම එහි සාමාජික සංවිධානයක් නොවුන ද එම ආයතනයේ  ක‍්‍රියාකාරකම්හි දි සමිපව කටයුතු කරන්නට අවස්ථාව ලැබුන ද මෙම කාර්යය පිළිබඳව නම් කිසිම හෝඩුවාවක් හෝ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයට නම් වාර්තා නොවීය. 
 
ජනමාධ්‍යවේදීන් ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ)
 
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන් ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) පූර්ණ සාමාජිකත්වය ලැබූ ලංකාවේ මුල්ම සංවිධානය වේ. ඒ වනවිට ජනමාධ්‍යවේදීන් ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සාමාජිකත්වය අහෝසිවී තිබූ ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) සාමාජිකත්වය යළි තහවුරු කරන්නටත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) සාමාජිකත්වය සඳහා යෝජනා කරමින් එය තහවුරු කිරීමට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සිදුකළ මැදිහත්වීම මෙහිදී සඳහන් කළ යුතුය.
 
මේ කරුණු සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අරගලයේ ඓතිහාසික සන්දර්භය තුළ එය ඉතා වැදගත් වන නිසාය.
 
ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මෑත ඉතිහාස කථාව ආරම්භ කළ යුත්තේ 1994 චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලනයත් සම`ගය. 1994 බලයට පත්වුනු සම`ගි පෙරමුණු ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් පරිදි එම රජයේ ජනමාධ්‍ය ඇමතිවරයාව සිටි ධර්මසිරි සේනානායක මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ අයිතිය පු`ඵල් කිරීම සඳහා පත්කළ සිදත් ශ‍්‍රී නන්දලෝචන කමිටුව පත් කරන ලදී. එම කමිටුව හමුවේ ලේක්හවුස් සේවක සංගමයේ නියෝජිතයා ලෙස සාක්‍ෂි ලබාදීමේ අවස්ථාව මේ ලියුම්කරුට ද හිමිවිය.
 
මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වෙනුන් වූ නිතිමය ප‍්‍රතිපාදන සම්පාදනය කිරීම සඳහා ආර් කේ ඩබ්ලිව් ගුණසේකර කමිටුව  පිහිටුවන ලද්දේ ද ධර්මසිරි සේනානායක මහතා විසිනි. මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා වැදගත් වූ යෝජනා වූ රැුසක් ඉදිරිපත් කිරීමට කමිටු වාර්තා දෙක සමත් වුවද ඒ වාර්තා සාකච්ඡුාවට ගැනීමටවත් චන්ද්රිකා රජය උනන්දු නොවීය.
 
රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල නිදහස්, නිර්දේශපාලීකරණය වූ ආයතන බවට පත්කරන බවට වූ පොරොන්දුවක් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් වුවද පොරොන්දු ඉටුකිරීම කෙසේ වෙතත්. එම ආයතන පැවති තත්වයටත් වඩා පැවති ආණ්ඩුවේ හොරණෑ වූ අතර ප‍්‍රතිවාදීන්ට එරෙහිව නිර්ලජ්ජිත මාධ්‍ය හැසිරීමක නිරත වූ බවට රටට, ලෝකයට රහසක් නොවේ.
 
තෝලංගමුව ප‍්‍රකාශනය
 
එවැනි පරිසරයක් තුළ වුව ද ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ වැඩසටහනක් අවසානයේ ‘තෝලංගමුව ප‍්‍රකාශනය’ නමින් වූ මාධ්‍ය ප‍්‍රඥප්තියක් අත්සන් තිරීමට 2005 නොවැම්බර් 05 වෙනිදා මුල් පෙළේ මාධ්‍ය  සංවිධාන 05 ක් සමත්විය. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධයවේදීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංගමය, ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධය සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම මාධ්‍ය සංවිධාන පහයි. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මෙම කාර්යවලියේදි ම`ගපෙන්වන්නා ලෙසින් සුවිශාල මැදිහත්මක් සිදුකරන ලදී.
 
මහජන සේවා ජනමාධ්‍ය ආයතන  
 
2006 ජූනි මාසයේ දී ලංකාවේ රාජ්‍ය ජනමාධ්‍ය ආයතන සියල්ල මහජන සේවා ජනමාධ්‍ය ආයතන  බවට පත්කිරීමේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් හඳුන්වා දීමේ වැඩසටහනක් දියත් කරන ලද්දේ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ මැදිහත්වීමෙනි. එම වැඩ සටහනෙහි ලංකාව නියෝජනය කළ කමිටුව වූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විකටර් අයිවන්,  විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ රොහාන් එදිරිසිංහ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සනත් බාලසූරිය යන අයව`ඵන් විසිනි.
 
2006 ජූනි මාසයේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ප‍්‍රධාන කර්තෘවරුන් සහභාගී වූ දින දෙකක වැඩමු`ඵවක දි එම යෝජිත මාධ්‍ය ප‍්‍රතිසංස්කරණයන් පිළිබඳව දීර්ඝව සාකච්ඡුා කරන ලදී. ස්වාධීන මාධ්‍ය කොමිෂමක් පිහිටුවීම වෙනුවෙන් 17 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, ස්වාධීන විකාශන අධිකාරී පනතක් යෝජනා කිරීම හා ලේක්හවුස් අයිතිය පු`ඵල් කිරීමට පියවර ගැනිම පිළිබඳව අඛණ්ඩව අරගලය කිරීම එම වැඩමු`ඵවේ එක`ගත්වය විය.
එහි ඉදිරිපියවරක් වශයෙන් නැවත 2006 ඔක්තෝබර් මාසයේ දී ලෝකයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලය කරන මාධ්‍ය සංවිධාන නියෝජිතයන් පිරිසක් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා එවකට පැවැති යුද්ධයේ බිහිසුනුම අවධියේ බලපෑම නිරීක්‍ෂණය කිරීම සඳහා නියෝජිත පිරිසක් ලංකාවට එන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති ක‍්‍රිස්ටෝපර් වොරන් මහතාගේ නායකත්වයෙනි.
 
මෙම නියෝජිත පිරිස මාධ්‍ය සංවිධාන නියෝජිතයන් සම`ග මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, කර්තෘවරුන්, නීති විශාරදයන්, රාජ්‍ය නිළධාරීන්, දේශපාලන පක්‍ෂ නායකයන්, එවකට අගමැති රත්නසිරි වික‍්‍රමනායක, ජනමාධ්‍ය ඇමති අනුර  පි‍්‍රයදර්ශන යාපා යන ආණ්ඩුවේ බලධාරීන් හමුවෙන ලදී. මෙම සාකච්ඡුාවලදී රාජ්‍ය මාධ්‍ය ආයතන දේශපාලන ග‍්‍රහණයෙන් මුදවාලීම, මාධ්‍ය නිදහස හා ජනතාවට තොරතුරු ගලාගෙන යාමේ අවකාශය පු`ඵල් වන බව නියෝජිතයෝ පැහැදිළි කළහ. ඒ වනවිටත් මහින්ද රාජපක්‍ෂ රජය යටතේ මාධ්‍යවෙද්ීන්ට, මාධ්‍ය ආයතනවලට එරෙහිව වර්ධනය වෙමින් පැවැති මර්ධනය පිළිබඳව සාකච්ඡුා කරන්නට ද නියෝජිතයෝ පියවර ගත්හ.
 
තත්වය එසේ වුවද, මෙම හමවීම් ඉතාමත් සංවාදශිලි අදහස් හුවමාරුවක් බවට පත්විය. මේ සාකච්ඡුා අතරතුර මේ නියෝජිතයන් සංග‍්‍රහශීලීව පිළිගන්නට රාජ්‍ය මාධය ආයතන ප‍්‍රධානීන් කටයුතු කල බවද සඳහන් කළයුතුය. එක් අවස්ථාවක ලේක්හවුස් ආයතනයේ එවකට සභාපකි ඒ. කේ. පේ‍්‍රමදාස මහතා හා එවකට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂව සිටි වත්මන් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා විසින් මෙම නියෝජිත පිරිස වෙනුවෙන් තරු පහේ හෝටලයක රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට තරම් සංග‍්‍රහශීලිි විය. ඒ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ආරාධනාවකට අනුවය.
 
මේ සෑම වැඩසටහනක් සඳහාම ක‍්‍රියාකාරී විශීෂ්ඨ දායක්කත්වයක් ලබාදීම සඳහා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ඉටුකළ කාර්යභාරය ද මෙහිලා සඳහන් කළ යුතුය. මේ සමස්ථ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද එම සංවිධානය පියවර ගනු ලැබීය.
 
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මුදාහල බිහිසුණු මර්ධනය
 
මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ක‍්‍රියාවලිය අතරම`ග නවතින්නට ප‍්‍රබල සාධක කිහිපයක්ම හේතුවිය. ශ‍්‍රී ලංකාවේ යුද උණුසුම වේගයෙන් වර්ධනය වූ අතර සාමය වෙනුවෙන් පෙනී සිටි සිය`ඵ ක‍්‍රියාධරයන්ට  එරෙහි මාධ්‍ය මෙහෙයුමක්  දියත්වීම  රාජ්‍ය මර්ධනය එහිදී ප‍්‍රමුඛ විය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් මාධ්‍ය සංවිධාන ක‍්‍රියාධරයන්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට එරෙහිව මුදාහල බිහිසුණු මර්ධනය ඉතා බියකරු විය. මහින්ද ආණ්ඩුවේ මර්ධනය මාධ්‍යවේදීන් මරාදැමීම. මාධ්‍ය ආයතනවලට පහරදී විනාශ කිරීම දක්වා වර්ධනය විය.
 
අනෙක් සඳහන් කළයුතු කාරණය වන්නේ මේ උද්ඝෝෂණ ක‍්‍රියාවලියේ නියමුවන් ලෙස කටයුතු කළ පිරිසක් තමන් සම`ග කටයුතු කළ සහෝදර සංවිධාන පවා දැනුවත් කිරීමකින්  තොරව හදිසියේ විදේශ ගතවීමයි. මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ උද්ඝොෂණය දුර්වලවීම පමණක් නොව ගොඩන`ගාගෙන තිබූ මාධ්‍ය සංවිධාන එකතුව බිඳ දැමීමට ද මේ ක‍්‍රියාව හේතු වූ බව සඳහන් කළයුතුය. සැබැවින්ම මහින්ද ආණ්ඩුවේ මර්ධනය  නිසාම මෙලෙස රට හැර ගියේද? නැතහොත් ඒ සඳහා බලපෑ තවත් සාධක තිබුණේ ද වෙනම සන්ධර්භයක සාකච්ඡුා කළ යුතුය. මන්ද 2015 ජනවාරි 08 පරිවර්තනය දක්වා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ මර්ධනයට මුහුණ දෙමින්, පැවැති ජීවිත අනතුර නොතකා සටන් කළ මාධ්‍ය සංවිධාන ක‍්‍රියාධරයන් එම අරගලයේ ප‍්‍රධාන කොටස්කරුවන් වූ නිසාය.
 
2015 ජූනි 30 දින මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අමතමින්, එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාට හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාට පිටපත් සහිතව ‘රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රතිසංස්කරණය හා මාධ්‍ය නිදහස සඳහා යෝජනා’ යන ශීර්ෂය යටතේ ලිපියක් ඉදිරිපත් කරන ලද අතර තමන්ගේ මැතිවරණ ප‍්‍රකාශණයේ ප‍්‍රමුඛස්ථානයක් දෙමින් ක‍්‍රියාවට න`ගන්න ජනතාව හමුවේ පොරොන්දුවක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කරන ලදී.
 
එම ලිපිය මගින් ඉදිරිපත් කරන ලද යොජනා මෙසේ සටහන් කරමු.
 
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම (ලේක්හවුස්)
 
1994 සිදත් ශ‍්‍රී නන්දලෝචන කමිටුව පාදක කොටගෙන හෝ නව කමිටුවක් ම`ගින් ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම (ලේක්හවුස්* ආයතනය, 1973 විශේෂ විධිවිධාන පනත ප‍්‍රකාරව අයිතිය පු`ඵල්කොට මහජන සේවා ජනමාධ්‍ය ආයතනයක් බවට කඩිනමින් පරිවර්තනය කිරීමට අප සම්මේලනය යෝජනාකර සිටී.
 
1973 ලේක්හවුස් විධි විධාන පණත දශක හතරකට වැඩි කාලයක්  ක‍්‍රියාත්මක නොකළ අතර බලයට පත්වූ සෑම රජයක්ම එම ආයතනය පවරා ගැනීමේ මූලික අපේක්‍ෂාවන් නොසළකා හරින ලදී. 1973 ලේක්හවුස් විශේෂ විධි විධාන පණත ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අප සම්මේලනයේ මග පෙන්වීම අනුව ලේක්හවුස් සේවක සංගමය විසින් 2007 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ද, එම පෙත්සම විභාග කළ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා හේතු නොදක්වාම  පෙත්සම නිශ්ප‍්‍රභා කරන ලදී.
 
ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ශ‍්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව
ස්වාධීන රූපවාහිණී සේවය
 
මේ ආයතන තුන ආවරණය වන පරිදි මහජන සේවා ගුවන් විදුලි හා රූපවාහිණී කොමිෂන් සභාවක් යටතට පත්කොට ස්වාධීන මාධ්‍ය ආයතන බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යොජනා කරමු. මේ සඳහා 1994 ආර්. කේ. ඩබ්ලිව්. ඒ සඳහා ගුණසේකර කමිටුව යෝජනා කළ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණයන් පිළිබඳ නිර්දේශයන් හා විකාශන අධිකාරියක් පිළබඳ යෝජනාව සැළකිල්ලට ගැනීමට යෝජනා කරමු. 
 
ශ‍්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය
 
ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමේ අරමුණ ඇතිව 2002 වසරේ අකර්මන්‍ය කළ ආයතනය නැවත ප‍්‍රාණවත් කරන්නට ඔබ අගමැති ධූරය දරණ යහපාලන ආණ්ඩුව වසින් ද පියවර ගෙන ඇත. ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ‍්‍රී ලංකා පුවත් පත් පැමිණිලි කොමිෂම ප‍්‍රතිෂ්ඨාපනයකර ඇති අරමුණු ශක්තිමත් කිරීමට මැදිහත්විය යුතු අතර ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කළයුතුය.
 
තොරතුරු දැන ගැනීමේ පණත
 
සම්මත කරගැනීමට අපොහොසත් වූ, ඔබේ ආණ්ඩුවේ දින සියය වැඩසටහනේ අන්තර්ගත වැදගත් යෝජනාවක් වූ යෝජිත තොරතුරු දැන ගැනීමේ අයිතිය කඩිනම් පණතක් ලෙස මීළ`ග පාර්ලිමේන්තුවේ ප‍්‍රමුඛ කටයුත්තක් ලෙස සළකා ක‍්‍රියා කරන බව ඔබගේ මැතිවරණ ප‍්‍රකාශණයට ඇතුළත් කරන ලෙස ද ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
 
ප‍්‍රාදේශීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්
 
මු‍්‍රදිත හා විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ විශාල කාර්යභාරයක් ඉටුකරන පූර්ණකාලීන ප‍්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් සාමාන්‍ය නෛතික හිමිකමක් හෝ අවම වශයෙන් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාර අරමුදලේවත් සාමාජිකයන් නොවේ. මේ පූර්ණකාලීන මාධ්‍යවේදීන් සඳහා සුදුසු වැටුප් ක‍්‍රමයක් හා හිමිකම් ඇති වෘත්තිකයන් පිරිසක් බවට පත්කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.’’
 
අග‍්‍රාමාත්‍ය හමුව
 
මෙම යෝජනා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් අග‍්‍රාමාත්‍යවරයා පසුගිය දිනෙක කැඳවූ මාධ්‍ය සංවිධාන සාකච්ඡුාවක දී අවස්ථාව උදාවිය. මේ ප‍්‍රතිසංස්කරණයන් පිළබඳව තමන් රංග කලන්සූරිය මහතාට පවරා ඇති බවක් එහිදී ප‍්‍රකාශ වූ අතර එවැනි තනි පුද්ගලයෙකුට කරන පැවරීමට එහාගිය ඒ සමිබන්ධයෙන් වූ පෙර ක‍්‍රියාමාර්ගයන් සම`ග සමාජ කථිකාවක අවශ්‍යතාවය අවධාරණය කරන්නට අපට හැකිවිය.
 
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා මාර්ග සැකැස්ම
 
’ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා, ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂෙත‍්‍රය හා වෘත්තිය නගා සිටුවීමට සැලැස්මක්’ යනුවෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංසකරණයන් සඳහා වූ අරගලය පිිළිිබඳ ඉතිහාසය සම්පූර්ණයෙන්ම අමතකකර තිබේ. ඔවුන් වර්ගීකරන අවස්ථා 05 ක් යටතේ යෝජනා 101 ඉදිරිපත් කරනු ලබන බව පවසයි. මහා වික‍්‍රමයක් ලෙස එය හඳුන්වා දෙන්නට සංවිධායක්යන්ගේ උත්සාහයට ද අවධානය යොමුවිය යුතුය.
 
එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ 2015 ජනවාරි 08 සිදුවූ සමාජ පරිවර්තනය මේ සඳහා අවස්ථාව සැළසූ බවයි. මහින්ද පාලනයේ කෘර මර්ධනයට අභියෝග කරමින් හා ඊට  පෙර අවධියේ සිට මේ රටේ මාධ්‍ය නිදහස හා මාධ්‍ය ප‍්‍රතිසංස්කරණයන් සඳහා වූ අරගල ඉතිහාසය ඔවුන් විසින් මකා දමන්නට ගෙන ඇති උත්සාහය කණගාටුදායකය.
 
මේ වාර්තාව සැකසීම පිළිබඳ ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළා යැයි කියන රංග කලංසූරිය මහතා පිළිබඳ සටහනකින් මේ ලිපිය අවසන් කරමි. ඔහු මා හඳුණාගන්නේ 1994 දී දිණමිණ පුවත්පතේ වාර්තාකරුවෙකු ලෙසය. විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකු වූ ඔහු ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සම්බන්ධීකාරකයෙකු ලෙස සේවයට පැමිණ එම ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්‍ෂ තනතුරට ද පත් වු අයෙකි. මහින්ද රාජපක්‍ෂ පාලනය අවධියේ එහි සේවයෙන් ඉවත් වූ ඔහු තමන් විසින් ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය පිහිට වූ බවද පවසනු ලබයි. ඒ පිළිබඳව යමක් පැවැසීම ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය නිර්මාණය කරන්ට වෙහෙස වූ පුද්ගලයන්ට පවරමි. නමුත් වෙසෙසින් සඳහන් කළ යුත්තේ ඔහු ද වරෙක කළමණාකාර අධ්‍යක්‍ෂක ධූරය දැරු ඔහු ද වගකිව යුතු ශ‍්‍රී ලංකා පුවත් පත් ආයතනය හා ශ‍්‍රී ලංකා පුවත් පැමිණිලි කොමිෂම පිළිබඳව ඔහු දක්වන විවේචනය යුක්ති සහගත නොවන බවය.
 
සැබෑ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණයක් අපේක්‍ෂා කරන්නේ නම් මෙවැනි පුද්ගලික මැදිහත්වීම් පිටුදැකිය යුතුබව අවසාන වශයෙන් සඳහන් කරමි.

Comments