syndicated from lankaenews,
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වූ පසු ඇතිව තිබෙන නව ජාත්‍යන්තර තත්ත්වය මත ශ්‍රී ලංකාව ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගයක් දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. ගාල්ල මහා නගර සභා ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනකට සහභාගී වෙමින් අගමැතිවරයා කළ කතාවෙන් කොටසක් මෙසේය.
“එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නට තීරණය කර තිබෙනවා. යුරෝපා සංගමය ලෝකයේ තිබෙන තනි විශාලතම වෙළෙඳ පොළයි.
චීනය, ඉන්දියාව, ජපානය මෙන්ම ශ්‍රී ලංකාව පැවසුයේ මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතු බවයි. එම වෙළෙඳ පොළට අපේ අපනයනයෙන් 40% ක් පමණ යනවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු එහි ආර්ථික අහේනියක් ඇති වුවහොත් බ්‍රිතාන්‍යයට ටී ෂර්ට් ආදී නිෂ්පාදන අපනයනය කරන අපේ ගම්වල කර්මාන්තශාලාවලටත් පහරවදිනවා. එම නිසා අප ඊට විකල්ප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ තීරණයෙන් අපට තදබල හානියක් නොවන අයුරින් ක්‍රියා කළ යුතුයි. අප යුරෝපා සංගමයට ජී.එස්.පී. ප්ලස් ඉල්ලූම් පත්‍රය භාරදුන් විට එම සහනය හැකි ඉක්මනින් ලබාගැනීමට ක්‍රියා කරනවා.
එක්සත් රාජධානිය සමග වෙනම ගිවිසුමක් ඇති කර ගන්න අප බලාපොරොත්තු වනවා. එම ගිවිසුම ඇති කරන්නේ කෙසේද යන්න අපට තවම හරියට කියන්න බැහැ.
මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තීරණයත් සමග ස්ටර්ලින් අගය කඩාවැටී තිබෙනවා. එය අපටත් ප්‍රශ්නයක්. අපේ විදේශ විනිමය සංචිතයෙන් 10% ක් ඇත්තේ ස්ටර්ලින් පවුම්වලින්. අපේ රටට මෙන්ම සෙසු රටවල්වලටත් මේ ප්රශ්නය බලපානවා.
එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ කෙසේද යන්න කරුණු පිළිබඳවත් දැන් ප්‍රශ්න පැන නැගී තිබෙනවා. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වන්නට තීරණය කළත් පිටවන ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කර නැහැ. එහි භේදයක් ඇති වුවහොත් ඒ භේදයට මුළු ලෝකයම හිර වෙනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. දේශපාලන නිදහස අවශ්‍යයි ස්කොට් ලන්තය පවසනවා. මේ අර්බුද නිසා යුරෝපා ආර්ථිකයටත්, සෙසු ආර්ථිකවලටත් අත්විය හැකි හානිය අවම කර ගත යුතුව තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ ඉල්ලා අස්වීම ගැන ඉකුත් සිකුරාදා සැලවූ සැනින් ලෝක ආර්ථිකයට සහ ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව මට මහ බැංකුවෙන් වාර්තාවක් ලැබුණා.
මේ පිළිබඳව සිතා අප ක්‍රියා කළ යුතුයි. යුරෝපය ඇමරිකාව පිළිබඳව පමණක් අපට සිතන්නට බැහැ. දැන් අප දීර්ඝ කාලීනව ආසියාව සමග ඇති සබඳතා වැඩි කිරීමට ක්‍රියා කළ යුතුයි. ඉන්දියාව සමග තාක්ෂණ සහ ආර්ථික ගිවිසුමක් පිළිබඳව අප සාකච්ඡා කර තිබෙනවා. ලබන සතියේ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඉන්දියාවට යෑමට නියමිතයි.
එදා රාජපක්ෂ රෙජිමය මෙම ගිවිසුම් අවශ්‍ය නැති බව කිව්වා. අපි දුරදිග නොබැලූවා නම් අද අපට සිදුවන්නේ කුමක්ද? එක්සත් රාජධානිය යුරෝපා වෙළෙඳ පොළෙන් පිටවූ විට අපට යන්නට තැනක් නැහැ.
ඔවුන් අපට කෑගැහුවා. පෙළපාලි ගියා. නමුත් හොඳ වෙලාවට ආසියාව සමග ප්‍රධාන ගිවිසුම් හතරකට එළඹිමට නියමිතව සිටියා.
ආසියාව සමග සබඳතා ඇති කර ගන්නේ කෙසේ දැයි මූලික වාර්තාවක් සකසන ලෙස මා කමිටුවක් පත් කර තිබෙනවා.
මගේ අමාත්‍යංශයෙනුත් ඉන් පිටතනුත් නියෝජිත පිරිසක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම පිරිසට චරිත රත්වත්ත මහතා, කැදවුම් කරු වශයෙන් ද භාණ්ඩාගාර ලේකම් ආචාර්ය සමරතුංග, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ උපදේශක පාස්කරලිංගම්, ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, අර්ජුන් මහේන්ද්‍රන්, සමන් කැලෑගම, ජනාධිපති උපදේශක සරත් රාජකරුණා, ක්‍රිෂාන් දිසානායක, සිරිමල් අබේරත්න, නිශාන් ද මැල්, මුර්තසා ජෙෆෙර්ජී, අනුෂ්ක විජේසිංහ යන මහත්වරුන් අපේ සබඳකම් ආසියාව සමග මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් පවත්වා ගෙන යන්නේ කෙසේ දැයි කරුණු දැක්වීමේ කමිටුවේ සාමාජිකයන් වශයෙන් ක්‍රියා කරනවා.
කුඩා රටක් වශයෙන් අපේ වෙළෙඳ කටයුතු දියුණු කර ගැනීම ගැන සිතා බැලිය යුතුයි. සැලසුම් සකස් කළත් බෙහෝ රටවල එය සාර්ථක වී නැහැ. දියුණුව සඳහා චීනය හා ඉන්දියාව ඉතා අත්‍යවශ්‍යයි. ඇමරිකාවේ සැලසුමේ ද ඉන්දියාව සහ චීනය ඇතුළත් වී තිබුණේ නැහැ. කුඩා රටක් වශයෙන් ඉදිරියට යාමට චීනය, ඉන්දියාව, ජපානය සහ කොරියාව සමග ආර්ථික ගිවිසුම් ඉතා වැදගත් වනවා. මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස සලකා ක්‍රියාත්මක කිරීමට පුළුවන්. ඉහත සඳහන් කමිටුවේ වාර්තාව ලැබුණ පසුත් පුද්ගලික අංශය, විශ්ව විද්‍යාල කතිකා චාර්යවරුන්, විශේෂඥයින් සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සාකච්ඡාවට භාජනය කර මමත් ජනාධිපතිතුමාත් සහ කැබිනට් මණ්ඩලයත් සාකච්ඡා කර තීරණයකට එළඹිය හැකියි.
මෙවන් අර්බුදයක් ගැන අවදානමක් තිබුණද පැවැති රජයන් ඒ පිළිබඳ සැලසුම් සකස් කර තිබුණේ නැහැ. අප මේ සඳහා සැලසුම් සහ විකල්ප සකස් කර තිබුණා. ඉදිරියට යන පක්ෂයක කොටස්කරුවන් නිසා අපට මෙය සැලසුම් කර ගැනීමට හැකි වුණා.
මෙවන් අර්බුදයක් ගැන අවදානමක් තිබුණද පැවැති රජයන් ඒ පිළිබඳ සැලසුම් සකස් කර තිබුණේ නැහැ. අප මේ සඳහා සැලසුම් සහ විකල්ප සකස් කර තිබුණා. ඉදිරියට යන පක්ෂයක කොටස්කරුවන් නිසා අපට මෙය සැලසුම් කර ගැනීමට හැකි වුණා.
ඉදිරියට යන පක්ෂයේ කොටස්කරුවන් වශයෙන් එම සාර්ථකත්වය ලබා ගෙන සංවර්ධනය සිදු කිරීම තුළින් රටේ මධ්‍යම පන්තියක් ඇති කළ යුතුයි. ඒ සඳහා වන පුහුණුව අප සතුව තිබෙනවා. එම නිසා රට ඉදිරියට ගෙන යන, අනාගතයක් උදා කරන පක්ෂය සමග එක් වෙන්නැයි සියලූම තරුණ තරුණියන්ට සහ සියලූ දෙනාටම මා ආරාධනා කරනවා. තරුණ තරුණියන් පක්ෂයේ වගකීම භාර ගත යුතුයි. අනාගතය භාර ගත යුතුයි.
Comments
Post a Comment