Syndicated from lankanewsweb,
ලෝක හෙවිවේට් ශූරතාවය තෙවරක් දිනූ ලෝකප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලී ඇරිසෝනාවේ රෝහලකදී මිය ගිය බව වාර්තා වේ.
මොහොමඩ් අලී ශ්වසන ගැටළුවක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කෙරුණු අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 74 කි. මොහොමඩ් අලී දිගුකලක සිට පාකින්සන් නැමැති මොළයේ රෝගයකට ගොදුරු වී සිටි අයෙකි.
වසර 27ක් බොක්සිං වළල්ලේ රජු ලෙස කිරුළ පැළදි මෙම ක්‍රීඩකයා 1960 දී සැහැල්ලු බර පංති ඔලිම්පික් රන් පදක්කමද පසු කලෙක ලෝක හෙවිවේට් ශූරතාව (ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය) තෙවරක්ද දින ගත්තේය. අලී බොක්සිං තරඟ 61දී ජයග්‍රහණ 56ක් ලබා ගෙන තිබේ.
Comments
Post a Comment