කොස් හිබිඩ්ඩ්ක් ගානට වැටුනු විජයදාස , කේඬෑරි වූ ෆොනීගේ තරබාරුව සහ ගංජා ගෝනිය කර තබා ගත් මෛත්‍රී -චන්ද්‍රගුප්තගේ විග්‍රහය
Syndicated from lankaenews,
සිද්ධි විග්‍රහ කිරිමෙන් බොහෝ අනුමාන වලට එළඹිය හැකිය. මේ කතා කරන්නේ ගෙවුන සතියේ එවැනි තීරණාත්මක සිද්ධි දෙකක් පිළිබඳවය. පළමුවැන්න පෙබරවාරි 09 වෙනිදා සරත් පොන්සේකා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස දිවුරුම් දීමය. දෙවැන්න පෙබරවාරි 10 වෙනිදා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය නව නිතිපති ලෙස පත් කිරිමය. සරත් ෆොන්සේකාගේ පත් කිරිම දේශපාලන තීන්දුවකි. එසේම මහින්ද රාජපක්ෂ විසින් මාලිනී පොන්සේකා පත් කිරිමත් දේශපාලන තීන්දුවකි. මාලිනී ෆොන්සේකා පත් කළේ තමන්ට අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තු ඇබෑර්තුවක් ඇති කර ගැනීමට මිස, පාර්ලිමේන්තුවට ගෞරවයක් ලබා දීමට නොවේ. එක්සත් ජාතික පක්ෂය සරත් ෆොන්සේකා නම් කිරීම ඊට වෙනස්ය. ෆොන්සේකා යනු 2010දී වාර්තා ගත මනාප ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට පත් දේශපාලනඥයෙකි. එහෙත් එ දවස මහින්ද රාජපක්ෂ විසින් සිය බලය යොදා ෆොන්සේකා බුල්ඩෝසර් කරන ලදී. අද පාර්ලිමේන්තුවෙන් සාධාරණය අපේක‍්ෂා කරන, දිනේෂ්ලා වාසුදේවලා වීරවංශලා එදා නැට්ට පස්සේ ගසා ගෙන සිටියහ. එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන ඇමති වරයාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී පුරප්පාඩුවට රෝසි සේනානායක පත් කිරිමට එජාපය කිසි විටෙක උත්සාහ කළේ නැත. ඒ සඳහා සකල අධිකාරි බලය එක්සත් ජාතික පක්ෂය වෙත පැවතිණ.
එසේම නීතිපති පත් කිරීමේදීද මහින්ද ක්‍රියා කළාට වඩා වෙනස්කම් ජනාධීපති නීතිඥ ජයන්ත ජයසූරිය පත් කිරිමේදී දැකිය හැකිවිය. මහින්ද නීති ප්‍රජාව අතර, එ දවස කුප්‍රකටව සිටි මොහාන් පීරිස් නීතිපති කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයට සහ ගෞරවයට නිගා දෙන ආකාරයටය. එදා ගොම්මන්පිල නම් කෙළ තොල්ලා මේ ගැන කතා කළේ නැත. 1978 දි නව ව්‍යවස්ථාව යටතේ ජේ.ආර්.ජයවර්ධනද තම සමිපතමයෙකු වූ අධිනීතිඥ බන්ටි සොයිසාට නීතිපති තනතුර භාර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඒ විශිෂ්ඨයා ඉතා කාරුණිකව ඒ අවස්ථාව නොතකා හැරියේය. එහෙත් මොහාන් පීරිස් එහෙම වුනේ නැත. එපමණක් නොවේ. අගවිනිසුරුවරිය ඉවත් කරන තෙක් මොහාන් පිරිස් ඒ පුටුවට කෑදරව ඇස ගසා බලා සිටියේය.
එසේම නීතිපති පත් කිරීමේදීද මහින්ද ක්‍රියා කළාට වඩා වෙනස්කම් ජනාධීපති නීතිඥ ජයන්ත ජයසූරිය පත් කිරිමේදී දැකිය හැකිවිය. මහින්ද නීති ප්‍රජාව අතර, එ දවස කුප්‍රකටව සිටි මොහාන් පීරිස් නීතිපති කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයට සහ ගෞරවයට නිගා දෙන ආකාරයටය. එදා ගොම්මන්පිල නම් කෙළ තොල්ලා මේ ගැන කතා කළේ නැත. 1978 දි නව ව්‍යවස්ථාව යටතේ ජේ.ආර්.ජයවර්ධනද තම සමිපතමයෙකු වූ අධිනීතිඥ බන්ටි සොයිසාට නීතිපති තනතුර භාර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඒ විශිෂ්ඨයා ඉතා කාරුණිකව ඒ අවස්ථාව නොතකා හැරියේය. එහෙත් මොහාන් පීරිස් එහෙම වුනේ නැත. එපමණක් නොවේ. අගවිනිසුරුවරිය ඉවත් කරන තෙක් මොහාන් පිරිස් ඒ පුටුවට කෑදරව ඇස ගසා බලා සිටියේය.
විජයදාස ගැන තක්සේරුවක්
මෙවර මහින්ද ක්‍රමයට නැවත නීතිපති ලෙස දූෂීතයෙකු පත් කිරීමට සන්නද්ධව සටන් කළේ රාජපක්ෂ පිල හැරුණු කොට විජේදාස රාජපක්ෂ ය. කලක් නීති ක්ෂේත්‍රයම විජේදාස හොඳ මිනිසෙකැයි රැවටී සිටියහ. එහෙත් අධිකරණ ඇමති වී එක් වසරක් ඉක්ම යාමට පෙර ඔහු එතෙක් උපයා ගෙන තිබුණ සියළු වර්ණ දුර්වර්ණ කර ගැනිමට සමත් විය. ඉහතින් විස්තර කළ සිද්ධි දෙක හරහා දෙදිනක් තුල කුණු පොල් විසි කරන සෙයියාවෙන් විජේදාස රාජපක්ෂ රට තුල දෙවරක් පිළිකුලෙන් ප්‍රතික්ෂේප වී ගියේය. විජයදාස රාජපක්ෂට අධිකරණ ඇමැතිධූරය දීමෙන් ආණ්ඩුවට සිදුවූ වාසිය සහ හානිය ගැන තක්සේරු කිරීමට දැන් කාලය එළඹී ඇත.
සුහද ගම්ලත් එජාප ඇමැතිවරු දෙදෙනෙක්ම කඩේ යැවූ හැටි
සුහද ගම්ලත් අධිකරණ ලේකම්ව සිටි සමයේ විශෝධන කොමසාරිස් සමග අවුලක් හදා ගත්තේය. නමින් ආර්.ඇම්. විමලරත්න වූ හෙතෙම සුදුසුකම් සපුරා එකී තනතුරට පත්වූ කෙනෙකි. සුහද ගම්ලත් මේ පුද්ගලයාගේ වැඩ තහනම් කිරීමට තීරණය කළේය. එහෙත් අධිකරණ ලේකම් වරයාගේ මේ තීරණයට රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකඟ වුණේ නැත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව කීවේ වැඩ තහනමකට ලක් කිරීමට තරම් කරුණු අර නිලධාරියාට එරෙහිව වාර්තා වී නැති බවය. ඒ නිසා අවශ්‍ය නම් අනිවාර්ය නිවාඩු යවා අදාල පරීක්ෂණ කිරීමට ලේකම් ට බලය පැවරිණ. එහිදී ඇද වැටුණ සුහද ගම්ලත් නම් අධීකරණ ලේකම්වරයාට ආර්.ඇම්. විමලරත්නට වැටුප් ගෙවමින්ම විනය පරීක‍්ෂණ ආරම්භ කිරීමට සිදුවිය. එකී විනය පරීක්ෂණය අවසානයේ වාර්තාව අනුව එකි නිලධාරියා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් විය. ඒ තීන්දුව නිකුත් වෙන විට, අධිකරණ සේවා කොමිෂමේ කාලය අවසන් විය. නැවත කඩුව අතට ගත් සුහද ගම්ලත් අර සාධාරණ විනිශ්චය හමස් පෙට්ටියට විසි කර ආර්.ඇම්. විමලරත්නගේ වැඩ තහනම් කළේය. දෙවන චෝදනා පත්‍රයක් ද, විමලරත්නට නිකුත් විය. තවත් විනය පරීක්ෂණයක් විමලරත්නට එරෙහිව පටන් ගැනිණ. ඔහු එයින් ද නිදොස් කොට නිදහස් විය. ඒ වනවිට ජනවාරි පෙරළිය සිදුවි තිබිණ. සුහද ගම්ලත්ද ලේකම් කමින් විසි වී තිබිණ. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති විය. එහෙත් සුහද ගම්ලත්ගේ උවමනාව ඉටු කරමින් ආර්.ඇම්. විමලරත්න නැවත සේවයෙහි පිහිටුවීම විජේදාස රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කළේය. මෙතැනදී සිදුවුනේ කුමක්ද? දූෂිතයන් යහපාලනය තුලද රංචු ගැසීමය. අතුරු කැබිනට් සංශෝධනයකදී විශෝධන කොමසාරිස් දෙපාර්තමේන්තුව අධීකරණ අමාත්‍යාශයෙන් බිඳී ගොස් තිලක් මාරපනට බාරවිය. ආර්.ඇම්. විමලරත්න වහා නව ඇමතිවරයා හමුවි තත්වය පැහැදිලි කළේය. ඒ වනවිට තිලක් මාරපන සිටියේද, සුහද ගම්ලත්ගේ සාක්කුවේ ය. මේ ඇමතීන් දෙදෙනාම ජනාධිපති නිතීඥයන් ද විය. මාරපන ක්‍රියා කළේද විජේදාස ක්‍රියා කළ ආකාරයටමය. මේ දෙදෙනාම එජාපය නියෝජනය කරති. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා යහපාලනය සහතික කළ යුගයක මේ දෙදෙනා ක්‍රියා කළ ආකාරය නින්දිතය. හරිනම් ඒ ගැන එජාපය වහා විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු ය.
පසුව විශෝධන කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්වාමිනාදන් අමාත්‍ය වරයා යටතට පත්වූ වහාම ආර්.ඇම්. විමලරත්නට සාධාරණය ඉටු විය. ඔහු නැවත සේවයෙහි පිහිටුවන ලදී. මේ විස්තර කළේ සුහද ගම්ලත් යහ පාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක‍්ෂය නියෝජනය කළ ඇමතිවරුන් දෙදෙනෙකු කඩේ යැවූ ආකාරයයි.
පසුව විශෝධන කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්වාමිනාදන් අමාත්‍ය වරයා යටතට පත්වූ වහාම ආර්.ඇම්. විමලරත්නට සාධාරණය ඉටු විය. ඔහු නැවත සේවයෙහි පිහිටුවන ලදී. මේ විස්තර කළේ සුහද ගම්ලත් යහ පාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක‍්ෂය නියෝජනය කළ ඇමතිවරුන් දෙදෙනෙකු කඩේ යැවූ ආකාරයයි.
කේඬෑරි වූ ෆොන්සේකාගේ තරබාරුව
තමාට එජාපය සමග ආත්මීය සම්බන්ධතාවක් පැවති බව මන්ත්‍රීකමට නිර්දේශ වූ ෆොන්සේකා ප්‍රකාශ කර තිබිණ. එහෙත් ගෙවීගිය පස් වසරක කාලය පුරා ෆොන්සේනා එජාපය ගැන එවැනි ආකල්පයක පසුනොවිය. ඔහු හැසිරුණේ එජාපය දැකලාවත් නැති ගානට ය. ෆොන්සේකා 2010 අසාර්ථක වූ පොදු අපේක්ෂකයා විය. ඔහුට 2010 දීම එජාපය සමග දේශපාලනය කරන ලෙස අරාධනා ලැබිණ. ඒ අවස්ථාවේ එජාපයට එක් වීමට නම් නියෝජ්‍ය නායකකම හෝ අවශ්‍ය බවට කොන්දේසි දැමීමට, ෆොන්සේකා හදිසි විය. ෆොන්සේකා කල්පනා කළේ එජාපය යනු යුද හමුදාවේ උප ලුතිනන් තනතුරක් වැනිය කියාය. ගෙවුණු පළාත් සභා මැතිවරණ දෙකකදී ෆොන්සේකාගේ පක්ෂය ක්ෂණිකව ඉලිප්පී ඉස්මතු විය. ඒ නිසා දෝ ඔරොත්තු නොදෙන තරමේ තක්සේරුවකින් ෆොන්සේකා තරබාරු විය. ඔහු පමණක් නොව, ඔහුගේ අනුගාමිකයන්ද ඒ නිසාම දේශපාලන ජලාශයෙහි ගිලෙමින් සිටින බව බොහෝ අය තේරුම් ගත් නමුත් ඒ දැක්ම ෆොන්සේකලාට නොවිණ.
ඒ ගෙවුණ වසර පහක අතීතය ගැන වඩාත් සංවේදි වූ මිනිසා රනිල් වික්‍රමසිංහ බවට සැක නැත. රනිල් වික්‍රමසිංහ මේ තත්වය නිරික‍්ෂණය කළේ පුද්ගල වාදයෙන් නොවේ. තමන් විසින් හැසිරවිය යුතු දේශපාලනයේ කොටසක් හැටියටය. ඒ නිසාම, රනිල් වික්‍රමසිංහ 2015 මහ මැතිවරණයේදී ෆොන්සේකා තම දේශපාලන දාම් පෙතේ ඉත්තෙක් කර ගැනීමට කැමැත්තෙන් පසුවිය. මහින්ද යන තැනක් හරස් කර, ඉත්තා සිර කිරීම පිණිස රනිල් තෝරා ගන්නා ලද්දේ ෆොන්සේකාය. එහෙත් අධි තක්සේරුව හා තවත් මොකක්දෝ එකක් නිසා ෆොන්සේකා රනිල්ට අනුගත වුණේ නැත. එහි ප්‍රතිපලය ෆොන්සේකා පමණක් නොව ඔහුගේ අනුගාමිකයන්ද ටොන් ගණනින් අනුභව කළහ. හෙවත් පස් වසරක් තුල ලංකා දේශපාලනයේ කුජීතම බිංදුවට හිමිකම් කීහ. යන්තම් ඔහු ගොඩගියේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරෙනි. දැන් නැවත රනිල් විසින් ෆොන්සේකා කෙලින් කර තිබේ. තම උද්ධච්ඡ භාවය තේරුම් ගෙන කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරිමට පොන්සේකා සූදානම් නොවුනහොන් මෙවර ඔහු වලපල්ලට යන්නේ නැවත නොනැගිටින්නමය. සමහරු රනිල් නොවන අගමැති කෙනෙකු ගැන ගණන් කරමින් සිටිති. ඒ ලණුව ෆොන්සේකාට ගිල්ල වීමට බැරි නැත. හමුදාවට වම දකුණ කීවාට රටේ දේශපාලනය එසේ හැසිරවිමට බැරි බව ෆොන්සේකා තේරුම් ගත යුතුය.
රනිල් වික්‍රමසිංහ නම් කෘතහස්ත දේශපාලනඥයා ජාතික දේශපාලනය එහා මෙහා කිරිමේදී පටු ආකල්ප වලින් මිදී ක්‍රියා කරයි. ෆොන්සේකා සිද්ධිය ඊට සරල උදාහරණයකි. ඔහු මෙවර ෆොන්සේකා තම පක්ෂයට හිමි මන්ත්‍රීකමකින් පිදීය. ඔහු එහෙම කළේ එජාපය ශක්තිමත් කිරීමටද? නැත. අදටත් රනිල් වික්‍රමසිංහට සිය ලිච්ඡවි පඩංගුව ගසා දමා ශුද්ධ පරම පවිත්‍ර එජාප ආණ්ඩුවක් පිහිටුවිය හැකිය. ඔහු එසේ නොකරයි. ඔහු දකින්නේ පක්ෂ චිත්‍රය නොව ෆ්රේම් එකද පසුබිමද සහිත පුළුල් චිත්‍රය ය.
කොස් හිබිඩ්ඩ්ක් ගානට වැටුනු විජයදාස
ෆොන්සේකා අධීකරණ ඇමති විජේදාස රාජපක්ෂ සමග ප්‍රසිද්ධියේ පැටලුණ හැටි රටම බලා සිටියහ. දෙදෙනාම වැල්ලේ ගැහැණුන් මෙන් කියවා ගත්හ. ඒ නිසාමදෝ නඩු තීන්දු ගෙනහැර පාමින් ෆොන්සේකා පත් කළ නොහැකි බවට විජේදාස තර්ක කළේය. අද වන විට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ඇටයද අහිමි වී පොඩිවි ගිය කොස් හිබිඩ්ඩක් ගානට පත්ව ඇත. පසුගිය මැතිවරණය සඳහා පකෂයට කෝටි 50ක් පරිත්‍යාග කළ ඇමතියෙක් ගැන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ දනී. ඔහු එය දුන්නේ තම සාක්කුවෙන් බව කීය. එය තහවුරු කිරීමට හෙතෙම නුගේගොඩ පැත්තේ බැංකුවකින් ණය මුදලක්ද ලබා ගෙන තිබිණ. එහෙත් ඒ කෝටි 50, දූෂනයක් ගාර්ඩ් කිරීම සඳහා ලබා ගෙන සාක්කුවේ දා ගත් කෝටි 500 න් දහයෙන් එකක් පමණක් බව වඩාත් හොඳින් දන්නේද විජේදාස රාජපක්ෂම විය හැකිය.
ෆොන්සේකා එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියට පත් කිරීමට එජාප කෘත්‍යාධීකාරි මන්ඩලය තීරණය කෙළේ බෙදීමක් නැතිව ඒකමතිකවය. මේ කියන දවසේ විජේදාස රාජපක්ෂ එකී සභාවට පැමිණ නැත. එසේම සජිත් ප්‍රේමදාස ද පැමිණ නොසිටි බව වාර්තා විය. ෆොන්සේකා පත් කිරීම හුදෙකලා සිද්ධියක් ලෙස ගත් විට, ජාතික දේශපාලනය තුල රටේ පැවැත්ම නිශ්චිත කිරීමට එජාපය කරන කැප කිරීම මැනවින් තක්සේරු විය යුතුව ඇත.
ලිපිය ආරම්භයේ දැක්වෙන පරිදි එකී සිද්ධි දෙකෙන්ම විජේදාස රාජපක්ෂ බ්ලාස් වෙන්නේ ඉහත කී පසුබිම යටතේය. ඔහු ෆොන්සේකා සමග පැටළුණේ ඩීල් නිසාය. ඔහු නීතිපති කමට සුහද ගම්ලත් ඔබන්නට මහන්සි වුනේද ඩීල් නිසාය. යහපාලන ආණ්ඩුවේ හොරු ඕනෑ තරම් සිටිනවා විය හැකිය. එහෙත් එජාප කොඩිය ගසාගෙන මේ වැනි තක්කඩිකම් කරන අය ගැන රනිල් වික්‍රමසිංහට පැවරී ඇති වගකීම සුළුපටු නොවිය යුතුය.
ගංජා ගෝනිය කර තබා ගත් මෛත්‍රී
අවශ්‍ය තැනට තම ප්‍රතිපත්ති වෙනස් කිරිමේ සාධනීය ගති ලක්ෂණ ෆොන්සේකා තේරීම හරහා එජාපය ඔප්පු කර හමාරය. ජාතික ලැයිස්තු පත් කිරිමේදී පරාජිතයන් නම් නොකරන බවට එජාපය ගත් තීන්දුවට රටේම ප්‍රසාදය හිමි වෙමින් තිබිණ. ඊට සමගාමීව මෛත්‍රීපාල සිරිසේන තම දේශපාලනය තුල අසරණ විය. ඔහු සම්බන්ධව සකල ලංකා වාසී ජනතාව තැබූ විශ්වාසයට මෛත්‍රීපාල සිරිසේන ගරු කළේ නැත. රනිල් කළ කැපකිරීම සමග සිරිසේන අවතක්සේරු වී හමාරය. එහෙම වුණේ ඇයි? මෛත්‍රී ශ්‍රීලනිපය නම් ගංජා ගෝනිය කර ගසා ගැනීම නිසාය. මෛත්‍රී ජනාධීපති කරන සටනට උර දුන් සටනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක වඩාත් කැපී පෙනිණ. මැතිවරණය අතර ඇය නිරුවත් කොට පාරේ ඇවිද්දවන බවට පාරම් බෑ එස්.බී.දිසානායක අගෝස්තුවේ පරාද විය. ඔහු පමණක් නොව, හඟුරන්කෙතින් තරඟ කළ ඔහුගේ එක කුස උත් සොහොයුරා ජයලත් දිසානායක (එජාප) පමණක් නොව, ඔහුගේ පුත් නාරද දිසානායක( එජනිස)ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ ගැඹුරෙන් සිතා බලා විය හැකිය. එහෙත් කන්ද උඩරට දේශපාලනය කිළිටි කළ දිසානායකලා ප්‍රතික්ෂේප කිරිමට ජනතාව ගත් තීන්දුව මෛත්‍රී ප්‍රතික්ෂේප කළේය. ඒ තම දේශපාලන වාසිය වෙනුවෙනි. එහෙත් ශ්‍රී දළදා මාලිගාව අසල මහින්ද රාජපක්ෂ වසා දමා ඇති ඒ 26 පාර විවෘත කිරිමට මෛත්‍රීපාල සිරිසේනට කොන්ද පණ නැත. දැදුරු ඔයට විස රසායන හෙලන ජිෆී ලා ගැන තීරණයක් ගැනීමට පරිසරය බාර මෛත්‍රීපාලට කොන්ද පණ නැත. රටේ වාසිය කතා ක්‍රියා කර ජනතාව අතර දැවැන්තයෙක් වීමට වඩා පරාජිත පක්ෂයක නායකයා වී පීච්චං සතුටක් ලැබීමට මෛත්‍රී කැමතිය. ඒ ග්‍රාමසේවක ඌරුව ය.
එහෙත් තම නායකත්වයට බොහෝ අභියෝග පවත්නා බව මැනවින් දන්නා රනිල් වික්‍රමසිංහගේ හැසිරිම ඊට වෙනස් විය. වෙනසක් පමණක් නොවේ. එය විශිෂ්ඨ එකකි. ෆොන්සේකා පත් කිරිමට රනිල් ගත් තීන්දුව මෛත්‍රීපාල සිරිසේන පමා වි හෝ හැදෑරිය යුතුව ඇති ගැඹුරු පාඩමකි. අප කවුරුත් දන්නා පරිදි යහ පාලනය යනු මෛත්‍රී-රනිල් එක්ව යා යුතු ගමනකි. ඒ වගකිම දරමින් ශ්‍රීලනිප ආණ්ඩු පිහිටුවනවා වැනි වල් බූත කතා කීම අප්‍රසන්න ය. මෛත්‍රී ජනාධීපති කළේ මහින්ද සමග හෙළුවෙන් සිටි හොරුන් රැකීමට නොවේ. ෆොන්සේකා පත් කිරිමේදි විජේදාස රාජපක්ෂ මෙන්ම සජිත් ප්‍රේමදාස ද හිත නරක් කර ගෙන ඇතිවාට සැක නැත. එහෙත් රනිල් ඒ තීරණය ගත්තේ රට වෙනුවෙන් මිස තමා ගැන හෝ එජාපය ගැන කල්පනා කර නොවේ. ඒ තීරණය තුල සමහර විට රනිල් වික්‍රමසිංහ පවා කල්පනා නොකළ බොහෝ කියැවිම් චන්ද්‍රගුප්තට නම් පෙනේ.
Comments
Post a Comment