Syndicated from lankaenews,
නීතිඥ ශීරාල් ලක්තිලක ජනවාරි පදවි (දුක්) ප්රාප්ති නාඩගම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි. කාගේදෝ කරේ ලැග වාසය කරතී සිතන, ලක්තිලකට ආමන්ත්‍රණය කිරිමට අවස්ථාව කර ගත යුතුවේ. හේතුව දැන් ඔහුට ජනවාරි ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට බදු කාසි කැඩීමේ අවසරය නැති බව අවබෝධ කර දීමටය. ලක්තිලක ආසන්න දස (2006-2016) වසර තුළ කළ කී දේ ගැන මෛත්‍රීපාල සිරිසේන බොහෝ දේ නොදනී. එය මහින්ද නෙරපා දමා මෛත්‍රීපාලට වටිනාකමක් ලබා දුන් සිවිල් සමාජයට මහත් අගතියකි. ශිරාල් ජනවාරි 9 වෙනිදා ජනාධීපතිගේ සම්බන්ධීකර ලේකම් වුනේ මෛත්‍රී මේ ඉතිහාසය නො දැන සිටි නිසාය.
එකී පත්වීම ලත් ලක්තිලක මාධ්‍ය නිවේදනයක් නිකුත් කර මින්, තමා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් ප්‍රතිපාදන අනුව පත් වූ බව ඔහුම කියා ගත්තේය. ඒ හරහා ඔහු රටට කීවේ තමා බරපතල චරිතයක් බවය. ප්‍රේමදාස සොත්ති උපාලිද, චන්ද්‍රිකා බැද්දගාන සංජීවද, මහින්ද මේජර් තිස්සද පත් කළ විදියටම මෛත්‍රීපා ලක්තිලකට රස්සාවක් දුන්නේය. ඒ තම පුද්ගලික කාර්ය මණ්ඩලයේ තවත් හාදයෙකු ලෙසය. ඒ අනුව ලක්තිලක යනු ජනාධිපති පුද්ගලික කාර්ය මණ්ඩල ඉතිහාසයේ තවත් සොත්තියෙකු, සංජීවයෙකු, තිස්සයෙකු පමණකි. එසේ නොවී මොළය ඇත්තෙකු ව සිටියා නම් දුක් ප්රාප්ති නාඩගම් අවමානයෙන් මෛත්‍රීපාල අවමානයට ලක් නොවන්නට ඉඩ තිබිණ. ජනවාරි වෙනසට මුල් වූ සිවිල් සංවිධාන අර නාඩගම වැරදිය, අජූවය, කැතය, පිළිකුල්ය කියති. නැත, එය අති මිහිරිය, සුවඳය, රසය, කියන්නට ලක්තිලකලාට සිදුවුණේ මෛත්‍රී ළඟ රස්සාවක් කරන නිසා මිස ඔහු පත් කළ ජනතාව වෙනුවෙන් නොවේ. ජනතාව දුන් පත්වීම භාරගත් දවසේ මෛත්‍රීපාල කළ වියදම රුපියල් 7500/කි. ඒ ලක්තිලකලා මෛත්‍රී ළඟ රස්සාවට යාමට පෙරය. එහෙත් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වැය කළ දුක් ප්රාප්ති නාඩගම නිවැරදි බව ලක්තිලක රටට කියන්නේ තම රස්සාවේ කොටසක් හැටියටය. මෙය කුලියට ලිවීමකි. අගෝස්තු 8 වෙනිදා තෙක්ද මෛත්‍රී ට එරෙහිව ලියු ගාමිණී සුමනසේකරලා දැන් මෛත්‍රී වෙනුවෙන් කුලියට ලිවීමට කැඳවා ඇත. ලක්තිලක සමග ලලිත් සිල්වා, ගාමිණි සුමනසේකර ආදි මහින්දගේ ජාතිවාදී කොට්ටේරුවෝ මෛත්‍රීගේ දුක් ප්රාප්ති නාඩගමට දුම්මල ඇල්ලුහ. සීනු හැඬවූහ. ශිරාල් තවම ‘ආයිබෝ‘ කියමින් සිටී. මේ පෙළ ගැසෙන්නේ ජනවාරියේ සිවිල් සමාජය ලත් ජය උඩු යටිකුරු කරන ප්‍රති විප්ලවයක විලි ලෑමකි.
මිහායිල් ෂෝලහොව්ගේ පෙරළූ නැවුම් පස නම් ග්‍රන්ථය ඔබට මතකද? එහි සමූහ ගොවිපලට ඇතුල්වන කපිතාන් යනු මේ සංසිද්ධියේ ලක්තිලක වෙති. ඌ එන්නේ ප්‍රති විප්ලවය සූදානම් කිරිමටය. ඒ තක්කඩියා යාකව්ගේ පුත්‍රයාගේ තරුණ බිරිය බලෙන් දුෂණය කරයි. එයින් නොනැවති, සෙබල යාකව් මහල්ලාද ඊට පොළොඹවයි. 2016 ජනවාරි නෙයියාඩගමෙහි ලක්තිලක රඟපාන්නේ ඒ තක්කඩි ප්‍රති විප්ලවවාදි කපිතාන්ගේ අජූත කොටසමය. මෛත්‍රී යනු සත්තකින්ම පරමාර්ථවාදි මිනිසෙකි. ජනවාරියේ සකල ජනතාව එක්ව මහා වටිනාකමක් මෛත්‍රීට ලබා දුන්නේ ඒ නිසාය. ඔහු ඊට සුදුසු වුණේ ලක්තිලක මෙන් කොන්ත්‍රාත් ක්‍රමයට එතෙක් දේශපාලනය නොකළ හෙයිනි.
ලක්තිලක එජාපයේ සිටිමින් රනිල්ටද, සජිත්ටද, කරු ජයසුරියටද මාරුවට කඩේ ගොස් අවසානයේ සිරිකොතට ගල් ගසා උසාවිද ගෑටුවේය. පසුව පාරට බැස එජාපයට එරෙහිව මහපාරේ වෙඩි තියාගෙන කුරුඳු පොල්ලෙන් ගුටි කෑවේය. තැනක ඉහළටම අත දමන ලක්තිලක දැන් ශ්‍රීලනිපයේ නායකකම මෛත්‍රීට හයි කිරීමේ හන්දි වෙදකම කරමින් සිටියි. එහි ඔහුගේ යටි අරමුණ රනිල් පන්නා ශ්‍රී ලංකා පොරක් අගමැති කිරීමය. වැඩ බැරි වුනාට, ලක්තිලක හිතන්නේ එහෙමය. ලක්තිලක ගෙන් රනිල්, කරු, සජිත් තිදෙනා බේරුණ බේරිල්ල අසා කියා දැන ගැනීමට මෛත්‍රී තවම පමා නැත.
ජනවාරි පෙරළිය පිළිබඳ අර්ථවත් පසු විපරමක් කිරිමේදී මෛත්‍රීපාල රජාට හෝ ගොනාට අන්දවන ගීතය ප්‍රචාරය කළ යුතුද? බුද්ධදාස විතානාච්චිලා මුල් පේලියේ හිඳුවා ගත යුතුද? ගාමිණී සුමනසේකරලා, ලලිත් සිල්වාලා චමුදිතලා වැනි කටුස්සන් රිංගන තෙක් බලා සිටිය යුතුද? කාලෝ ෆොන්සේකලාගේ සහතික අවශ්‍යද? සිවිල් බලය යනු ජන බලයට වඩා වෙනස් එකකි. සිවිල් බලය නිදිගත් පුරවැසි බලයේ නොනිදන සක්‍රීය චලනය යි. එය රට අවදි කරන්නකි. ඒ අර්ථයෙන් ලක්තිලක තමන් ජනවාරියේ රට අවදි කළ සිවිල් බලයේ පොරක් ලෙස හැසිරීම වහා නතර කළ යුතුවේ. යටි කූට්ටු කාරයන්ට සිවිල් බලයට පෑහිය නොහැකිය. එසේම අද ඔහු මෛත්‍රීගේ සේවකයෙකි.
ඔහු ජනාධීපති කාර්යාලයට වී එජාප ක්‍රියාධරයන් මෛත්‍රීපාල ගෙන් ඈත් කරවමින් සිටිති. ලාල් විජේනායක මෙහෙයවන, ව්‍යවස්ථාදායක කමිටුවේ තනතුරකට විශ්‍රාමික ලේකම් කරලියැද්දේ නම් කෙරිණ. එක් දිනකින් ඒ නම කැපී වෙනකෙකු ඒ තනතුරට පත් විය. කරලියැද්ද කරු ජයසුරියට කඩේ ගිය ලේකම් සංසදයේ සාමාජිකයෙකු නිසා තමා එසේ කළ බව ලක්තිලක මත්පැන් සාදයකදී කයිවාරු ගසා ඇත.
ලක්තිලක මෙසේ, රනිල්ට, කරුට, සජිත්ට වැඩ කළ මිනිසුන් දඩයම් කරමින් සිටියි. එසේ කැපෙන බොහෝ දෙනා මෛත්‍රී දිනවීමට කර ගැසුවෝ වෙති. ශීරාල් සොත්ති උපාලි, බැද්දෙගාන සංජීව ආදින්ට සමපාත වන්නේ ඒ කැපිල්ල නිසාය. කලක් යනවිට එසේ කැපුන සියල්ල පේලි ගැසුණ විට විනාස වන්නේ ලක්තිලක නොවේ. මෛත්‍රීපාල ය. ශිරාල්ලා එජාපය තුල කළ මෙවැනි කොඩිවින වලින් අද විඳවන්නේ ලක්තිලක නොවේ. ඔහු සමග සිටි එවුන් ය. එබැවින් මේ පණිවිඩය කියවිය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන විසිනි. මුචලින්ද නාගයා සත් සතිය අතර, ගෞතමයන් වහන්සේ වට කර සිටියේ වැස්සෙන් ආරක්ෂා කිරීමටය. එහෙත් ලක්තිලක මෛත්‍රී වට කොට දරන ගසා සිටීමෙන් මෛත්‍රීට ලැබෙන ආරක්ෂාවක් නම් නැත. ලැබෙන්නේ නයි විෂ පමණි.
ජනවාරි දුක් ප්‍රාප්තියට උත්තර බඳින ලක්තිලක කියන්නේ ‘වෙනස‘ යථාර්ථයක් කිරීමට දේශපාලනයක් අවශ්‍ය බවය. ජනවාරියේ වෙනසට දේශපාලනයක් පැවති බව ලක්තිලක නොදනී. ඒ දේශපාලනය රාජපක්ෂ ක්‍රමය, ජාතිවාදය ප්‍රතික්ෂේප කර තිබිණ. ඒ දේශපාලනය තුළ එජාපය ජවිපෙය මෙන්ම දෙමළ ජාතික සංධානයද විය. අදටත් ඒ දේශපාලනයට ශ්රීලනිපය හතුරුකම් කරති. හේතුව ජනවාරියේ සිවිල් බලවේග පරාජය කළ දේශපාලන දුරාචාරය පවුල් වාදය කේන්ද්‍රව තිබුණේ ශ්රීලනිපය වටා හෙයිනි.මෛත්‍රීපාල වර්තමානයේ ශ්‍රීලනිපයේ නායකයාව සිටියි. ඒ ජනවාරියේ රට ප්‍රතික්ෂේප කළ දේශපාලන දුරාචාරය ශ්රීලනිපය ප්‍රතික්ෂේප කළ නිසාද? නැත. මෛත්‍රීපාල මිනිහෙක් කළ සිවිල් මතය ශ්රීලනිපය පිළිගත් නිසාද? නැත. ගෙවුන වසරෙන් වැඩි කාලයක් මෛත්‍රීපාල කළේ ජනවාරි වෙනසේ යථාර්ථය ශ්‍රීලනිපයට කියා දීම නොවේ. ශ්‍රීලනිපයේ නායකත්වය දිනා ගැනීමට ජනවාරි ‘වෙනස‘ අවභාවිතා කිරිමය. බුද්ධදාස විතානාච්චිලා, ගාමිණී සුමනසේකරලා, ලලිත් සිල්වාලා චමුදිතලා කැඳවා මහින්ද වාදීන් සතුටු කිරිම ය. ලක්තිලක හිතන්නේ ජනවාරි වෙනස යථාර්ථයක් කිරිමට, ශ්‍රීලනිපයට යහපාලන ආණ්ඩුව භාර දිය යුතු බවය. සිවිල් සමාජ විග්‍රහය අනුව, වෙනස යථාර්ථයක් කිරීමට අමුතු දේශපාලනයක් බද්ධ කළ යුතු නැත. මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 8 වෙනිදාට පෙර සිටි ස්ථානයට යලි පැමිණීම පමණක් සෑහේ ය.
ලක්තිලක කියන පරිදි අගෝස්තුවට පසුවද ජනවාරි වෙනසට එරෙහි (ශ්‍රීලනිප) ජනතාව ජයග්‍රාහී දේශපාලනයට එක්වීමේ සීග්‍රතාව, අවම අගයක් ගැනීම මහා ගැටළුව වේ. හෙවත් ශ්රීලනිපය නැතිව මේ ගමන යා නොහැකි බවය. මෛත්‍රීපාල මේ කරන්නේ වෙනසට එරෙහි පිරිස එක් කිරීම විය හැකිය. එහෙත් මේ සිද්ධ වෙන්නේ ඊට එරෙහි දෙයකි. රාජපක්ෂ යුගයේ ශ්‍රීලනිපයේ මහ ලේකම් වූ මෛත්‍රීපාල දැරූ කිසිදු මතයකට පැවැත්මක් නොවීය. එකල යථාර්යෙන්ම මෛත්‍රී යනු නිකමෙකි. එස්.බී. දිසානායකද එහෙම කී බව ලක්තිලකට හෝ මෛත්‍රී ට මතක නැත. දුම්වැටි රූප පනත, ඖෂධ ප්‍රතිපත්තිය වැනි සිද්ධීමය කාරණා ඊට උදාහරණ වෙති. ජනවාරි වෙනසට පසුව, දොල පිදේනි කප්පරක් පුදලාත් මෛත්‍රීට අගෝස්තු 17 දාත් මහින්දගේ වහලුන්ට ජනවාරි ශීලය සමාදන් කළ නොහැකි විය.
කැබිනට් සාමුහිකත්වය නොතකා හැසිරීම ගැන මංගල සමරවිර කතා කළේ ජනවාරි වෙනස යථාර්ථයක් කිරීමටය. එහි ප්‍රතික්‍රියාව වූයේ මෛත්‍රීගේ ශ්‍රීලනිප කැබිනට් නඩය මංගලට එරෙහිව කැරළි ගැසීමය. මේ සිද්ධිය පමණක් ගත් විට පවා, පෙනෙන්නේ මෛත්‍රී ශ්‍රීලනිප නායකයා නොවන බවය. ජනවාරි වෙනසට බලපෑ සියළු බලවේග යහපාලන ආණ්ඩුවේ වරද විවේචනය කරති. ඔවුන් මෛත්‍රීපාල වෙනුවෙන් ලක්තිලක ලා මෙහෙයවූ 2016 ජනවාරි දුක් ප්රාප්ති නෙයියාඩගම විවේචනය කරති. ගමන් බලපත්‍ර දෙකක් දරමින් රටේ නීතිය කැඩූ විමල් වීරවංශ අත් අඩංගුවට ගැනීම නතර කිරීම, ප්‍රශ්න කිරිම සඳහා ශිරන්ති රාජපක්ෂගේ දෙපතුලට යාම, සිද්ධීන් ගැන අගමැති රනිල් වික්‍රමසිංහට චෝදනා කරති. මහා භාණ්ඩාගාරයේ බැඳුම්කර සිද්ධිය ඔවුන් හෙළා දකිති. වෙනස යථාර්ථයක් කරන දේශපාලනය යනු එවැන්නකි.
බැස්ටිලයට පහර දීම කැරැල්ලකි. ජනවාරි වෙනස ප්රජාතන්ත්රවාදි ජයග්‍රහණයකි. එහෙත් ඒ අවස්ථා දෙකටම බලවේග පාදක වුනා මිස, පුද්ගල ජයග්‍රහණ නොවෙති. මෙවැනි අවස්ථාවල අත්පත් කරගත් දේ රැකීමට, බොහෝ කැප කිරිම් කළ යුතුව ඇත. මෛත්‍රී ශ්රීලනිපය තමන්ට අවනත කර ගැනීමට, තැත් කරමින් සිටියි. එහෙත් අදටද, සාර්ථකව නැත. ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය කාඩරයන් කියන්නේ මහින්ද නැතිව බැරි නිසා, ඊට මෛත්‍රී ද එක්විය යුතු බව ය. ඒ කියන්නේ ශ්‍රීලනිප මතය අනුව මෛත්‍රී ජනාධීපතිවූ පසුවත්. ශ්‍රීලනිපයට නිකමෙකි යන්න නොවේද? එයින් හෑල්ලූ වන්නේ මෛත්‍රීපාල සිරිසේන නොවේ. ජනවාරියේ මෛත්‍රීට ලබාදුන් ජයග්‍රහණයයි. මෙහිදී ලක්තිලක ලින්කන්, මැන්ඩේලා උදාහරණ ලෙස දක්වති. ඒ චරිත දෙකම මහා පෞරුෂයන් විය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාව එරඬු වැටක් පමණකි. අපි ඈතට නොයා දකුණු අප්‍රිකානු අත්දැකීම ගනිමු. සුද්දන් මරා මුහුදට දමන රාමුවෙන් සටනට ප්‍රජාතාන්ත්‍රික හරය බද්ධ කළේ මැන්ඩේලා විසිනි. ඔහු තම සටන් සගයන්ට තහවුරු කළ ප්රජාතන්ත්රවාදී ආශ්වාදය ලංකාවේ අප ජනවාරියේත්, අගෝස්තුවේත් අත් විඳ ඇත්තෙමු. ජනවාරියේ මෛත්‍රී රනිල් සහ සිවිල් ජනතා පෙළ ගැස්ම හමුවේ මහින්ද රාජපක්ෂ 57,68,090 කට කොටුවිය. අගෝස්තුවේදී මෛත්‍රී මහින්ද දෙදෙනාම පිරිවරා ගත් නිදහස් සංධානය 47,32,669කට එහා ගියේ නැත. මෛත්‍රී සන්ධාන නායකයා වෙලාත් අට මසක් තුල දස ලක්ෂයක පසු බෑමකි. ඒ කියන්නේ මෛත්‍රීපාල ශ්‍රීලනිපයට ගියාට මෛත්‍රීට හෝ ශ්‍රීලනිපයට ලැබෙන කජ්ජක් නැති බවය.
ඊට හේතුව ලක්තිලකම කියන පරිදි, ජනාධිපති වරයාට ලැබුණ ගර්හාත්මක ප්රතිචාරයයි. එය සම්මුති දේශපාලනය බව ලක්තිලක කියයි. අනේ ලක්තිලක..! දස ලක්ෂයක පසුබෑම සහ මෛත්‍රීපාල අවතක්සේරු වීම සම්මුති දේශපාලනයේ කොටසක් නම් නොවේ. මහින්ද මෛත්‍රී ලද පරාජයකි. ජනවාරියේ දුක් ප්රාප්ති පදවි නාඩගම පළාත් පාලන ඡන්දය ඉලක්ක කර ඇට වූ කෙත් බලියක් බවට සැක නැත. මේ සිද්ධ වෙන්නේ නොවැම්බරයේ පිටව ආ මෛත්‍රී නැවත ශ්‍රීලනිපයට තල්ලු කර මහින්ද කෙළින් කිරීමකි. ඒ සඳහා ඉනි මග ලෙස මෛත්‍රී පාවිච්චි කරමින් සිටිත්. ලක්තිලක කියන වෙනස යථාර්ථයක් කිරීමට පෙළ ගස්වන දේශපාලනය එය විය හැකිය.
ඡන්දයකට පසුව, පරාජිත පක්ෂය ජනතා මතයට ඉඩ දීම මෙතෙක් සිදුවිය. එහෙත් ජනවාරි අගෝස්තු ඡන්ද දෙකකින් ඇද වැටුණ නිදහස් සංධානය මේ හැඩ වෙන්නේ මෛත්‍රීගේ පිටේ නැග 2020 බලය ඇල්ලීමටය. එවිට යහ පාලනයට මෛත්‍රී දෙන දායකත්වය කුමක්ද? ඡන්ද දෙකකින් පරාද වූ නිදහස් සංධානය මේ හැසිරෙන්නේ පැරදුණ මහින්ද රජ කරවීමටය. ජනවාරි සටනේදී මහින්ද ක්‍රමය, දේශපාලන දුරාචාරය ලෙස හැඳින්විණ. රජ සිංදු හරහා ලක්තිලකලා තැත් කළේ ජනවාරි වෙනස මෛත්‍රීගේ තනි අයිතියට පවරා ශ්රීලනිපය වශී කරවිම හෝ බිය කිරීමය. එයින් සිදු වූයේ ජනවාරි ජවෙයන් වියෝ වී මෛත්‍රී තතිවීමය. ඒ හරහා සිවිල් මතය මෛත්‍රීට එරෙහි කැරැල්ලක් ලෙස ඇවිලුනේය. මෛත්‍රී සහ එජාපය බිඳවීමෙන් ලක්තිලක දැනටම ඒ පාපය සිදුකර හමාරය. මේ තත්වය ප්රතිවිප්ලවයක අනිටු විපාක නිර්මානය කරනු නියතය.
ඡන්දයකට පසුව, පරාජිත පක්ෂය ජනතා මතයට ඉඩ දීම මෙතෙක් සිදුවිය. එහෙත් ජනවාරි අගෝස්තු ඡන්ද දෙකකින් ඇද වැටුණ නිදහස් සංධානය මේ හැඩ වෙන්නේ මෛත්‍රීගේ පිටේ නැග 2020 බලය ඇල්ලීමටය. එවිට යහ පාලනයට මෛත්‍රී දෙන දායකත්වය කුමක්ද? ඡන්ද දෙකකින් පරාද වූ නිදහස් සංධානය මේ හැසිරෙන්නේ පැරදුණ මහින්ද රජ කරවීමටය. ජනවාරි සටනේදී මහින්ද ක්‍රමය, දේශපාලන දුරාචාරය ලෙස හැඳින්විණ. රජ සිංදු හරහා ලක්තිලකලා තැත් කළේ ජනවාරි වෙනස මෛත්‍රීගේ තනි අයිතියට පවරා ශ්රීලනිපය වශී කරවිම හෝ බිය කිරීමය. එයින් සිදු වූයේ ජනවාරි ජවෙයන් වියෝ වී මෛත්‍රී තතිවීමය. ඒ හරහා සිවිල් මතය මෛත්‍රීට එරෙහි කැරැල්ලක් ලෙස ඇවිලුනේය. මෛත්‍රී සහ එජාපය බිඳවීමෙන් ලක්තිලක දැනටම ඒ පාපය සිදුකර හමාරය. මේ තත්වය ප්රතිවිප්ලවයක අනිටු විපාක නිර්මානය කරනු නියතය.
වෙනස යථාර්ථයක් කිරිමට අමතර දේශපාලන ශක්තියක් උරා ගැනීමට මෛත්‍රී අපේක්ෂා කළා විය හැකිය. එහෙත් එකී වෑයම අදටත් අසාර්ථකය. වෙනස සිදු වි වසරක් ඉක්ම ගොස්ය. අදටත් බලාපරාධ සිදුකොට ඇප මත සිටින ශ්‍රීලනිපයේ තෙවන පෙළ ප්‍රාදේශීය සභා කාඩරයන් මෛත්‍රීව දකින්නේ තම බත්පත විනාශ කළ කුම්භාණ්ඩයෙක් හැටියටය. එය ප්‍රති විප්ලවිය තත්වයකි. සිවිල් බලවේග උත්සාහ කරන්නේ එයින් මෛත්‍රීව මුදවා ගැනිමටය. එහිදී ලක්තිලකගේ භූමිකාවට ලැබෙන ලංසුව බිංදුවකි. ඒ ඔහු ජනාධිපති කාර්ය මණ්ඩලයේ සේවකයෙකු නිසාය. බීබීසි සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාලගෙන් වර්ෂ පූර්ණයේ ප්රචාරක වියදම් ගැන ප්‍රශ්න කෙරිණ. ඔහු කීවේ කුමක්ද? “මගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් රජය කිසිදු මුදලක් වැය කළේ නැහැ. පුවත්පත්වල ආණ්ඩුවේ මුදලින් දැන්වීම් දැම්මා නම් ඒ දාපු අය සහ ආයතන ඒවාට වගකිව යුතුයි.“ අප දන්නා පරිදි රාජ්‍ය ආයතන වලින් දැන්වීම් ඉල්ලා නියෝග නිකුත් කළේ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් නොවේ. ශීරාල් ලක්තිලක විසිනි. උම්මග්ග ජාතකයේ රජු තමන් ඇළුම් කළ බොහොඬාගේ කරේ රන් මාලයක් දැමිය. එයම උගේ විනාසයට මුල් විය. ශිරාල් නොදන්නවාට උම්මග්ග ජාතකය යනු බුද්ධිමතුන්ගේ අත්පොතකි.
Comments
Post a Comment