Syndicated from lankaenews,
සෞදි අරාබියේ ගල් ගසා මරා දැමීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව යම් ලෙසකින් මරාදැමුව හොත් එරටට ගෘහ සේවිකාවන් යැවීම නතර කළ යුතු යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික කාන්තාව අධිකරණ වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි පැවසේ. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නැත. ඇය හමුවීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට අවස්ථාවක් ලබාදෙන බවට සෞදි අරාබියානු බලධාරීන් දැනුම් දී ඇතැයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මී තක්සීන් පවසයි.
ගෘහ සේවිකාවට සමාව ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා හමුවී ඉල්ලීමක් ද කෙළේය.
සෞදි අරාබියාවේ දී විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින පුද්ගලයින් 50 දෙනකුට පමණ ඊයේ(04) එකී දඬුවම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. කෙසේ වුවද එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිසිවකු නොමැති බවද වාර්තා වෙයි. අනියම් සබඳතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වැරදිකාරියක වීම හේතුවෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ගල්ගසා මරාදැමීමට නියම කැර තිබෙන අතර මරදානේ පදිංචි ඇය විවාහක තැනැත්තියක් වෙයි. ඇය සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික අවිවාහක තරුණයාට ද කස පහර ලබාදීමට සෞදි අරාබියානු අධිකරණය නියෝග කර තිබේ.
Comments
Post a Comment