by යොහාන් භාසුර පල්ලෙකැලේ සිට Syndicated from wisdensrilanka,
මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 19 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීය. ශ‍්‍රී ලංකාව ලැබූ මෙම 3-0 ක තරගාවලි ජයග‍්‍රහණයත් සමග එක්දින ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු දෙකක් හිමිවන අතර ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ නැංවිණි. ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 105 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු වන අතර නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 109 ක් ලබා සිවුවැනි ස්ථානයේ සිටියි. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 190 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා ඉනිමේ 33 වැනි ඕවරයේදී රාත‍්‍රී 11.30 ට පමණ තෙවැනි වරටත් වර්ෂාව ඇද හැලූණු අතර ඒ අනුව තරගය අවසන් කළේය. ශ‍්‍රී ලංකාව ඒ වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටි අතර ඕවර 32.3 ක් වන විට ජයග‍්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 161 ක් පමණි. කුසල් පෙරේරා පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලෙස පන්දු 47 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් අන්තර්ගතකරමින් ලකුණු 50 ක් රැස් කළේය. මෙය කුසල්ගේ හත්වැනි එක්දින අර්ධ ශතකයයි.
ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් - ක. මූ. කළා ප. ලක්මාල් 6
ජර්මේන් බ්ලැක්වුඞ් - ඇ. ඩිල්ෂාන් ප. මාලිංග 2
ඩැරන් බ‍්‍රාවෝ - ප. ලක්මාල් 4
මාලන් සැමුවෙල්ස් - නොදැවී 110
දිනේෂ් රැම්ඞීන් - ඇ. කුසල් ප. චමීර 4
ජොනතන් කාටර් - ඇ. කුසල් ප. මෙන්ඩිස් 6
ජේසන් හෝල්ඩර් - ඇ. කුසල් ප. චමීර 19
කාලෝස් බ‍්‍රැත්වෙයිට් - ක. මූ. කළා ප. මෙන්ඩිස් 18
සුනිල් නරේන් - ඇ. චන්දිමාල් ප. මැතිව්ස් 9
රවී රාම්පෝල් - නොදැවී 2
අතිරේක 22
එකතුව ඕවර 36 කදී කඩුලූ 9 ක් දැවී 206 කඩුලූ වැටීම:
1-4(චාල්ස්), 2-12(ෆ්ලෙචර්), 3-16(බ්ලැක්වුඞ්), 4-18(බ‍්‍රාවෝ), 5-52(රැම්ඞීන්), 6-84(කාටර්), 7-109(හෝල්ටර්), 8-164(බ‍්‍රැත්වෙයිට්), 9-195(නරේන්) පන්දු යැවීම:
ලසිත් මාලිංග: 7-0-43-2, සුරංග ලක්මාල්: 7-0-40-2, දුෂ්මන්ත චමීර: 7-0-39-2, මිලින්ද සිරිවර්ධන: 5-0-17-0, අජන්ත මෙන්ඩිස්: 8-0-51-2, ඇන්ජලෝ මැතිව්ස්: 2-0-11-1
ශ‍්‍රී ලංකා පිලකුසල් පෙරේරා - ඇ. බ්ලැක්වුඞ් ප. රාම්පෝල් 50
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. කාටර් ප. බ‍්‍රැත්වෙයිට් 21
ළහිරු තිරිමාන්න - ඇ. සැමුවෙල්ස් ප. හෝල්ඩර් 21
දිනේෂ් චන්දිමාල් - ඇ. රැම්ඞීන් ප. කාටර් 23
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 27
මිලින්ද සිරිවර්ධන - ඇ. රැම්ඞීන් ප. හෝල්ඩර් 17
ෂෙහාන් ජයසූරිය - නොදැවී 11
අතිරේක 10
එකතුව ඕවර 32.3 කදී කඩුලූ 5 ක් දැවී 180 පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල් කඩුලූ වැටීම:
1-40(ඩිල්ෂාන්), 2-95(තිරිමාන්න), 3-103(කුසල්), 4-134(චන්දිමාල්), 5-161(මිලින්ද) පන්දු යැවීම:
රවී රාම්පෝල්: 5-0-34-1, සුනිල් නරේන්: 7.3-1-24-0, ජේසන් හෝල්ඩර්: 7-0-44-2, කාලෝස් බ‍්‍රැත්වෙයිට්: 7-0-40-1, ජර්මේන් බ්ලැක්වුඞ්: 3-0-16-0, ජොනතන් කාටර්: 3-0-19-1 ඡායාරූප - ශාන්ත රත්නායක
Comments
Post a Comment