Syndicated from wisdensrilanka,
දමින්ද විජේසූරිය
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 156 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් පෙරේරා (99) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 81) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලූ 8 ක විශිෂ්ට ජයක් (ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව) කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියද ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම 2-0 ක් ලෙසින් පෙරමුණට පැමිණියේය.
තරගයට වර්ෂාවෙන් බාධා වූ හෙයින් එය පිලකට ඕවර 38 ක් දක්වා සීමා කරන ලදි. ඕවර 37.4 ක් අවසානයේදී සියලූ දෙනා දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබාගත්තේ ලකුණු 214 ක් වූවත් ඩක්වර්ත්-ලූවිස් න්‍යාය අනුව ජයග‍්‍රහණය සඳහා ඕවර 38 කදී ලකුණු 225 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිලට සිදුවිය. එහෙත් ඒ සඳහා ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට වැය වූයේ ඕවර 36.3 ක් පමණි. ශී‍්‍ර ලංකාවේ ජය මාවත විවර කර දුන් කුසල් පෙරේරා කොදෙව් පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගෙන තබා ගනිමින් තමන්ට රිසි සේ ලකුණු ලබාගත්තේ සිය සහායක පිතිකරුවන්ට නිදහසේ පහර කරා යාමේ විශ්වාසනීයත්වයත් එන්නත් කරමිනි. ශතකය පෙනි පෙනී සිටියදී ගැසූ මුරණ්ඩු පහරක් හේතුවෙන් දැවී යන විට පන්දු 92 කදී ලකුණු 99 ක් ලබාසිටි ‘පොඩි කසකාරයා’ හතරේ පහර 6 කින් සහ හයේ පහර 4 කින් සිය ඉනිම සරසා තිබිණ.
බටහිර ඉන්දීය කොදෙව් ජොන්සන් චාල්ස් - ක.මු.කළා ප.සිරිවර්ධන 83
ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් - ඇ.කුෂල් පෙරේරා ප.මාලිංග 0
ජර්මේන් බ්ලැක්වුඞ් - ඇ.සිරිවර්ධන ප.සේනානායක 9
ඩැරන් බ‍්‍රාවෝ - ඇ.ඩිල්ෂාන් ප.සිරිවර්ධන 21
මාලන් සැමුවෙල්ස් - දුවද්දී දැවී ගියා 63
ජොනතන් කාටර් - ප.ලක්මාල් 5
ජේසන් මොහොමඞ් - ඇ.චන්දිමාල් ප.මාලිංග 4
කාලෝස් බ‍්‍රැත්වෙයිට් - දුවද්දී දැවී ගියා 17
ජෙරම් ටේලර් - දුවද්දී දැවී ගියා 1
සුනිල් නරේන් - දුවද්දී දැවී ගියා 0
රවී රාම්පෝල් - නොදැවී 1
අතිරේක - 10
එකතුව ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 214 කඩුලූ වැටීම
1-01(ෆ්ලෙචර්), 2-29(බ්ලැක්වුඞ්), 3-99(බ‍්‍රාවෝ), 4-139(චාල්ස්), 5-152(කාටර්), 6-169(ජේසන්), 7-211(සැමුවෙල්ස්), 8-212(ටේලර්), 9-213(බ‍්‍රැත්වෙයිට්), 10-214(නරේන්) පන්දු යැවීම :
ලසිත් මාලිංග : 7.4-0-43-2, සුරංග ලක්මාල් : 7-0-51-1, සචිත‍්‍ර සේනානායක : 6-0-25-1, අජන්ත මෙන්ඩිස් : 7-0-44-0, ෂෙහාන් ජයසූරිය : 2-0-11-0, මිලින්ද සිරිවර්ධන : 7-1-27-2, තිලකරත්න ඩිල්ෂාන් : 1-0-07-0 ශී‍්‍ර ලංකාවකුසල් පෙරේරා - ඇ.බ‍්‍රැත්වෙයිට් ප.රාම්පෝල් 99
තිලකරත්න ඩිල්ෂාන් - ප.නරේන් 17
ළහිරු තිරිමාන්න - නොදැවී 81
දිනේෂ් චන්දිමාල් - නොදැවී 16
අතිරේක 12
එකතුව ඕවර 36.3 කදී කඩුලූ 2 ක් දැවී 225 කඩුලූ වැටීම :
1-40(ඩිල්ෂාන්), 2-196(කුසල්) පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
මිලින්ද සිරිවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ෂෙහාන් ජයසූරිය, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් පන්දු යැවීම :
රවී රාම්පෝල් : 6-0-40-1, ජෙරම් ටේලර් : 5-0-47-0, සුනිල් නරේන් : 8-0-27-1, මාලන් සැමුවෙල්ස් : 5.3-0-34-0, ජේසන් මොහොමඞ් : 6-0-25-0, කාලෝස් බ‍්‍රැත්වෙයිට් : 4-0-35-0, ජොනතන් කාටර් : 2-0-12-0 තරගයේ වීරයා : කුසල් පෙරේරා ඡායාරූප - ශාන්ත රත්නායක
Comments
Post a Comment