Syndicated from silumina,
සෝපානයක් කළ හදියක්
ලෝ පතල මෝස්තර නිරූපිකාවක වන පැරිස් හිල්ටන් පසුගිය දා චීනයේ සංචාරයක යෙදුණා. එම සංචාරයේදී ඇය බීජිං නුවර සිදුකළ සවාරියකදී ලොකු කරදරයකට මුහුණ පෑවා.
ඇය, බීජිං නුවර හෝටලයක විදුලි සෝපානයක ගමන් කරද්දී හිටි හැටියේම එය ක්‍රියා විරහිත වෙලා. ඒ මොහොතේ පැරිස් ගමන් කළ විදුලි සෝපානයේ සැලකිය යුතු පිරිසක් සිටි බවයි පැවසෙන්නේ. “මට අදහා ගන්න බැරිවුණා, මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. ටිකෙන් ටික අපිට හුස්ම ගන්නත් අපහසු වුණා.” පැරිස් මේ සිද්ධිය එලෙස විස්තර කළා. පැයක පමණ කාලයක් විදුලි සෝපානය ක්‍රියා විරහිත වී තිබෙනවා. කාර්මික ශිල්පීන් එය ක්‍රියාත්මක කරන්නට හෝ විවෘත කරන්නට ගත් උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා. කෙසේ වෙතත්, අනපේක්ෂිත මොහොතකදී විදුලි සෝපානයේ දොරටු විවෘත වෙලා. ඒ නිසා පැරිස් ඇතුළු සියලුම දෙනාට පිටතට පැමිණීමට හැකි වෙලා තිබෙන බවයි ආරංචි.
‘මිසිස් ඩැනියල් ක්‍රේග්’
අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය, ‘ස්පෙක්ට්‍ර’ දැන් ලොව පුරා තිරගත වෙනවා. මේ චිත්‍රපටය විනාඩි 148 ක ධාවන කාලයකින් සමන්විතයි.
මේ චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරන්නේ ඩැනියල් ක්‍රේග්. ඔහුගේ බිරිය තමයි රැචල් වීස්. ඇය ද ජනප්‍රිය නිළියක්. මේ දිනවල ඇගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ (වින්ඩ්ස්ක්‍රීනයේ) කාගේත් නෙත් සිත් ඇදගන්නා ස්ටිකරයක් අලවා තිබෙනවා. එහි සටහන් වන්නේ කෙනකුගේ නමක්. එය තමයි, ‘මිසිස් ඩැනියල් ක්‍රේග්...’ බොහෝ දෙනා පවසන්නේ මෙවැනි ස්ටිකරයක් අලවා තිබෙන්නේ ‘ස්පෙක්ට්‍ර’ චිත්‍රපටයේ ප්රචාරක උපක්‍රමයක් වශයෙන් බවයි.
ඩැනියල්, රැචල් සමඟ යුග දිවි ගමන් ඇරැඹුවේ 2011 දීයි. ඊට කලින් ඔහු 1992 - 1994 අතර කාලයේ දී විවාහ කරගෙන සිටියේ ෆියෝනා ලූඩන්වයි.
හොලිවුඩයේත් ලිංගික අල්ලස්?
හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළි පරපුර මේ වන විට ඇතැම් නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ නොමනා යෝජනාවන් නිසා දැඩි පීඩාවට පත්ව සිටින බවයි ආරංචි. හොලිවුඩ් නිළි පරපුරට සිදුවන මේ අකටයුතුකම්වලට එරෙහිව හඬ නැඟීමට දැන් කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. මේ ගැන අදහස් දැක්වූ ජනප්‍රිය හොලිවුඩ් නිළි ඈෂ්ලේ ජඩ් පැවසුවේ ඇතැම් චිත්‍රපට අධ්යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ ලිංගික අල්ලස් ගැනීම් කාලයක පටන් සිදු වූ බවයි.
මේ වන විට 47 වැනි වියෙහි පසුවන ඈෂ්ලේ පැවසුවේ මෙවැන්නක්... “හොලිවුඩයේ ප්රකටව සිටි එක්තරා කෙනෙක් 1990 වසරේදී එයාගෙ චිත්‍රපටයක රඟපාන්න කලින් මට එක්තරා හෝටලටයකට එන්නැයි කිව්වා. මම ඒකට කැමැති වුණේ නැහැ.”
ඈෂ්ලේ විතරක් නොවෙයි. හොලිවුඩයේ ප්‍රවීණ සහ ජනප්‍රිය නිළියන් වන මෙරිල් ස්ට්‍රීප්, ගිනෙත් පැල්ට්රෝ, එමා වොට්සන් වැනි අය ද සිනමාවේ බලවතුන්ගෙන් තමන්ට එල්ල වන අයුතු බලපෑම්වලට එරෙහිව හඬ නංවන්නට මේ වන විට එක්වෙමින් සිටිනවා.
එල්විස් ප්‍රෙස්ලිගේ ගී එකතුවක්
ප්‍රිසිලා ප්‍රෙස්ලි තම දෙනෙත් පියා ගෙන හැඟුම්බර මුහුණින් යුතුව සවන් යොමා සිටියේ බ්රිට්න්ස් රෝයල් ෆිල්හාමොනික් වාද්‍ය වෘන්දයට අනුව ගැයුණු පැරැණි මියුරු ගී පෙළකටයි. මේ ගී මීට වසර ගණනකට පෙරාතුව ගායනා කළේ ප්‍රිසිලාගේ ආදරණීය සැමියායි. ඔහු, පොප් ගී ලොව කිරුළ දැරූ එල්විස් ප්‍රෙස්ලියි.
ප්‍රිසිලා මේ ගී අසා සිටියේ ලන්ඩන්හි ඇබේ රෝඩ් චිත්රාගාරයේදීයි. එල්විස් එදා ගැයූ මේ ගී පටිගත කෙරුණේ ද මේ චිත්රාගාරයේදීමයි.
“මේවා අහගෙන ඉන්දැද්දි මගේ හිතට දැනුණ හැඟීම විස්තර කරන්න බැහැ. මේ ගීත හැම එකක්ම එදා එල්විස් ගායනා කළේ මේ චිත්රාගාරයේදීමයි.” මම ඒවා පටිගත කරන හැටි බලාගෙන හිටියා. එදා එල්විස් ගීත ගායනා කරන කොට එයාගෙ මූණ හැඟුම්බර වුණ හැටි මට තාමත් මතකයි.” ප්‍රිසිලා ප්‍රෙස්ලි එලෙස කියා සිටියා.
එල්විස් ප්‍රෙස්ලි ගායනා කළ මේ ගී අලුත් ඇල්බමයකින් යළි එළි දකින්නේ ඔක්තෝබර් 30 දායි. ඇල්බමය නම් කර ඇත්තේ ‘ඉෆ් අයි කැන් ඩ්‍රීම්’ යනුවෙන් ප්‍රිසිලා ප්‍රෙස්ලි පැවසුවේ එල්විස් නිතරම කැමැත්තක් දැක්වූයේ ගීත පටිගත කිරීම නිතරම චිත්රාගාර තුළදීම සිදු කරන්නට බවයි.
Comments
Post a Comment