Syndicated from silumina.lk,
කඳුකරයේ සීතලේ...
“මෙක්සිකෝවේ කඳුකර පළාතක රූගත කිරීම් කරද්දී හැමදාම උදේට නැගිටන කොට මට දැනුණේ මගේ ඔළුවෙ බර ගතියක්. හරියට බීමතින් නැගිටිනව වගේ හැඟීමක්. ඒත් ඒ අත්දැකීම හරිම වැදගත්” කායා පැවසුවා.
‘මේස් රනර් : ද ස්කෝච් ට්‍රයල්ස්’ චිත්‍රපටයේ විශේෂ තිරගත කිරීමක් පසුගිය දා ලන්ඩන් හි ලීසෙස්ටර් චතුරස්‍රයේ සිනමා හලේ දී පැවැත්වුණා. මේ දර්ශනය නැරැඹීමට සිනමා රසිකයන් 200 දෙනෙකුට ද අවස්ථාව උදාවුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ තෝමස් බ්‍රෝඩි සහ කි හොන්ලී යන දෙදෙනා ද කායා සමඟ එම විශේෂ දර්ශනය නැරැඹීමට එක්ව සිටියා.
ශකිරාගේ අලුත්ම රංගනය
පොප් ගායිකා ශකිරා මාස කිහිපයක් නිහඬව සිටියා. ඒ, ඇගේ දෙවැනි පුතු මෙලොව එළිය දකින තුරුයි. පසුගිය ජනවාරි මාසයේ දී දෙවැනි වරටත් මවු පදවිය ලද පසුව ඇය නැවතත් ගී ලොවට එක්වුණා.
දැන් ඇය පෙර පරිදිම ගී ගයන්නට එක්ව සිටිනවා. මෑතකදී මේ සුපිරි ගායිකාව රූපවාහිනී වෙළෙඳ දැන්වීමක රංගනයටත් එක්වුණා. මේ වෙළෙඳ දැන්වීම රූගත කළේ ස්පාඤ්ඤයේ කැටලෝනියා නගරයේදීයි. සිය දෙවැනි පුතු සාෂා මෙලොව එළිය දැක මාස 8 ක් ගතවෙද්දීයි ඇය මේ වෙළෙඳ දැන්වීමෙහි පෙනී සිටියේ.
රූගත කිරීමට ශකිරා තම වැඩිමල් පුතු මිලාන්වත් රැගෙන ගොස් තිබුණා. කැටලෝනියාවේ ලස්සන මුහුදු වෙරළක් අද්දර දී සිදු වූ මේ රූගත කිරීමට පුතු මිලාන්වත් එකතු කරගත් ශකිරා නර්තනයක් ඉදිරිපත් කළා. දෙවැනි වියෙහි පසුවන මිලාන් සමඟ නිරූපණය කළ ඒ රංගනය කාගේත් නෙත් සිත් පැහැර ගත්තා.
අන්තිම කැමැත්ත ලියූ
මියගිය පසුව තමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ යුත්තේ කොහේදැයි ඔහු අන්තිම කැමැති පත්‍රයෙහි සටහන් කර තිබෙනවා. ඒ අනුව මේ ප්‍රවීණ කලාකරුවා ඉල්ලා ඇත්තේ තමන්ගේ භෂ්මාවශේෂ 2004 දී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මියගිය තම දියණිය සහ මිනිබිරියගේ සොහොන් ගැබ තුළ තැන්පත් කරන ලෙසයි.
2004 දෙසැම්බරයේදී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් රිචඩ් ඇටන්බරෝගේ දියණිය ජේන් සහ මිනිබිරිය ලුසී මියගියේ ඔවුන් පදිංචිව සිටි තායිලන්තයේදීයි. 2005 දී පැවැති සුනාමියට ගොදුරු වූවන් සිහිපත් කළ ශෝකී අවස්ථාවේදී රිචඩ් ඇටන්බරෝ පැවසුවේ තම ජීවිතයේ අවාසනාවන්තම දිනය දෙසැම්බර් 26 දා බවයි.
ඔහුගේ දියණියගේ සහ මිනිබිරියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සොහොන් ගැබ පිහිටා ඇත්තේ එංගලන්තයේ සරේ ප්‍රදේශයේ පිහිටි ශාන්ත මේරි මග්දලේනා දේවස්ථානයේයි. මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය වෙමින් පවතින නිසා රිචඩ් ඇටන්බරෝගේ භෂ්මාවශේෂ මෙතෙක් තැන්පත් කර නැහැ. ඔහුගේ බිරිය ශීලා, මේ වන විට 69 වැනි වියෙහි පසුවනවා. රිචඩ් ඇටන්බරෝ සතුව තිබූ මිලියන ගණනක් වටිනා ඉඩකඩම් ඇතුළු දේපළ රැසක්ම හිමි වී ඇත්තේ ඇය
ටයි.
ශ්වසනෙගර් යළිත් ‘සටනක’
හොලිවුඩ් තිරයේ සුපිරි තරුවක් තම බිරියගෙන් වෙන්වීමට උත්සාහ ගන්නා බවට ආරංචියක් පසුගිය සතියේ පැතිරී ගියා. මේ සුපිරි නළුවා තමයි, ආනෝල්ඩ් ශ්වසනෙගර්.
ඔහු මීට කලින් 2011 වසරේදී ද තම බිරිඳ මාරියාගෙන් වෙන්වීමට උත්සාහ කළා. ඒත් ඇය දික්කසාදයට අදාළ ලියකියවිලිවල අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ආනෝල්ඩ්ට ඇගෙන් වෙන්වීමට නොහැකි වුණා. දැන් නැවතත් ඔහු ලකලැහැස්ති වන්නේ මාරියාගෙන් වෙන්වීමටලු. ආනෝල්ඩ් සහ මාරියා විවාහ දිවියට පා තැබුවේ 1986 අප්‍රේල් 26 දායි. ඔවුන් දෙදෙනාට 22 වියැති පුතෙකු ද සිටිනවා. පැට්‍රික් ශ්වසනෙගර් නම් වූ ඔහු ද හොලිවුඩ් පුරයේ ජනප්‍රිය තරුවක්. අනෙක් දරුවන් 4 දෙනා සිනමාවට සම්බන්ධ නැහැ.
ආනෝල්ඩ්, මාරියා සමඟ විවාහ දිවියට ඇතුළුවන්නට කලින් බාබරා අවුට්ලන්ඩ් නම් වූ ගුරුවරියකට සහ සූ මොරේ නම් වූ කොණ්ඩා මෝස්තර ශිල්පිනියකටත් ආදරය කළා. ඒ, 1969 සහ 1978 අතර කාලයේදියි.
Comments
Post a Comment