BOLLYWOOD NEWS


Syndicated from silumina.lk,


බිග් බී ට සුබ උපන්දිනයක් වේවා

 

 

බොලිවුඩයේ සුපිරි තරුව බිග් බි හෙවත් අමිතාබ් බච්චන් මෙවර ඔහුගේ 73 වැනි උපන්දිනය පසු ගිය 11 වැනිදා සමරනු ලැබුවා. සිය ආදරණීය රසිකයන්, බොලිවුඩ් තරු, දේශපාලඥයන් අතුළු බොහෝ පිරිසක් වෙනදා මෙන්ම මෙවරද ඔවුන්ගේ හෘදයාංගම සුබ පැතුම් සහ දිර්ඝායු එක් කිරීමට අමතක කළේ නැහැ. ඉතින් මේ සියලු දෙනාට තම ස්තුතිය පළ කළ අමිතාබි මෙවර උපන්දිනය කිසිදු උත්සවයකින් තොරව සිය පවුලේ සමාජිකයන් සහ ඔහු සමඟ මෙතෙක් සිටි මාධ්‍ය හිතවතුන් සමඟ බොහොම සාමාන්‍ය දිනයක් සේ ගත කරන්නට තීරණය කර තිබුණා.
“සාමාන්‍ය පුද්ගලයකු වගේම වැඩිපුර මගේ පවුලේ උදවිය සමඟ කාලය ගත කරන්නයි මට වුවමනා කරන්නේ. ඒ වගේම ගායනය සහ වාදනය ප්‍රගුණ කරන්න දැන් මගේ කාලය ටිකක් යොමු කළොත් හොඳයි කියා සිතනවා.“ මේ ප්‍රකාශයත් සමඟ ඔහු රංගනයෙන් සමු ගන්නටදෝ මේ සැරසෙන්නේ යැයි කුතුහලයක් බොහෝ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රසිකයන් මතු කර තිබුණද ඊට මුවින් පිළිතුරු නොදී ‘වර්සිම්‘ නමැති ටෙලි නාට්‍යකට රංගනයෙන් සම්බන්ධ වීමට ගිවිසුම් අත්සන් කරමින් අමිතාබ් ඒවාට පිළිතුරු සපයා තිබුණා.
බිග් බීගේ මෙවර උපන්දිනය උත්සවශ්‍රියෙන් සැමරීමට ඔහු අකැමැති වීම නිසා මෙවර ඔහුට ලැබුණු විශේෂ තෑගී බෝග ගැන කිසිවක් මාධ්‍යට වාර්තා වුණේ නැහැ. නමුත් ඔහුට ලැබුණු වටිනාම උපන්දින තෑග්ග ලැබී තිබුණේ සිය මිණිබිරිය වන පුංචි ආරාධ්‍යාගෙනි. තවමත් තුන් වැනි වියෙහි පසු වන ආරාධ්‍යා මෙවර තම සීයාගේ උපන්දිනය වෙනුවෙන් පැමිණ සිට අය ඉදිරියේ ‘හැබි බර්ත් ඩේ‘ යැයි ගායනා කරමින් සිය සුබ පැතුම් එක් කළා. පුංචි ආරාධ්‍යාගෙන් ලැබුණු මේ පුංචි තෑග්ග බොලිවුඩයේ බිග් බී ට නම් මෙතෙක් ලැබුණු වටිනාම උපන්දින තැග්ග කියලයි ඔහු පවසන්නේ.

‘කිරුළ’ සල්මන්ට

2014 වසර පුරා වැඩිම ආදායමක් උපයන නළුවා බවට පත්ව සිටියේ රිතික් රෝෂන්. ඔහු, එම වසරේ තිරගත වූ ‘මොහෙන්ජෝ දාරේ’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් රු. කෝටි 50 ක මුදලක් අය කළ බවට ආරංචි පැතිරී ගියා.
එහෙත් පසුගිය සතියේ බොලිවුඩයෙන් ලද ආරංචිවල සටහන් වුණේ වැඩිම ගාස්තුවක් අය කරන්නේ සල්මන් ඛාන් බවයි. ඔහු මේ වන විට රු. කෝටි 60 ක මුදලක් චිත්‍රපටයක රඟපෑමට අය කරන බවයි පැවසෙන්නේ.
සල්මන් ළඟට වැඩිම ගාස්තුවක් අය කරන්නේ අමීර් ඛාන්. ඔහුගේ ගාස්තුව රු. කෝටි 50 ක්. ආක්ෂේ කුමාර්ට ලැබී ඇත්තේ මේ ලැයිස්තුවේ තුන්වැනි තැනයි. ඔහු අය කරන්නේ රු. කෝටි 40 ත් 45 ත් අතර මුදලක්. ශාරුක් ඛාන් හෙවත් ‘කිං ඛාන්’ සිටින්නේ ඊට පහළින්. ඔහුගේ ගාස්තුව රු. කෝටි 40 ක්. මීට වසරකට පෙර වැඩිම ගාස්තුවක් අය කළ රිතික් රෝෂන් සිටින්නේ ශාරුක්ගේ තත්ත්වයේමයි. ඔහු ද මේ වන විට අය කරන්නේ රු. කෝටි 40 ක් බවයි බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ.

නාගීස්ගේ සැබෑ ආදරය කාට ද?

‘රොක්ස්ටාර්'හි නාර්ගීස් ‍ෆාක්රි. රඟපෑවේ ජනප්‍රිය යොවුන් නළු රන්බීර් කපූර් එක්කයි. චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රඟපෑමෙන් පසුව නර්ගීස්ටත් රන්බීර්ටත් වෙනත් නළු නිළියන්ට මෙන් පුරුදු පරිදි කතාවක් හැදුණා. දෙදෙනා සැබැවින්ම පෙම් කරන බවයි කතා නිර්මාණය කළ කවුරුත් කීවේ.
කාලයක් ගත වෙද්දී වටින් ගොඩින් කියැවුණේ නාර්ගීස්ගේ හදවතට සමීපව සිටින්නේ තවත් යොවුන් නළුවෙකු වන වරුන් ධාවන් කියලයි.
කාලය ගෙවී ගියා. පසුගිය දා ඉන්දීය රූපවාහිනී චැනලයකින් විකාශය වූ සම්මුඛ සාකච්ඡාමය වැඩ සටහනක් මෙහෙය වූ නිරන්ජන් අයියෙන්ගර්ගේ ප්‍රශ්නවලට විවෘතව උත්තර දුන්නු නාර්ගීස්, ඇය සැබවින්ම ආදරය කළේ රන්බීර්ටවත්, වරුන්ටවත් නොව, ජනප්‍රිය නළු උදේ චොප්රාට බවපැවසුවා
“ඇත්තටම, මගේ ළබැඳියාවක් තිබුණේ උදේ චොප්රා එක්කයි. එයා හරිම ප්‍රසන්න කෙනෙක්. හැබැයි මම එයාට ආදරය කළේ නැහැ. ඒ වුණත් එයා මගේ ජීවිතයට සම්බන්ධ වුණ වැදගත් කෙනෙක්. හරිම හුරුබුහුටි, විනෝදකාමී, දැන උගත් පුද්ගලයෙක්. මට උදේ වගේ කෙනෙක් මීට කලින් හමුවෙලා නැහැ.” නාර්ගීස්, සම්මුඛ සාකච්ඡාව අවසානයේදී පැවසුවා.

Comments