‘මේක කොහොමද අපේ ආණ්ඩුවක් වෙන්නෙ? මේක මෛත්‍රී අපට හදල දුන්නු ආණ්ඩුවක්' - කොළඹ පුරපති කියයි


   Syndicated from lankanewsweb.net,


‘මේක කොහොමද අපේ ආණ්ඩුවක් වෙන්නෙ? මේක මෛත්‍රී අපට හදල දුන්නු ආණ්ඩුවක්' - කොළඹ පුරපති කියයි! 

දැන් හේමන්ත වර්ණකුලසූරිය ජනාධිපති නීතිඥතුමා මාර යූඇන්පී කාරයෙක් වෙලා. කොහෙද තමුන්නාන්සෙල ජනවාරි 08 වෙනිදට කලින් හිටියෙ? මේ ආණ්ඩුව කොහොමද යූඇන්පී ආණ්ඩුවක් වෙන්නෙ? මේක මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිට හදලදුන්නු ආණ්ඩුවක්. මේ ආණ්ඩුවෙ යූඑන්පී කාරයො ඉන්නෙ 79 යි. 9 දෙනෙක් රතනගෙයි චම්පිකගෙයි. හකීම්ගෙ 7යි. බදුර්දීන්ගෙ 5යි දිගම්බරම්ගෙ 5 යි. සේරම 105 යි. ජනාධිපතිතුමාට ඕන්නම් හෙට ආණ්ඩුව පෙරලන්ඩ පුළුවන්. අගමැතිතුමා ඒක දැනගෙන තමයි ගේම ගහන්නෙ. තමුසෙල මහින්දගෙ තුරුල්ලෙ ඉදල දැන් කොලපාට ටයි දාගෙන කෑ ගැහුවට මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි හලෝ. ඒක නිසා වැඩිය පිම්බිලා කෙලව ගන්න එපා'  යනුවෙන් කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පසුගිය දිනෙක ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට කදිම උත්තරයක් දී තිබේ.


එසේ හේමන්ත වර්ණකුලසූරිය මහතාට පිලිතුරු දීමට කොළඹ පුරපතිවරයාට සිදුවී ඇත්තේ ඔහුගේ බෑණා වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිය පාක්ෂිකයෙකුගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයාට පැමිණිලි කළද, එය ඉටු නොවීම නිසා කෝපයට පත්වී ඇති හේමන්ත වර්ණකුලසූරිය මහතා කොලඹ පුරපතිවරයාට ‘මුසා බලනවකො අපේ ආණ්ඩුවක් ඇවිල්ලත් අපිට වැඩක් කර ගන්ඩ බැරි හැටි'  යනුවෙන් පැමිණිලි කළ අවස්ථාවේදීය.
‘තමුසෙගෙ බෑනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නේද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොහොකටද හලෝ සාමානාධිකාරීවරු පස්සෙ යන්නෙ? බෑනට ප්‍රොටෝකෝල් ගැන කියල දෙනවා. මිනිහට කියනව ඔය ප්‍රශ්නෙ පාර්ලිමේන්තුවෙදි ප්‍රවාහණ ඇමතිවරයා හම්බවෙලා කියන්ඩ කියල. එතකොට ඇමතිතුමා අවශ්‍ය පියවර ගනීවි. එහෙම නැතුව ඔය එක එකා පස්සෙ ගිහිල්ලා නෝන්ඩි වෙන්ඩ එපා කියනව. ඔය මිනිහා දැන් පාර්ලිමේන්තුවෙ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් නේද? ප්‍රොටොකෝල් ෆලෝ කරන්ඩ කියනව'  යනුවෙන් කිසි දිනෙක පාර්ලිමේන්තු නොගිය එහෙත් දේශපාලන යේ හොදට තෙම්පරාදු වී ඇති චරිතයක් වන මුසම්මිල් මහතා හේමන්ත වර්ණකුලසූරියට උපදෙස් දී තිබේ.

Comments