Skip to main content
ශ්‍රී ලංකාව තුල නිවැරදි දෙය කිරීමේ අභියෝගය
Syndicated from samabima.com,
Oct 23rd, 2015
ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවතී සිවිල් යුද්ධ කාලයේදී සිදු වී ඇතැයි කියන බරපතල ගනයේ අපරාද වලට වග කිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිණිස විදේශීය විනිසුරුවරුන්ගේ සහ පැමිණිලි මෙහෙයවන්නන් හෙවත් බලයලත් අභිචෝදකයන්ගේ සහය ලබා ගැනීම සඳහා “එකගත්වයෙන් යුත් යෝජනාවක්” සම්මත කළේය.
මාද ඇතුළුව සහය දැක්වූ පාර්ශවයන් අත්අඩංගුවට ගෙන විවිධ තර්ජනය කරමින් පසුගිය ශ්‍රී ලංකා රජය විසින් දැඩි ලෙස විරෝධය දක්වමින් උද්වේගකාරී ලෙස ප්‍රතික්ෂේප කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කල වාර්තාව සැලකිල්ලට ගෙන මෙම යෝජනාව සම්මත කෙරින.
ශ්‍රී ලංකා රජයේ බිය වැද්දීම් වලට බිය නොවී එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය සිදු කල විමර්ශනයේදී එම විමර්ශන කණ්ඩායමට සහය පල කරමින් සාක්ෂි ලබා දීමට යුද්ධයෙන් දිවි බේරාගත් අය සහ ඔවුන්ගේ පවුල්වල අයත් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් වුහ. ඔවුන් ලබා දුන් විස්තරයන් වලින් හෙළිවන නීති විරෝධී මිනී මැරුම්, අතුරුදන් වීම්, අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම්, කෘර වද හිංසා කිරීම්, ලිංගික හා ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම්, යුද්ධය පැවති පෙදෙස් වලින් පලා යාම වැලක්වීම, සිවිල් වැසියන්ට, රෝහල්, පල්ලි සහ ආහාර ප්‍රවාහනය කරන රථ ආදියට ප්‍රහාර එල්ල කිරීම ආදී බරපතල ගනයේ අපරාධ රැසක් පිලිබඳ තොරතුරු එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අනාවරණය වේ.
වාර්තාවට අනුව මේවා ක්‍රමානුකුලව සිදු කල අපරාධයන් වන බැවින් අධිකරණයක් ඉදිරියේ ඔප්පු වුවහොත් මානුශීයත්වයට එරෙහිව කල අපරාධ සහ යුධ අපරාධ ගණයට අයත් වනු ඇති සේම රජය සහ විප්ලවකාරී දමිල කොටි සංවිධාන සාමාජිකයන් නොහොත් එල්.ටි.ටි.ඊ. ය යන දෙපාර්ශවයම වගකිව යුත්තන් වනු ඇත. වාර්තාව මගින් තව දුරටත් අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ නීති සහ අධිකරණ පද්ධතිය මෙම අපරාධ පිලිබඳ කටයුතු කිරීමට අසමත් වූ බව සහ තවමත් ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වන බවයි. එමගින් නිර්දේශ කර සිටියේ ශ්‍රී ලාංකිකයන් සමග අන්තර්ජාතික විනිසුරුවරුන් සහ නීතිඥවරුන් කටයුතු කරන “මිශ්‍ර අධිකරණයක්” පිහිටුවීය යුතු බවයි.
පසුබිමෙහි ඇති යථාර්තය
එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් මහා කොමසාරිස් කාර්යාල වාර්තාවේ දැක්වෙන බරපතල ගනයේ අපරාධ වල ඇති බැරෑරුම් බව පිලිබඳ නිසි අවධානයක් මෙම යෝජනාව මගින් ඉදිරිපත් වී ඇති බවක් නොපෙනේ. යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූ ශ්‍රී ලංකා රජයේ දේශපාලන හා අනෙකුත් මතවාදයන්ට ගැලපෙන පරිදි වාර්තාවේ සොයා ගැනීම් හා යෝජනාවේ නිර්දේශ ගැලපීම කර ඇති බව දක්නට ඇත.
යෝජනාවලියේ ඇති කැපී පෙනෙන අතපසු කිරීමක් ලෙස වසර 19 ක් පමණ කාලයක් ද්‍රකොනියානු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ කිසිදු නඩු විභාගයක් නොපවත්වා රඳවාගෙන සිටින රැදෙවියන්ට සාධාරනය ඉෂ්ට කිරීම පිලිබඳ සාකච්ඡා නොවීම දැක්විය හැකිය.
යෝජනාවලියට දින කිහිපයකට පෙර වසර 15ක් රැඳවුම් බාරයේ සිටි දමිල මවක් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. ඇයගෙන් සමව ගැනීමක් හෝ ඇයට වන්දි ලබා දීමක් සිදු වී නොමැත. මෑතකදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් බාරයේ සිටින රැඳෙවියන් පිරිසක් ඔවුන්ගේ නඩු ඇසීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන ලෙස ඉල්ලා උපවාසයක නිරත වු නමුත් කිසිවක් සිදු වුයේ නැත.
මා හට එරෙහි නඩු විභාගයද තවමත් විභාග වෙමින් පවතී. මාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පැනවූ සීමා එසේම පවතින අතරම රජය භාරයට ගැනුණු මගේ උපකරන තවමත් යලි මා වෙත ලබා දී නොමැත.
මෙම යෝජනාව මගින් සිවිල් ජනතාවගේ එදිනෙදා කටයුතු වලින් හමුදාව ඉවත් කරගැනීමට කැපවන බව දැක්වුවද තවමත් සිවිල් ජනතාවගේ කටයුතු වලට හමුදාවේ මැදිහත් වීමෙහි අඩුවක් නොමැති බව මෑතකදී යාපනයේ සහ මුලතිවු හි සංචාරයක නිරත වූ මා හට දැක ගැනීමට ලැබුණි. තවමත් හමුදාව විසින් වගා බිම්, කඩ සාප්පු, ආපනශාලා, තානායම් සහ පෙර පාසල් පවත්වාගෙන යයි. මම යාපනයේ සිට අල්ලයිපිඩ්ඩි හි පිහිටි 2006 වසරේ ෂෙල් ප්‍රහාරයක් නිසා විනාශ වී ගිය දේවස්ථානයක් නැරඹීමට යමින් සිටියදී මුරපොලක් අසල මා නවතා පොලිස් නිලධාරියෙක් හා හමුදා භටයෙක් මා යන්නේ කොහිද කුමක් සඳහාද ආදී නොයෙක් ප්‍රශ්න අසා සිටියෝය.
එක්සත් ජාතීන්ගේ යෝජනාවෙන් පසුව වුවද යථාර්තය වෙනස් වී නැති බව පෙනේ.
අනාගත අපේක්ෂාවන්
මුලධර්ම වශයෙන් ගෙන බැලු කල ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රනයන් ධනාත්මක වේ. ගැටළු ඇති වන්නේ ක්‍රියාත්මක කිරීමේදීය. මෙම යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කරන්නේ කවුරුන් විසින්ද? ඔවුන් පත් කරන්නේ කෙසේද? ඔවුන්ගේ කාර්යභාරය හා බලතල කවරේද? මෙම ගැටලුවට ලබා දෙන පිළිතුරු අනුව එකී යාන්ත්‍රනයන්ගේ සාර්ථකත්වය තීරණය වේ.
රජය විසින් සියලු පාර්ශවයන්ගේ උපදෙස් ලබා ගන්නා බවට තරයේ කියා සිටියද එසේ ලබා ගන්නා උපදෙස් හෝ අදහස් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවට කිසිදු ඉඟියක් ලබා දී නැත. විශේෂයෙන්ම මෙම අපරාධයන්ට ගොදුරු වූ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වල අය වන බහුතරයක් දමිල ජනතාවගේ අදහස් විමසීම හා ක්‍රියාත්මක කිරීම ගැන සඳහනක් නැත.
එල්.ටි.ටි.ඊ සාමාජිකයින් විසින් සිදු කල දරුණු ගනයේ අපරාධ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම පිළිගත හැකි වුවද, මෙහිදීද අකර්මන්‍යතා ඇති වනු ඇත. ඊට හේතුව මේ වන විටත් රජයේ ඉහල නිල තල දරන එල්.ටි.ටි.ඊ නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යෙන්ම රජය මැලි බවක් දක්වනු ඇති වීමයි.
වසර 15කට පෙර සිදු වූ දමිල ජනතාව සමුල ඝාතනයකට එරෙහිව හමුදා සෙබළෙකුට දඬුවම් නියම වීමත්, මීට වසර 15කට පෙර සිදු වූ දමිල කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කර දුෂණය කිරීමට එරෙහිව දඬුවම් ලබා දීමත් නිසා සාධාරණය ඉටු වීම පිලිබඳ බලාපොරොත්තු දැල්වී ඇත. දමිල පාර්ලිමේන්තු නායකයින් ඝාතනය සම්බන්ධයෙන් හා කාටූන් ශිල්පීන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ නමුත් මේ සියල්ල සලකා බැලිය යුත්තේ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ පවා සවිස්තරව දක්වා ඇති දහස් ගණනක් බරපතල අපරාධයන්ට සාපේක්ෂවයි. බොහෝ අවස්ථාවලදී සිදු වන්නේ ඉහල පුටු වල සහය ඇතිව බොහෝ අපරාධ වලට වග කිව යුත්තන් එකී අපරාධ වල වගකීමෙන් නිදහස් වී කිසිදු දඬුවමක් නොලබා සිටීමයි.
ඇතැම් ඉතාම දරුණු ගනයේ අපරාධ වලට වග කිව යුත්තන් ලෙස චෝදනා ලබා සිටින හමුදාව නිලධාරීන් සමග රජය විසින් නිතර නිතර කරන්න වූ සාකච්ඡා සැබවින්ම විශේෂ අවධානයට ලක් විය යුතුය. යුද්ධයෙන් දිවි ගලවා ගත්තවුනට හා වින්දිතයන්ට (බහුතරයක් දමිල ජනතාව) සාධාරණත්වය ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරනු වෙනුවට රජය විසින් බහුතරයක් වූ සිංහල ජනතාව අස්වසනු පිණිස රජයේ හමුදා ආරක්ෂා කර ගැනීම පිළිබඳව අවධාරණය කරයි. සරලව කිවතොත් ප්‍රතිපත්ති මත පිහිටා නිවැරදි දෙය කිරීමට තරම් රජයට දේශපාලනමය හා ආචාර ධර්මමය දැක්මක් හෝ ධෛර්යක් නැති බව පැහැදිලිය.
මාධ්‍යයන්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් ඇතුළු සියලු දෙනා අවධානය යොමු කර ඇත්තේ අධිකරණ යාන්ත්‍රණයක් පිලිබඳ අන්තර්ජාතික පැතිකඩටයි. එහෙත් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම, වන්දි ලබාදීම, සත්‍ය සෙවීම හා ප්‍රතිසංධානය ඇති කිරීම ආදී ප්‍රයෝගික ක්‍රියාවලීන් තුලින් යුද්ධයෙන් අසරණ වූ පිඩාවට පත් ජනතාවට හා වින්දිතයන්ගේ පවුල් වලට සහන සැලසීමේ වැඩ පිළිවෙලක් පිලිබඳ කිසිවකුගේ අවධානය යොමු වී නැත.
එක්සත් ජාතීන්ගේ වාර්තාවේ ඔස්සේ සිය දුක් ගනිවිලි ඉදිරිපත් කර ඇති අපගේම සහෝදර සහෝදරියන් පිළිබඳව හා අප විසින් එකීනෙකාට සිදු කරගෙන ඇති දේ පිලිබඳව ජනතාවට අවබෝධ කර දීමට පල්ලිය සහ ආගමික නායකයින් උපකාර කල යුතුය. යුධ අපරාධකරුවන් “යුද විරුවන්” හා “ආගම වෙනුවෙන් දිවි පිදුවන්” සේ සලකා නිහඬව කිසිවක් නොකර සිටීමෙන් ඔවුන් වැළකිය යුතුය. ශ්‍රී ලංකාව තුල සමගි සන්ධානය ඇති කිරීමටත් සිදු වූ වේදනාකාරී සිදුවීම් යලි සිදු නොවීමටත් සත්‍ය සෙවීම, යුක්තිය ඉටු කිරීම හා වග වීම වඩා වැදගත් බව ඔවුන් අවධාරණයෙන් කිව යුතුය.
රුකී ප්‍රනාන්දු මානව හිමිකම් ක්‍රියාකාරීකයෙකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නයකයන්ගේ සමුළුවේ නිර්මාණය කිරීමේ කොමිසමේ යුක්තිය,සාමය සහ සම්පුර්ණත්වය පිළිබඳ උපදේශකවරයෙකු වේ. එසේම ඔහු අන්තර්ජාතික කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ආසියා ශාන්තිකර දේවගැතිතුමන්ලාගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.
රුකී ප්‍රනාන්දු
Comments
Post a Comment